Friday, October 19, 2018

Loki Laufeyson

Loki Laufeyson (Earth-616)

*. සත්‍ය නාමය :- loki laufeyson
*.වෙනත් හැඳින්වීම් :-
God of Mischief
God of Evil
Prince of Evil
the Son of Secrets
the Maker of Mischief
the Sly One
the Lord of all Liars
Lie-Smith
Sly-God
Shape-Changer
Wizard of Lies
Loki Trick-Skin
Tso Zhung
Loren Olson
the Trickster of Asgard
Ikol
Serrure
Gem-Keeper
Willie Lawson
Lester
Tyfon
Typhon
Father Williams
Satan

*.නෑයන් :-
Buri (Tiwaz) (හදාගත් පියාගේ සීයා)
Bolthorn (නියම පියාගේ සීයා)
Bor Burison (හදාගත් පියාගේ පියා)
Bestla (හදාගත් පියාගේ මව)
Gaea (නියම පියාගේ මව)
Mimir, Njord ,Cul, Vili, Ve(uncles)
Laufey (පියා)
Farbauti (මව)
Odin borson (හදාගත් පියා)
Frigga (හදාගත් මව)
Sigyn (බිරිඳ )
Byleistr, Helblindi (සහෝදරයන් )
Thor, Balder, Hermod, Vidar, Tyr (හදාගත් පියාගේ පාර්ශ්වයෙන් සහෝදරයන් )
Angela, Laussa  (හදාගත් පියාගේ පාර්ශ්වයෙන් සහෝදරියන්)
Tess Black  (දුව)
Narvi, Váli (පුතාලා )

*. මොහු බොහෝ සටන් සංවිධාන සහ කණ්ඩායම් වල කටයුතු කර ඇති අතර ඒ අතරින් ප්‍රධාන වන්නේ dormammu සමග එකතු වී කටයුතු කිරීමයි.

*.උස 6' 4" ක් වන 525lbs (238kg) ස්කන්ධයක් සහිත කොල පැහැ ඇස් සහ කළු පැහැ කෙස් සහිත loki යනු marvel universe හි earth-616 හි චරිතයකි.

*. මුල්ම සහභාගී වීම 1949 අගෝස්තු මස නිකුත් වූ venus #6 වූ අතර අවසානය 2010 ජුනි මස නිකුත් වූ siege #4 විය.

..... Powers... :-

*. Frost giants කියන්නෙ marvel universe හි ඉතාම බලගතු ජීවීන් පිරිසක්. ඒ වගේම ලොකීව asgard වලට ගෙනගියාම lady frigga ලොකීට මායාවන් උගන්වනවා. තමන්ගෙම පුතා වෙන තෝර් ට වත් උගන් වන්නෙ නැති මායාවන් උගන්වනවා. ඒ වගේම ලොකී තනියම ගොඩක් black magic ඉගෙන ගන්නවා. ඒ වගේම odin force , uru වගේ දේවල් ගොඩක් ලොකී අධ්‍යයනය කරනවා. ලොකී කියන්නෙ  Marvel විශ්වයේ බලගතුම මායාකාරයෙක්. Thor , odin කියන්නෙ ඊට වඩා බලගතු චරිත . ඒකට හේතුව ලොකී වැඩිහිටියෙක් වෙනකොට තමන්ගෙ සත්‍ය බලයට බයවෙන එක. නැත්නම් ලොකී කියන්නෙ dormammu ගෙ මට්ටමටම සම කරන්න පුළුවන් චරිතයක්. (කිසිම බාහිර ආයුධයක් නැතුව)
.
*. ලොකී කියන්නෙ god level එකේ කෙනෙක්. ඉතින් ලොකීට පුළුවන් 50 T පමණ ස්කන්ධය ඔසවන්න. සරලව කිව්වොත් ලොකීටත් පුළුවන් තෝර් වගේම Hulk එක්ක සටන් කරන්න. ලොකීගෙ වෙනස වෙන්නෙ බලයෙන් විතරයි. ඒ වගේම ලොකීගෙ බලයෙන් තමාව වෙනස් කරගෙන 50Tට (50T කියන්නෙ 490000 N ට ආසන්න බලයක්) වැඩි බලයන් යොදපු අවස්ථා පවා තියෙනවා.  වරක් ලොකී එක පහරකින් විශාල ගොඩනැගිල්ලක් බිම දාලා තියෙනවා.

