Thursday, January 24, 2019

Ready Player One .

Ready Player One
.

මේ post එක දාන්නෙ ඉල්ලීමක් කරපු නිසා. ඇත්තටම මේක තනි post එකකින් විස්තර කරන්න අමාරු දෙයක් කොහොම වුනත් ඉතින් දැන් ඒක තමා කරන්නෙ.
2011 වසරේදි ඇමෙරිකානු ජාතික Ernest Cline විසින් රචනා කරන විද්‍යා ප්‍රබන්ධයක් තමා Ready Player One කියන්නෙ. ඉතින් මේ පොත ගැන ලොකු විස්තරයක් කියන්න පුළුවන් . එහෙම වුනොත් ඇත්තටම මේකෙ ඉඩ මදි වෙනවා. ඉතින් අපි පොතෙන් බැහැරව මේ කතාව ගෙනියමු. අවස්ථාවක් ලැබුනොත් ඉදිරිකාලය තුල Sricom තුලින් අපි උත්සාහ කරන්නම් මේ පොත ගැන ලිපි කිහිපයක් ගෙන එන්න. මේ පොතේ තියෙන කතාවට වඩා ටිකක් Film එකේ කතාව වෙනස්. ගොඩක් දුරට වෙනස් සිදුවීම් තමා තියෙන්නෙ. ඒත් සාරාංශයක් විදියට ගත්තොත් නම් එකම කතාව තමයි. හොඳයි එහෙනම් අපි Film එක ගැන බලමු..
2018 දි, Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේකෙ තිර රචණය කරන්නෙ Zak Penn සහ Ernest Cline විසින්. s Tye Sheridan , Olivia Cooke , Ben Mendelsohn , Lena Waithe , T.J. Miller , Simon Pegg , සහ Mark Rylance වැනි බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයෙහි රඟපානවා. Warner Bros. විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක වියදමක් දරමින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 582.2ක box office ආදායමක් උපයනවා.
මේකෙ කතාව සරලවම පැහැදිලි කරනවා නම් 2045 වර්ෂයේදි, ලෝකයේ ජනගහනය වැඩිවීම, ගෝලීය උනුසුම ඉහල යාම, බලශක්ති අර්බුදය , ඉන්ධන හිඟය වගේ ගොඩක් හේතූන් මත මිනිසුන්ගෙ ජීවන චර්‍යාවන් වෙනස් වෙලා යනවා. James Halliday කියන පුද්ගලයා විසින් OASIS කියන Virtual Reality තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩා කලහැකි ක්‍රීඩාවක් නිර්මාණය කිරීමත් සමග ලෝකය පුරාම මිනිසුන් දැඩි ලෙස මේකට ඇබ්බැහි වෙනවා. ඔවුන් සැබෑ ජීවිතයෙ ප්‍රශ්න මග හරින්න මේ ක්‍රීඩාවට පුරුදු වෙනවා. Halliday ගෙ මරණයෙන් පසුව විශේෂ නිවේදනයක් කරනවා මේ OASIS ක්‍රීඩාව තුල සැඟවුනු Easter egg එකක් පිළිබඳ ව ( Easter egg කියන එක මෙතන ලොකුවට විස්තර කරන්න බැහැ. සරලවම කිව්වොත් සැඟවුනු දෙයක් කියලා හිතන්නකො).මේ Easter egg එකට යන්න keys තුනක් ඕන කරනවා. මේ Easter egg එකේ විශේෂත්වයක් තියෙනවා. මේක හොයාගන්න කෙනාට OASIS වල හිමිකාරිත්වය ලැබෙනවා. ඉතින් Nolan Sorrento කියන කෙනාට ඕන වෙනවා මේ OASIS කියන ක්‍රීඩාව පාලනය කරන්න ඒ නිසා ඔහු තමන්ගෙ Company එකට (Innovative Online Industries = IOI) gaunters එහෙම නැත්නම් egg huntersලව වැඩට ගන්නවා. ඉතින් මෙයා මුළු IOI හමුදාවක් ම යොදනවා මේ Easter egg එක හොයන්න.
තමන්ගෙ නැන්දා සමග ඉන්න Wade Watts කියන කොල්ලා විනෝදාංශයක් වශයෙන් කරන්නෙ egg hunt කරන එක.. ඔහු ඒකට ගොඩක් දක්ෂයි. ඔහුගෙ OASIS හි avatar එක Parzival, ඒ වගේම ඔහුගෙ මිතුරෙක් ඉන්නවා OASIS තුල Aech කියලා , ඔහු mechanic කෙනෙක් (game එකට). ඔහුට තවත් මිතුරියක් හමුවෙනවා Art3mis කියලා. මෙයාලා Halliday ගෙ අතීතය ගැන හොයනවා . ඒක අධ්‍යයනයෙන් පළමු සහ දෙවන keys හොයාගන්නවා. ඇත්තටම පලමු key එක Parzival තනියම හොයාගන්නෙ. මෙයාලා දෙවෙනි key එක හොයාගන්න යනවා shining කියන movie එකට.. ඒකෙ තියෙන hotel එකකට එතනට යනකොට මෙයාලගෙ කණ්ඩායමේ පස් දෙනෙක් ඉන්නවා. මෙයාලා OASIS තුල "High Five" ලෙස ප්‍රකට වෙනවා.
