Monday, October 15, 2018

Steven grant rogers (earth 616 )

Steven Rogers (Earth-616)
Fictional character (Marvel Universe)
.
*.සත්‍ය නම:- steven Grant Rogers (steve rogers)
*.දැනට හඳුන්වන නාමය :- Captain America
*.මොහුට අන්වර්ථ නාම 31 පමණ ඇත.

Winghead
Shield slinger
The first Avenger
Sentinel of liberty (ලිබර්ටි හී මුරකරුවා)
The living legend (ජීවමාන පුරාවෘත්තය)
Nomad (එඬේරා, සරන්නා)
The captain (නායකයා)
Buck jones
Roger stevens
Yeoman America (ඇමෙරිකාවෙහි සේවකයා)
Crossbones
Expatriate (රටින් පිටුවහල් කල තැනැත්තා)
Brett Hendrick
Nathen Hale
Anthony schwarz
Roger grant
The man without a country (රටක් නොමැති තැනැත්තා)
Man out of time
Lord of the frozen ice
"Blondie"
Granny
The brooklyn project
Weapon l
Super-soldier
"Rembrandt"
Eagle
Subject 223
Spider king
Cap wolf
"Kapitan Amerika"
"The blue Devil"

*.නෑයන් :-

Ian (සීයා , මවගේ පියා)
Joseph rogers (පියා)
Sarah rogers (මව)
lan zola (nomad) ( හදාගන්නා දරුවා)
තවද නම් නොකර මල්ලි කෙනෙකු සහ
නූපන් දරුවකු ඇති බව සඳහන් වේ.
.
*.සම්බන්ධ වූ කණ්ඩායම් සහ සංවිධාන

Avengers (Earth-616)
formerly Strategic Homeland Intervention
Enforcement and Logistics Division (Earth-616)
Avengers Unity Division (Earth-616) (founder)
Illuminati (Earth-616)
Invaders (WWII) (Earth-616) (leader)
United States Army (Earth-616)
Project Rebirth (Earth-616)
Secret Avengers (Black Ops Unit) (Earth-616) (leader)
Captain America Corps (Multiverse)
Secret Avengers (Civil War) (Earth-616)
New Avengers (Earth-616)
Avengers (Heroes Reborn) (Earth-616)
Diamondback (partner)
Demolition-Man (partner)
Secret Defenders (Earth-616)
Nomad (partner)
Falcon (partner)
Rick Jones (partner)
Specialized Unit
Enhanced Soldiers (Earth-616)
Bucky (partner)
Landau
Luckman & Lake (Earth-616)
Redeemers (Earth-616)
.
කණ්ඩායම් 25ක පමණ කටයුතු කර ඇත.

*.රැකියාවන්
  $. වික්‍රමාන්විත සංචාර වල යෙදෙන්නෙක්
  $. ෆෙඩරල් නිලධාරියෙක්
  $. ඔත්තුසේවා නිලධාරියෙක්
  $. හිටපු හමුදා නිලධාරියෙක්
  $. S.H.I.E.L.D. ආයතනය සහ Avengers කණ්ඩායමට සම්බන්ධව කටයුතු කර ඇත.
  $. පොලිස් නිලධාරියෙක්
  $. ගුරුවරයෙක්
.
*. අධ්‍යාපනය 
  $. High school graduate
  $. කලා පාසලේ වසරක අධ්‍යාපනයක්
  $. මූලික හමුදා පුහුණුව
  $.  hand-to-hand combat සඳහා පුද්ගලිකව ටියුෂන් ලැබීම
  $. ජිම්නාස්ටික් පුහුණුව
  $. හමුදා උපායමාර්ග පිළිබඳ පුහුණුව
  $. ගුවන්යානා නියමුවෙකි

*. චරිත ස්වභාවය
   උස 6' 2" ක් හා බර 100kg (220 lbs) වන නිල් ඇස් සහිත පිරිමි අයෙකි.

*.ඇමරිකා එක්සත් ජනපදයෙහි සිදුවන යුද්ධයකදී එය ජයගැනීමට යොදන උපායක් ලෙසින් super soldier serum එක භාවිතයෙන් බිහිවන අපූරු ජීව නිර්මාණයකි මොහු.

