Sunday, October 14, 2018

Marvel Universe එකේ poisons කියන්නෙ කාටද?

poisons
මම හිතන්නෙ නෑ ගොඩක් අය දන්නවා කියලා.. කමක් නෑ.. මම කියන්න යන්නෙ Marvel Universe එකේ තවත් වැදගත් දෙයක්. (එච්චරම වැදගත් කියන්නත් බෑ) 

මම කියන්න යන්නෙ poisons කියලා දෙයක් ගැන. ඔය පින්තූරෙ ඉන්න ලොකු කටක් තියෙන පොඩි සත්තු තමා poisons කියන්නෙ.. මේක නිර්මාණය වෙන්නෙ 2017 දි Cullen Bunn, Iban Coello කියන දෙන්නගෙ අතින්. මේ poisons කියන්නෙ Symbiotes වගේ පරපෝෂිත ජීවී කොටසක්. මෙයාලා ඇතිවෙන්නෙ poison queen කෙනෙක්ගෙන්.. 
.
මෙයාලට බෑ හැමකෙනෙක්වම ධාරකයෙක් (host) විදියට තියාගන්න. මෙයාලට පුළුවන් සම්බන්ධ වෙන්න symbiote එක්ක.. ඒවගේම symbiote ධාරකයා එක්ක. මේක ස්ථිර බැඳීමක්... සදාකාලික බැඳීමක්. මේ poisons වලට පුළුවන් ඒ ධාරකයගෙ මතකයන්, හැඟීම් වගේම බලයන් පාලනය කරන්න. ඒ වගේම poisons කියන්නෙ symbiote වලට වඩා ගොඩක් powerful . ඒ කියන්නෙ symbiote hero කෙනෙකුට වඩා poison hero කෙනෙක් ගොඩක් powerful . ඒ වගේම symbiote කෙනෙක්ව පාලනය වෙන්නෙ symbiote + host සමබරව .. ඒත් poison අයව පාලනය වෙන්නෙ poison එකෙන් .. කෙලින්ම poison එකෙන්. 
.
මේ poisons ලගෙ උස, බර, ප්රමාණය අවස්ථාවට අනුරූපව වෙනස් වෙන සුළුයි. ඒ වගේම symbiote කෙනෙක් මේ තනි (host කෙනෙක් නැති) poison එකක් touch කලොත් ඒ සැනින් ඒ කෙනා poison කෙනෙක් වෙනවා.. ඒකයි මෙයාලට poison කියන්නෙ. 
.
හරි ඉතින් එහෙනම් මෙයාලගෙ marvel universe එකේ සම්බන්ධය ටිකක් බලන්න පුළුවන්...
Spoiler Alert... 👇👇👇 venomverse comics..
.
මේ හැම දෙයක්ම පටන් ගන්නෙ Earth-17952 එකෙන්.. මේ පෘථිවියෙ symbiote එකත් එක්ක dr.strange එකතුවෙලා ඉන්නෙ. ඒවගේම strange එක්ක තවත් වෙන symbiote වල සම්බන්ධකම් තිබිලා තියෙනවා. තවත් පැහැදිලි කලොත් dr. Strange venom , black panther venom, captain america venom වගේ කිහිපයක් මේ පෘථිවියෙ ඉන්නවා. ඉතින් poisons ලා පහරදෙන්න මේ පෘථිවියට ඒ වෙනකොටත් symbiote doom, sabretooth වගේ කිහිපදෙනක් poison වලට අහුවෙලා ඉන්නෙ.. poison doom තමා leader. ඉතින් මේ සටන ගොඩක් දුරදිග යනවා.. dr.strange (symbiote) තමන්ගෙ බලය පාවිච්චි කරලා විශ්වයන් පුරා පැතිරුණු symbiote වීරයො ගෙන්නනවා.. ඒත් ඒකෙන් වෙන්නෙ poison චරිත වැඩි වෙන එක විතරයි. Strange අන්තිමට ගෙන්නන්නෙ eddi ව.. එහෙම නැත්නම් venomව. ඒත් ඒකත් ලොකු උදව්වක් වෙන්නෙ නැහැ.. ඉතින් අන්තිමට eddi ගෙ අදහසක් මත dr.strange තව කෙනෙක්ව ගෙන්නනවා.. carnage (Marvel එකේ සුපිරිම චරිතයක්) ... Carnage ගැන දන්නවා නම් දැන් තේරෙනවනෙ මෙතන වෙන්න යන දේ. ඔව්.. carnage හදන්නෙ venom සෙට් එකම මරලා දාන්න. ඒත් එතකොටම එතනට poison සෙට් එකක් එනවා.. ඉතින් carnage තමන්ගෙ target එක වෙනස් කරනවා. Carnage කියනවා ඉස්සෙල්ලා poisons සේරම මරලා පස්සෙ symbiote ගැන බලාගන්නම් කියලා. ඊට පස්සෙ venompool ගෙ කැපකිරීමත් , carnage ගෙ සටනත් නිසා මේ සටන දිනනවා.. ඒත් උන් dr.strange ව පැහැර ගන්නවා. Dr.strange poison කෙනෙක්ව හදන්න යන්නෙ ඒත් carnage එක්ක එකතුවෙලා මේ යුද්ධය ම symbiote ලා දිනනවා. 
.
අන්තිමට (post credit සීන් එකක් වගේ)
පරාදවුනු dr. Doom poison එක ගිහින් කතා කරනවා. Poison වල doomටත් වඩා ලොක්කෙක් එක්ක .. ඒතමා poison thanos. ඔය පින්තූරෙ අන්න ඒ scene එක තමා.. මෙතනදි thanos කියනවා. "Thanks to dr.strange and his army, we know there are countless realmes yet to be found And we poisons conquer them all"
.
ඉතින් අනිවාරෙන් තවත් සුපිරිම කොටසක් ඒවි කියලා කියන්න පුළුවන්.. තව දෙයක්.. poison එක්කෙ එකතු වුනාම පෙනුමෙ ලොකු වෙනසක් වෙනවා.. හරියට වීදුරු කෑලි වලින් හැදුන කෙනෙක් වගේ වෙනවා. පින්තූරෙ ඉන්න අය වගේ.. අන්තිමටම කියන්න තියෙන්නෙ post එක ගැන ඔයාලගෙ අදහස comment කරන්න කියලා. ඒ වගේම පුළුවන් හැමෝම මේ Comic series එක කියවන්න...
.
C U
#Zero

3 comments: