Saturday, October 27, 2018

මන්ත්‍ර යනු ඇත්තක්ද?

ශ්‍රී ලංකාවෙ ඉතිහාසය ගොඩක් ඈතට කතා කරනකොට මතුවෙන දෙයක් තමා යන්ත්‍ර, මන්ත්‍ර , ගුරුකම් කියන්නෙ. මෑත කාලයෙත් මේවා සමහර පරම්පරාවලින් පැවත එනවා. මේ ගැන කතා කරනකොට ඕනම කෙනෙක් කියන්නෙ මේවා ලොකු බොරු කියලා. මොකද අපිත් ඕන තරම් දැකලා තියෙනවා නෙ කට්ටඩියො දාන acting පාරවල් ආවේස වුනා වගේ. මේවගේ acting දැකලා නැත්නම් දේවාලවල උත්සව වලට යන්න. දකින්න ලැබෙයි. ඒත් මම කතා කරන්නෙ මේ අතරින් මන්ත්‍ර කියන කොටස ගැන.


         අපි මුලින්ම මේක අමතක කරමු. අපි මතක් කරමු පිරිත් කියන එක. අපි දන්නවා පිරිතක් හරියට කියන තැනක ඕනම දෙයක් සන්සුන්. ඒ වගේම පිරිත් කියලා වැහි වස්සපු අවස්ථා පවා මෑත කාලයෙත් තියෙනවා. නිරාගමික කෙනෙක් ඕන නම් මේකත් බොරුයි කියයි. ඒත් බටහිර විද්‍යාඥයන් පිරිසක්.  මේ විදියට ආසියාවෙ තැනක පිරිත් දේශනාවකින් ගෙනියපු පිරිත් පැන් පරීක්ෂා කරලා බලනවා. ඒකෙදි එයාලා හොයාගන්නවා මේ පැන්වල . එහෙම නැත්නම් මේ ජල බිඳිති වල අසාමාන්‍ය විදියට ශක්තිය තැන්පත් වෙලා තියෙනවා කියලා. ඉතින්, මේක වුනේ කොහොමද? හාමුදුරුවන් පිරිසක් වචන ටිකක් කියනකොට මේ පැන් වලට මෙහෙම දෙයක් වෙයිද?. ඔව්. ඒක එහෙම තමයි. පිරිතක විශේෂත්වය මොකක්ද? ඒ තමයි තාලය. පිරිතක් කියන අවස්ථාවක විශේෂ තාලයක් , රිද්මයක්, වචන සමූහයක් භාවිත වෙනවා. එහෙනම් යමු ඊළඟ එකට...

          ඔයාලා කවදහරි අහපු සින්දුවක් හිතට හෝ ගතට දැනිලා තියෙනවද? මම කියන්නෙ ඔය නාහෙන් අඬාගෙන කියන මල් සින්ඳු අහලා පොස් වෙන්න අඬන එක නෙවෙයි. මම කියන්නෙ සින්දුවක නියම දේ හිතට දැනුනද?
වචනෙන්ම කිව්වොත් සින්දුවක් හිතට වැදිලා තියෙද? මේ අත්දැකීම අපිට ගොඩක්ම අඩුයි. මොකද ඒ සංගීතය මේ වෙනකොට ලංකාවෙ නැති තරම්. උදාහරණයක් විදියට "අම්මාවරුනේ.. " ගීතය අපි ඇහුවොත්.. ඒකෙන් අපිට දුකක් ඇති වෙනවා. සින්දුව අහනවා කියන්නෙ වචන වලට වඩා සද්දෙන් beat එකක් දාගෙන ඉන්න එක නෙවෙයි. ඒ වගේ ගීතයකින් අපේ ඇසට කඳුලක් එන්නෙ අපිටත් නොදැනිම. ඒක වෙන්නෙ කොහොමද? වචන් ටිකක් තාලයක් නැතුව කිව්වා නම් ඔය දේ වෙයිද? නැහැ. ඒ දෙකම මශ්‍ර වෙලා එන සංගීතය තමයි අපිට මෙහෙම බලපෑමක් කරන්නෙ. ඒක අපිටවත් පාලනය කරන්න බැහැ. ඔයාලට තවත් ඕන නම් හොයලා බලන්න ලංකාවෙ අතීත කතාවල තියෙනවා . සංගීතයෙන් සුව කරපු ලෙඩ රෝග ගැන පවා. කවුරුවත් වැරදියට හිතන්න එපා මේක ලංකාවටම ආවේනික දෙයක් කියලා. අපි හැමෝටම මේක පොදුයි. හොයලා බැලුවොත් එංගලන්තයෙ මේ වගේ දේවල් ගැන වාර්ථා ඇති. හරි අපි කතා කරන්නෙ සිංඳු ගැනවත් පිරිත් ගැනවත් නෙවෙයි නෙ. මන්ත්‍ර ගැන.

           කවදක හරි අහලා තියෙනවද තාලයක් නැති මන්ත්‍රයක්. ඕනම රටක. Harry potter, merlin වගේ fantasy වලින් මේක මනින්න උත්සාහ කරන්න එපා. ඕනම රටක ඕනම මන්ත්‍රක් තාලයකට කියන්නෙ. ඒ වගේම ඒ මන්ත්‍රයට යොදාගන්න දේවල් පාවිච්චි කරන්නෙ මන්ත්‍රය කියන ගමන් මයි. ඒවා උන් බොරුවට කරනවා උනාට ඒවට ආභාශය ආවෙ කොහෙන්ද ? ඒ කියන්නෙ අතීතයෙ ඉඳන් ඕක ටිකෙන් ටික අඩු වෙමින් ඇවිල්ලා.

          මම සංගීතය ගැන කියපු දේ අනුව හිතුවොත් අතීතයට යන්න යන්න අපිට ටිකෙන් ටික පුදුම සහගත දේවල් අහන්න ලැබෙනවා. ඉතින් කාටද කියන්න පුළුවන් අදින් වසර දහස් ගනනකට කලින් මායාව කියලා දෙයක් තිබුනෙ නැහැ කියලා. වෙලා තියෙන්නෙ එක දෙයයි. සාහිත්‍යයේ අතිශයෝක්තිය නිසා ඇත්ත පවා විශ්වාස කරන්න බැරි තරමට විකෘති වෙලා. හරියටම කියනවා නම් ඔළු දහයක රජෙක් හිටියා වගේ . ඒක ගැන පස්සෙ කතා කරන්න පුළුවන්.

         ලංකාවෙ අතීතය කියන්නෙ සිංහලයගෙ ලොකු අතීතයක් නෙවෙයි. ලංකාවෙ ශ්‍රේෂ්ඨ ම යුගයක් තිබුනෙ සිංහලයට කලින්. ඒ කියන්නෙ අපිට කලින්. රාවණ යුගය. ඒත් අසල්වැසි රටට ස්තූති වෙන්න ඒ ඉතිහාසය විකෘති වෙලා. සාක්ෂ්‍ය තිබුනත් පිළිගන්න බැරි තත්වෙකට ඇවිත්. අපේ අය ඒ ඉතිහාසය වහන්න හදන එකෙත් ලොකු පුදුමයක් නැහැ. මොකද සිංහලයා කියන්නෙ රාවණ පරම්පරාවෙ පුරුකක් නෙවෙයි. ඒක වහන්න හදපු අයගෙ පුරුකක්..

#සීරෝ
@ශ්‍රී COM

No comments:

Post a Comment