Sunday, October 21, 2018

දුශ්ටයෙකුට පන පොවා වීරයෙකු ලෙස සමුගත් ඔහු

ඔයාලට මතක ඇති අපි කලින් post එකකදි ජෝකර් ගැන කතාකලා, ඒ post එක බැලුවෙ නැත්නම් මේක කියවන එක පැත්තකින් තියලා ඒ post එක බලල එන්නකෝ (http://sricomic.blogspot.com/2018/10/joker-prime-earth.html)


ඉතින් අපි අද කතාකරන්න යන්නෙ joker කියන චරිතයට උපරිම සාදාරනයක් කරපු heath ledger
ගැන

ඔයාල බලල ඇති dark knight(2008) 👈තාමත් ඔයා මේ ෆිල්ම් එක බලල නැත්නම් ඔයාට සුපිරිම ෆිල්ම් එකක් මගඇරිලා,
dark knight එකේ ප්‍රදාන චරිතෙ තමයි batman සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලල එලියට එනකොට මිනිස්සු කතාවෙන්නෙ ෆිල්ම් එකේ හිටපු වීරයා ගැන එහෙමත් නැත්නම් ප්‍රදාන චරිතය ගැන ඒ උනාට මේ ෆිල්ම් එක බලල එලියන ආපු මිනිස්සු කතාකලේ batman ගැන නෙවෙයි හැමෝම වගේ කතාකලේ villain ගෙ චරිතෙ ගැන ඒ කියන්නෙ joker ගැන මොකද ජෝකර් ගේ චරිතය ඔහු ඒ තරම්ම තාත්වික විදියට කලා කොයිතරම් තාත්වික විදියට ජෝකර් ෆිල්ම් එකේදි රගපාල තිබුනද කියනවානම් ෆිල්ම් එකේ ඉදපු සමහර නලුවො ඇත්තටම බය උනා ඔහු සමර රගපාන්න

ඔයලට මතක ඇති batman ජෝකර් ගේ මූනට තදින් පහර දෙන අවස්තා ඒ හැම එකක ම ඇත්තටම පහර දීපුවා, ඔහුගේ ඉල්ලම පරිදි තමයි එහෙම කරල තිබුනේ (edit කරලා ගත්තනම් ඒවයේ තාත්වික බව නැතිවෙන්න තිබුනා), heath ledger ජෝකර් ගේ මුහුන දෙපස තිබුන කැලැල් සහ මුහුන වර්ණ ගන්වා තිබුන්නේ ඔහුගේ කැමැත්ත මතයි, ජෝකර් ගේ චරිතය  ඔහුගේ ගෙ ඇගට ගන්න කියලම ඔහු මාසයක් මිනිස්සුන්ගෙන් වෙන්වෙලා ජීවත් වෙලා තිබුනා (තමගේ බිරිද සහ දරුවන් ගෙන් පවා) ඒ මාසය තුල කලේ ඔහු ජෝකර් ගේ චරිතය ගැන ඉගෙන ගනිපු එක ඒ හැම කැපකිරීමක් ම කලේ ජෝකර්ගේ චරිතයට සාදාරනයක් කිරීමේ අරමුණින්
#මුලින්ම heath ledgerට ඕන උනේ batmanට රගපාන්න

ඒත් අවාසනාවකට වගේ ඔහු අද අප සමග නැහැ 😥😥 dark knight ෆිල්ම් එක ඉවර කරල සතියකින් heath අප අතරින් සදහටම සමුගන්නවා, මරණයට හේතුව වශයෙන් සදහන් වෙන්නෙ ඔහු toxic පෙති අදිමාත්‍රාවක් ලබාගැනීමයි හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ඔහු මියගිය පසු ඔහුගේ සහෝදරිය පවසන තෙබුනෙ heath ledger සම්පූර්ණයෙන් වෙනස් වී සිටි බවයි ඔහුගේ කතාවිලාසය,ඔහුගේ සින්හව මේ සියල්ල කලින් ඉදපු heath ledger ගේ නොවන බවයි, බොහෝවිට heath ට මෙසේ සිදුවීටම හේතුව ඔහු රගපාපු ජෝකර් නම් චරිතය විය යුතුබව බොහෝදෙනා කියා සිටිනවා, තවත් සුලුතරක් මේක අබිරහස් ලෙස දකිනවා
# heath රගපෑ චරිතය වෙනුවෙන් ඔහුට Oscar සම්මානයක් පවා හිමිඋනා (නමුත් ඔහු ඒ වන විටත් සමුගෙන අවසන්)
#ඉස්සරහට තවත් joker ලා ඉන්න ෆිල්ම් ඒවි ඒත් මම නම් හිතන්නෙ නෑ heath තරම් හොදට ඒ එන කවුරුවත් ජෝකර් ගේ චරිතයට පන පොවාවි කියලා

heath ledger සමුගත්තේ joker ව පුරාවෘතයක් බවට පත්කරමින්

#Jok3R
@ශ්‍රී COM

No comments:

Post a Comment