Tuesday, October 23, 2018

Flash

Barry Allen (Flash)


*.සත්‍ය නම :- Bartholomew Henry allen (Barry allen)
*. හැඳින්වීම :- The Flash
*.වෙනත් හැඳින්වීම් :-
Black flash
Parallax
Blue lantern

*.නෑයන් :-
henry allen (පියා)
Nora allen (මව)
Malcolm Thawne (සහෝදරයා)
Iris west-allen (බිරිඳ )
Don allen (පුතා)
Dawn allen (දුව)
Bart allen (මුණුබුරා)
Jenni ognats (මිණිබිරිය)
Wally west (මස්සිනා)

*.සහභාගි වූ කණ්ඩායම් :-
 Justice league
Flash family
Blue lantern corps (formerly )
White lantern corps

*. උස 6' 0" ක් වන මොහු 195 lbs (88kg) බරින් යුත් නිල් ඇස් සහිත අයෙකි.

*.Robert Kanigher . Carmine Infantino විසින් නිර්මාණය කරන barry allen චරිතය 1956 october මස නිකුත්වන showcase #4 comic පොත මගින් DC විශ්වයට එක්විය.

*. Barry allen ගේ උපත fallville , lowa හිදී සිදුවී ඇත.

....powers and abilities .....
*.barry allen ට බලයන් ලැබෙන්නෙ speed force එකෙන්. ඒ කියන්නෙ barry ගොඩක් වේගවත් . Barry allen කියන්නෙ වේගවත්ම speedsters ලගෙන් කෙනෙක්. Barryට පුළුවන් වේගය හරහා speed force එකට පවා ඇතුළු වෙන්න. ( speed force එකෙන් පිට වෙලා තියෙන්නෙ කිහිපදෙනක් විතරයි )

*. Barry ගොඩක් speed නිසා reaction වේගය වැඩී. ඒත් ඒකට එකම හේතුව barry ගෙ වේගයම නෙවෙයි. Barry ගෙ සහජ බුද්ධියෙන් barry ට යම්කිසි sense එකක් තියෙනවා අනතුරු පිළිබඳව.

*. Barry ගෙ මනසට පුළුවන් ලොකු ආතතියක් උනත් දරාගන්න . කිසිදු මහන්සියකින් තොරව.

*.barry ගෙ වේගය නිසා මෙයාට ගොඩක් දුර පනින්න පුළුවන්. ඒ වගේම සිරස් ස්ථර වල ගමන් කරන්න. ජලය මත ගමන් කරන්න වගේ වාසි සහගත දේවල් ගොඩක් මෙයා සතුව තියෙනවා.

*. නිතරම barry තමන්ගෙ වේගය පාවිච්චි කරන වෙලාවට speed force aura කියන ශක්තිය barry වටා ක්‍රියා කරනවා. ඒකෙන් barryව ගොඩක් වේගවත් වෙනකොට ඇතිවෙන ආබාධ වලින් ගලවනවා. උදාහරණයක් විදියට කිව්වොත් barry allen , කාලය හරහා අතීතයට එන අවස්ථාවක ඔහුගේ වේගය ආලෝකයේ වේගයට ආසන්න , සමාන හෝ අධික අවස්ථාවක් එනවා. ඒ මොහොතෙ දි barry allenව ශක්තියක් බවට පරිවර්තනය වීම වලක්වන්නෙ මේ speed force aura. ඒ වගේම barry allen බිත්ති හරහා යන අවස්ථාවක quantum tunneling සිද්ධාන්ත වලට පිටින් barryව ගෙනියන්නෙ මෙන්න මේ aura

*. සුවවීමේ වේගය. Barry allenට speed force එක නිසා ලැබෙන වේගය නිසාම barry ගෙ සෛල තවත් වේගවත් වෙන නිසා barryගෙ සුවවීමේ වේගය ගොඩක් වැඩී..

*. Barry ට speed force එකට විතරක් නෙවෙයි. ඕනම මානයකට ඇතුල්වෙන්න පුළුවන්. ඕනම මාන බාධකයක් බිඳ දාන්න පුළුවන්

*.Speed force එකේ මූලිකම දෙය විදුලිය. ඉතින් speedster කෙනෙක්ගෙ බලයත් සමග විදුලිය නිතරම ඇතිවෙනවා. විශේෂයෙන්, වේගවත් අවස්ථාවලදි. ඒ වගේම මේ විදුලිය බාහිරට නිදහස් වෙලා යනවා. පලපුරුදු speedster කෙනෙකුට විතරක් පුළුවන් ඒවා යොදාගෙන පහරදෙන්න . ඒ හැකියාව barry allenට තියෙනවා. .

*. Barry ගෙ මොළය, මතකය පවා වේගවත් වෙනවා. ඒ නිසා දෙයක් හිතන්න barryට මිලි තත්පරයක් වත් ගතවෙන්නෙ නැහැ. ඔහුගෙ මුණුබුරාට එවැනි හැකියාවක් නැහැ. මතක තියාගෙන මොහොතකින් ඒක අමතක වෙනවා.

*.  Barry ට පුළුවන් අත් කර කවමින් හෝ රවුමට දුවමින් සුළිසුළං ඇති කරන්න. ඒ වගේම (විශේෂයෙන් wally west ට) පුළුවන් කිසිම ස්ථරයක් නැතුව හිස් අවකාෂයේ පවා දුවන්න. රික්තයක් තුලින් උනත්.

*. ග්‍රහලෝක අතර ගමන් කරන්න පුළුවන් විවිධ සරල ක්‍රම පවා speed force එකෙන් speedster ලට ලැබෙනවා.

*. Barryට පුළුවන් තම ශරීරයේ පරමාණුක මට්ටමින් වේගයෙන් කම්පනය වෙන්න. ඒ හරහා තමයි barry allenට විවිධ වස්තු හරහා යන්න අවස්ථාවක් ලැබෙන්නෙ.

*. Barry ට කාලය හරහා යන්න පුළුවන් නිසාම ඔහුට පුළුවන් alternative timelines ඇති කරන්න. ( flashpoint සිද්දිය වගේ)

*. මීට අමතරව හොඳ සටන් කිරීමේ හැකියාවක් පසු කාලයෙදි allenට ලැබෙනවා. ඒ වගේම රසායන විද්‍යාව , අපරාධ විද්‍යාව වගේ ගොඩක් දේවල් ගැන barry ට හොඳ දැනුමක් තියෙනවා.


#සීරෝ
@ශ්‍රී COM

No comments:

Post a Comment