Monday, October 22, 2018

Avengers 4 මොනවගේ වේවිද?

මෑත කාලයේදි ගොඩක් කතාබහට ලක්වුන Avengers 3 : Infinity war චිත්‍රපටිය අවසාන වුනේ ලොකු ප්‍රශ්න ගොඩක් වගේම කුතුහලකුත් ඉතුරු කරලා. ඉතින් මේ චිත්‍රපටයෙන් ඇති කරපු ප්‍රශ්න වලට නම් මේ වෙනකොට හැමෝටම උත්තර ලැබිලා ඇති. තවම එහෙම ප්‍රශ්නයක් තියෙනම් ඔයාලා comment section එක පාවිච්චි කරලා ඒගැන අපිට කියන්න. අපි ඒ ගැන ඔයාලට පැහැදිලි කරන්නම් (අවශ්‍ය නම්). ඉතින් Avengers 3 ගැන ඔයාලා දන්නවා නම් ඊළඟ ප්‍රශ්නෙ වෙන්නෙ Avengers 4 මොන වගේ දෙයක් වේවිද කියන එක.. Marvel එකෙන් හැමදාම film spoil වෙන එක අඩු කරගන්න ලොකු වෑයමක් දරනවා. එතින් අපිට තවම official විදියට Avengers 4 ගැන වැඩි දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ.

     Avengers 4 කියන්නෙ තවම untitled ෆිල්ම් එකක්. ඒ වගේම ඒකට fans ලා යෝජනා කරපු titles තියෙනවා. ඒ අතරින් වැඩියෙන්ම ප්‍රසිද්ධ Annihilation  , fallen heroes වගේ titles ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. තව end game වගේ titles ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ post එකෙන් නම් අපි බලාපොරොත්තු වෙන්නෙ Avengers 4 එක හා ඉන් පසුව Marvel universe එක මොන වගේ වේවිද කියලා ඉදිරිපත් වෙලා තියෙන fan theories ටිකක් කතා කරන්න.

           මුලින්ම මම කැමති ලංකාවෙම කොල්ලෙක් කියපු අදහසකට යොමු වෙන්න. මේක Avengers 4 post credit scene එක ගැන ඉදිරිපත් වුන අදහසක්. මෙහෙමයි. කළු ලෝගුවකින් හිස දක්වා ආවරණය වුණ තැනැත්තෙක් ඉන්නවා අභ්‍යවකාශයේ ඒ කෙනාගෙ මුහුණ පේන්නෙ නෑ අඳුර නිසා. ඊට පස්සෙ එතනට එනවා රිදී පාට කෙනෙක් රිදී පාට surf board එකකින් (silver surfer). එයා කියනවා. He is coming for it ( ඔහු ඒක වෙනුවෙන් එනවා). ඊට පස්සෙ ලෝගුව දාගෙන ඉන්න කෙනා ඒක පහත් කරනවා. ඒ කෙනා තමයි ලොකී.  (මේක ඇත්තටම වෙන්න පුළුවන් ලොකී ජීවතුන් අතර නම් . මොකද ලොකී කොමික් වලදිත් surfer එක්ක එකතුවෙලා galactus ට සේවය කරලා තියෙනවා.)
 ඊළඟට මම කියන්න යන්නෙ End game battle එක ගැන. මේ fan theory එක මට අහන්න ලැබුනෙ ඉන්දියාවේ marvel fan කෙනෙක් ගෙන් . ඒත් මම හිතන්නෙ නෑ මේක එයාගෙ අදහසක් කියලා. කොහොම හරි. මේක වෙන්නෙ මෙහෙමයි. Film එකේ අන්තිමට Captain america සහ iron man , captain marvel කියන අය එකතුවෙලා thanos සමග titan වලදි (හෝ පෘථිවියෙදි) සටන් කරනවා. මේ සටනෙදි thanos ගෙ දරුණු පහරක් නිසා captain marvel මේ සටනින් මදකට ඈත් වෙනවා. ඒ අවස්ථාවෙ captain america උත්සාහයක් ගන්නවා gauntlet එක ගලවන්න. එතකොටම thanos , cap ව අල්ලගන්නවා. Power, mind stone දෙකම use කරලා capට thanos පහරදෙනවා. කියන්න ඕන නෑනෙ වෙනදේ. Cap ට ආයෙ නැගිටින්න බැහැ. මේ වෙලාවෙදි ironman  තමන්ගෙ තව අලුත් armor එකක් ගෙන්වනවා. ඒක තමා god killer armor එක. මේක හදන්නෙ කොහොමද කියලා නම් කියලා තිබුනෙ නැහැ. (Fan theory කියන්නෙ ඇත්තටම වෙන දේමයි කියන්න බෑනෙ).  Iron man මේ armor එක use කරලා thanosට පහර දෙනවා. ඒත් gauntlet එකත් එක්ක thanosව පරාද කරන්න බැහැ. ඉතින් එක අවස්ථාවක cap පැනලා gauntlet එක ගලවනවා. ඊට පස්සෙ thanosට ලැබෙන දීමනාව කියන්න ඕන නැහැනෙ. හැබැයි ironman thanosව මරන්නෙ නැහැ. ඉතින් අන්තිම මොහොතෙ thanos , ironman ට ආපහු කිනිස්සකින් අනිනවා. ඊට පස්සෙ iron man ඌව මරලා දානවා. මේකෙන් පස්සෙ ironman , captain america දෙන්නම එකම තැන යාළුවො විදියට මැරෙනවා.  ඒ දෙන්නගෙම අන්තිම හුස්ම එකට වැටෙනවා කියලයි කියන්නෙ.

         ඊළඟට කියන්න යන්නෙ film එකේ post credits හෝ ඊට කලින් තියෙන scene එකක් ගැන. මේකෙදි වෙන්නෙ Avengers හැමෝම එකතුවෙලා ඉන්නෙ පරණ avengers කිහිපදෙනක් එකතුවෙලා අලුත් අයව avengers basement එකට ගෙනියනවා. මෙතනදි thor පෘථිවියෙන් යනවා. Infinity stones අරගෙන යනවා. ඒ වගේම strombreaker එක පෘථිවියෙ තියලා යන්නෙ. යානාවකින් ඒක අරගෙන thor කෙලින්ම black hole එකක් ඇතුලට යනවා stones ටික සඟවන්න ඕන නිසා.  ඉතින් ඊළඟ scene එකේදි අපිට පෙන්නන්නෙ spaceship එකක්. ඒක ඇතුලෙ ඉන්න beta ray bill කියනවා "I need that for save my people"

    මේ වගේ fan theories කියවන එක ගොඩක් විනෝදයි. මම හිතනවා මම ගෙනාපු fan theories ඔයාලා enjoy කලා කියලා. ඉතින් මම කැමති ඔයාල දන්න වෙනත් fan theories දැනගන්න. ඒ නිසා ඒ වගේ ඒවා දන්නවා නම් comment කරගෙන යන්න. Fan theories එකක් දැක්කම " අපෝ.. මෙහෙම වෙන්න බෑ. මේක වැරදී... උඹලා කොහොමද දැක්කා වගේ කියන්නෙ... " වගේ මානසිකත්වයකින් ඉන්නවා නම් මේ වගේ ඒවා හොයලා කියවන්න එපා. මොකද fan theories කියන්නෙ විනෝදය මූලික කරගෙන ඉදිරිපත් වන අදහසක්. ඒක වෙනවාමයි කියන්නෙ නැහැ. වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. ඉතින් ඊළඟ post එකෙන් ඔයාලව හමුවෙන්නම්...

#සීරෝ
@ශ්‍රී COM

No comments:

Post a Comment