*. ඒ වගේම ලොකීට පුළුවන් තමාගෙ ස්කන්ධය වැඩි කරගන්න. උදාහරණයක් විදියට ප්‍රමාණය වෙනස් නොවී බර වෙනස් වෙනවා වගේ දෙයක් මේ වෙන්නෙ

*. තවත් කිව්වොත් මායා බලයෙන් කරන පහරදීමකට බැහැ ලොකීගෙ උපරිම ශක්තිමත් අවස්ථාවට රිදවන්න. ඒ වගේම තෝර් ගෙ ඉගැන්වීමෙන් ලොකී පුරුදු වෙනවා. Bullets arrows වගේ දේවලින් ගැලවෙන්න.👇👇



*. Healing factor . Lokiගෙ සිරුරට මොනම දෙයකින් හෝ වන හානියක් ඉක්මනින්ම සුව වෙනවා. ඒක ගොඩක් වේගවත් (wolverine , deadpool තරම් නැහැ) . ඒකට හේතුව frost giant blood. ඒ වගේම frigga එවැනි මායාවක් කියාදුන් බවටත් සඳහන් වෙනවා.

*. ලොකී කුඩා කාලයෙදි asgardian කෙනෙක් තරම් බලවත් නැහැ. ඒත් ලොකී තමයි frigga ගෙ කැමතිම පුතා වෙන්නෙ. ඉතින් frigga ලොකීව කොන් වෙන එක නවත්තන්න ලොකීට වැඩි බලයක් ලබාදෙනවා. ඒ වගේම ඒ ගැන ලොකීවත් odinවත් දන්නෙ නැහැ. ලොකී පාලනය කරන මායාවන්. මවන දේවල් , අතුරුදහන් කරන දේවල් කියන්නෙ වෙන මානයක නිර්මාණය වන දේවල් කියලයි සඳහන් වෙන්නෙ. ඒ වගේම ලොකී කරන මවාපෑම් පවතින මාන වලින් පිටතට බලපෑමක් නැහැ.
Invisible womanට බැහැ ලොකීගෙන් සැඟවිලා ඉන්න. ඒ වගේම apocalypse වගේ කෙනෙක් උනත් ඒ තරම් වැදගත් නැහැ ලොකී ඉදිරියේ දි. ඒ වගේම ලොකී celestial technology පවා දන්නවා. Rogue ට ලබාගන්න බැරි බලයක් තමා මේ ලොකීගෙ බලය. ඒ වගේම silver surfer එක්ක එකතු වෙලා galactus වෙනුවෙන් සේවය කරන මොහොතෙ ලොකීගෙ උපරිම බලයන් පැවතුනා කියලා galactus ලොකීට කියනවා.

*. ලොකීගෙ තවත් විශේෂ බලයක් තමයි ලොකීට පුළුවන් මනසින් එක එක දේවල් පාලනය කරන්න. විශේෂයෙන් සමහර අයව පවා. (Mind controlling)

*.lokiට පුළුවන් විශාල මායාවක් එකවර නිදහස් කරන්න (මායා කදම්භයක්)

*. ලොකීට පුළුවන් බලයන්ගෙන් පිරුණු කලාපයන් ඇති කරන්න. Shield එකක්  වගේ සමහරවිට

*. Surtur වගේ බලවත් කෙනෙක්ව පවා රවටන්න පුළුවන් මවාපෑම් බලයක් ලොකීට තියෙනවා.

*. ලොකීට පුළුවන් තමාව ඕන තැනකට teleport කරගන්න. Dr.strange ටත් වඩා වේගවත් ව. ඒ වගේම dimension gate එකක් උනත් පුළුවන්.

*. Telepathy ..
Lokiට පුළුවන් ඕනම කෙනෙක් සමග මනසින් කතා කරන්න. ඕන නම් මේ බලය නිසා ලොකීට පුළුවන් ලොකු පිරිසකට මායවක් මවාපාන්න වැඩි සාර්ථක ත්වයක් සහිතව.

*. ලොකීට පුළුවන් තමාගෙ හැඩය වෙනස් කරගන්න. ඕන නම් සතෙක් විදියට උනත්. ලොකී dormammu ගෙ සිරකුටියෙන් පැනයන්නෙ මේ බලය භාවිතා කරලා. ඒ හිරකුටිය මායා බලයෙන් නිර්මාණය වුන එකක්. ලොකීට පුළුවන් ආත්මයන් පවා පාලනය කරන්න. විශේෂයෙන් තමාගෙ ආත්මය. ලොකී වතාවක් අතීතයට ගිහින් ලොකීගෙ මුල් ස්වරූපය එහෙම නැත්නම් kid loki ව රවට්ටලා මරණවා. ඒ වෙලාවෙ ලොකී තමන්ගෙ හැකියාව භාවිතා කරලා illusion එකකට ලොකීගෙ ආත්මය එකතු කරනවා. මේක ඇත්තටම ගොඩක් බලගතු කෙනෙක්ට විතරක් පුළුවන් දෙයක්. ඒ වගේම මේ කරන දෙයින් යථාර්ථය ට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ. ඒක විශේෂයි. මොකද ලොකී මරණ කෙනාගෙම විශේෂ ස්වරූපයක් නැවත ගෙන්වන නිසා. මේ ගැන වැඩි විස්තර journey into mystery #600 න් පස්සෙ comic books වල වගේම  loki : agent of asgard comic පොත් සෙට් එකේ තියෙනවා.

*. ඒ වගේම ලොකීගෙ මායාවන් ට පුළුවන් තාවකාලිකව ඔහුගෙ ශක්තිය , වේගය වගේ physical abilities වර්ධනය කරන්න. ඒ වගේම සටන් හැකියාව අතින් ලොකී ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

*. Lokiගෙ hidden , mystically powers
    ලොකීට පුළුවන් අජීවී දෙයක් තාවකාලිකව ජීවී කරන්න. Future loki එහෙම නැත්නම් evil god වතාවක්.. Avengers කණ්ඩායම ම මරණයෙන් නැගිට්ටවනවා.
තවත් එයාට පුළුවන් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ට බලයන් ලබාදෙන්න. තාවකාලිකව...
ඒ වගේම මේ වගේ බලයකින් ලොකී වතාවක් deadpool ට ශාපයක් කරනවා .. (ඒක නම් කියවලම බලන්න ඕන 😂🔫. මටත් තවම හොයාගන්න ලැබුනෙ නෑ..)


*. ලොකීගෙ බුද්ධිය. ලොකී කියන්නෙ ගොඩක් intelligent චරිතයක් . තෝර්ට වඩා ලොකී ගොඩක් බුද්ධිමත් ඒ වගේම villain side එකේ බුද්ධිමත් ම කෙනෙක්. ඒවගේම රහස් කලාවන් හැමදෙයක්ම වගේ දන්නවා.

*. Realmes 9ම තියෙන ඕනම භාෂාවක් ලොකීට කතාකරන්න පුළුවන්.. ඒක විශේෂ හැකියාවක්.

*. ලොකී කියන්නෙ strength lvl 50 කඩු සටන් ශිල්පියෙක්. ලොකී ඒකට ගොඩක් දක්ෂයි. ලොකීව ලේසියෙන් කෙනෙකුට කඩු සටනකින් පරදවන්න බෑ..

Weakness 
*. ලොකීගෙ ප්‍රධානම දුර්වලතාවය වෙන්නෙ frigga කියාදෙන මායාවන් asgard වලදි තරම් midgard වලදි බලවත් නැහැ. ඒ නිසා ලොකී asgard වලින් පිටදි එතරම්ම බලගතු නැහැ

*.ලොකීගෙ තවත් දුර්වලතාවයක් නම් ලොකීට මිනිසුන්ව තේරුම් ගන්න බැහැ. ලොකීට thorව පවා තේරුම්ගන්න අමාරුයි . ඒක ලොකීගෙ ලොකු දුර්වලතාවයක්.



*. මේවගේ බලයන් ගොඩක් නිසා ලොකී marvel හි බලගතුම චරිතයක් වෙනවා. ඒත් ලොකී මේ හැම බලයක්ම නැති කරනවා rebirth එකෙන්. Loki තමාවම මරලා මෙහෙම දෙයක් කරන්න හේතුවෙන්නෙ . ලොකී අනාගතය ගැන බයවීම.
ඉතින් එහෙම දෙයක් කලේ නැත්නම් ලොකී කියන්නෙ dormammu lvl එකට සමාන හෝ ඊටත් වැඩි බලයක් සහිත මායාකාරයෙක් .

*. මේ කොච්චර බලයක් තිබුනත් ලොකීට avengers ලා දෙන්නෙක්ගෙ කණ්ඩායමක් පරාද කරන්න බැහැ. ඒ තමයි captain america + ironman ... ඒ දෙන්නගෙ team එකට විරුද්ධව ලොකීට වාසිවෙන එකම බලය වෙන්නෙ strength . මේකට හේතුව lokiට ප්‍රධානවම මේ දෙන්නව පාලනය කරන්න බැහැ. ඒ වගේම ලොකීගෙ illusion වලින් capව රවටන්න අමාරුයි . තවත් කිව්වොත් ironman technology එක ලොකීට එතරම් පුරුදු දෙයක් නෙවෙයි.

#සීරෝ
@ශ්‍රී COM

No comments:

Post a Comment