OASIS තුල i-R0k කියන නමින් ඉන්න පුද්ගලයෙක් හරහා Sorrento විසින් හොයාගන්නවා Parzival ගෙ ඇත්ත ලෝකෙ විස්තර ඉතින් මෙයා Parzival ට යෝජනා කරනවා IOI වෙත එකතු වෙන්න. ඒත් wade ඒක ප්‍රතික්ෂේප කරනවා. Sorrento තමන්ගෙ ගෝලයෙක් යොදවලා Wade ගෙ නිවස විනාශ කරනවා. Wade ගෙ නැන්දා ඒකෙන් මැරෙනවා. OASIS තුල Art3mis නමින් ඉන්න Samantha Cook කියන කෙනා Wade ව බේරගන්නවා. නමුත් ඉක්මනින් IOI අය මෙයාලව හොයා ගන්නවා . Samantha ඔවුන්ට අහුවෙනවා. ඉතින් High five team එක එකතු වෙලා [Helen (Aech), Toshiro (Daito), and Zhou (Sho)] , Samantha ව බේරගන්න උත්සාහ කරනවා. Samanthaව IOI හරහා OASIS වලට Connect කරනවා. Samantha connect වෙන්නෙ Art3mis විදියට. ඉතින් High five Samanthaව හොයාගන්නවා.
මෙහි තුන් වන key එක ලබා ගැනීමට OASIS තුල තියෙන planet doom හි මාලිගාවක තියෙන Halliday ගෙ ආසම ක්‍රීඩාව play කරන්න වෙනවා. මේක ඉස්සෙල්ලා ම දැනගන්න Sorrento මේ Castle එකේ ආරක්ෂාවට Magic shield එකක් active කරනවා. ඒත් IOI හරහා connect වෙන Art3mis මේ shield එක විනාශ කරනවා. මුළු IOI හමුදාව ම එකතු වෙලා මේ Castle එක ආරක්ෂා කලත් OASIS ක්‍රීඩකයන් එකතුවෙලා මේ Castle එකට පහර දෙනවා. අන්තිමට Sorrento විසින් Cataclyst කියන උපකරණය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා සම්පුර්ණ planet doom මත ඉන්න හැම Avatar එකක්ම විනාශ වෙනවා.(මම මුළු චිත්‍රපටය ම කිව්වෙ නැති වුනාට තව ගොඩක් සිදුවීම් තියෙනවා ඉතින්). Parzival ට ලැබෙන එක විශේෂ කාසියක්. Archive's Curator විසින් දෙන මේ කාසිය දෙන්නෙ පොඩි ඔට්ටුවකට. ඒත් කාසි දහස් ගනන් හුවමාරු වෙන තැනක මේ කාසිය කන්නද?. ඒත් මේ කාසිය නිසා Parzival බේරෙනවා අර bomb එකෙන් මොකද මේ කාසිය extra life එකක්. කොහොම හරි අන්තිමට Parzival තුන්වෙනි key එකත් හොයා ගන්නවා. එතනදි Parzival ට ගිවිසුමක් අත්සන් කරන්න දෙනවා. Parzival මේක ප්‍රතික්ෂේප කරනවා. ඒක තමා Halliday ගෙ අන්තිම පරීක්ෂණය Parzival කියන කෙනාත් තමන්ගෙ වරදම කරන එකක් නැහැ කියන්න. Parzival ට golden egg එකක් වගේම OASIS වල හිමිකාරිත්වය ලැබෙනවා.
ඇත්ත ලෝකයේදි Sorrento එනවා මේ Parzival දිනන එක නවත්වන්න .. ඇත්තටම Parzival ව මරන්න. ඒත් ඊට කලින් ඔහුව අත් අඩංගුවට ගන්නවා . Bomb එකක් සම්බන්ධව (අර Parzival ගෙ ගෙදර සීන් එක). අන්තිමට Parzival ට හිමිකාරිත්වය ලැබෙනවා .. Parzival තීරණය කරනවා High five කණ්ඩායමත් එක්ක එකතු වෙලා OASIS පාලනය කරන්න. ඒ වගේම සතියට දවස් දෙකක් OASIS නැති කරනවා. සාමාන්‍ය ජීවිතයක් තිබිය යුතු නිසා. ඒ වගේම wade , samantha දෙන්නත් එකතු වෙනවා.
ඇත්තටම මෙහෙම කතාව කියන එකවත් review දාන එකවත් ලොකු දෙයක් කියලා මම හිතන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් උනොත් Ready player one පොතේ කතාව ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම predator ගැනත් තව post දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. Now you see me එකත් වැඩි විස්තර හොයාගෙන දාන්නම්. නැත්නම් නිකන් කතාවක් දාන එක තේරුමක් නැහැ.
#Zero
@Sricom

No comments:

Post a Comment