*. Marvel Universe හි Earth-616 හි චරිතයක් වන මොහු Manhattan, New York City, New York දී උපත ලැබූවකු වෙයි.

*. Joe Simon, Jack Kirby දෙදෙනා නිර්මාණය කරන මෙම චරිතය 1941 මාර්තු මස එලිදක්වන captain america comics #1 මගින් පළමුව එලිදැක්වීය.
 
*. Powers...
.
බුද්ධිය :- 3
ශක්තිය :- 3
වේගය :- 2
ශක්තිය නිදහස් කිරීම :- 1
සටන් කුසලතා :- 6
.
Super soldier serum [S.S.S.] එකෙන් steve rogers කියන සාමාන්‍ය පුද්ගලයගෙ ශරීරය වෙනස් කරනවා. හරියටම කිව්වොත් සම්පූර්ණ කරනවා. සම්පූර්ණ මිනිසෙක් නිර්මාණය කරනවා.

Rogersට කිසිම සුපිරි බලයක් නැහැ. කිසිම විශේෂ සුපිරි බලයක්. එයාව අසම්පූර්ණ මිනිසෙකුගෙන් සම්පූර්ණ කෙනෙක් බවට පත් කරන්නෙ SSS එක මගින්. Rogersට තියෙන හැම හැකියාවක්ම හැම බලයක්ම මානව පරිණාමයේ එක අනාගත පුරුකක් පෙන්වනවා කිව්වොත් හරි. Dr. Keith Kincaid සිද්ධාන්තිකව කියනවා rogers ගෙ සිරුරෙ තවත් SSS යම් ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා නැවත rogers weak උනොත් ඒක ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.
.
[]ශක්තිය
මොහු සාමාන්‍ය මනුෂ්‍ය මට්ටමට වඩා දියුණු මට්ටමක ඉන්න මනුෂ්‍යයෙක් නිසා මොහුගෙ ශක්තිය වර්තමානයේ අපිට දකින්න ලැබෙන මිනිසෙකුට වඩා වැඩියි. මොහුට පුළුවන්
800 lbs (363 kg) ක පමණ ස්කන්ධයක් ඔසවාගෙන ඉන්න. ඉතින් මේ හැකියාව, මේ ස්කන්ධය වෙනුවෙන් යොදන බලය ඔහුගේ දෙපය ආදාරයෙන් යෙදුවහොත් දිවීමේ ආරම්බයක් සහිතව අඩි 20ක් (6m) පමණ පිම්මක් පනින්න පුළුවන්. ඒ වගේම එකම තැන සිට අඩි 10ක (3m) පමණ පිම්මක් පනින්න පුළුවන් වගේම වැඩි බලයක් යෙදුවොත් මේ පිම්ම 10m දක්වා වුනත් වැඩි කරගන්න පුළුවන්.
[]වේගය
මොහුට පුළුවන් 1 mile ක දුරක් මිනිත්තුවේදී දුවන්න. සාමාන්‍ය දුවන වේගය පැයට කිලෝමීටර් 48ක් පමණ වෙනවා.



[]දරාගැනීමේ හැකියාව
Rogers කියන්නෙ SSS නැතුව පවා ගොඩක් ලොකු දරාගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක් ඉතින් Captain America කියන කොට මෙයාට ගොඩක් ලොකු දරාගැනීමේ හැකියාවක් තියෙනවා. තවත් කිව්වොත් ඕනම දෙයක් (වේදනාවක් වුනත්) ගොඩක් වෙලා දරාගෙන සිටීමේ හැකියාවක් rogers ට තියෙනවා.

[]කඩිසර බව
Rogers කියන්නෙ ඕනම දෙයක් වේගයෙන් ඉක්මනට කරන කෙනෙක්. ඒකට හේතුව rogers ගොඩක් ඉවසිලිවන්ත කෙනෙක් වීම. ඉතින් rogers මේ විදියට ඉවසිලිවන්තව නිවැරදිව කරන වැඩක් ඕන කෙනෙක් දකින්නෙ ගොඩක් කඩිසර විදියට.

[] ප්‍රතිචාර දැක්වීම
20kph ක වේගයකින් rogers ඕනම දෙයකට ප්‍රතිචාර දක්වනවා. මේ හේතුව නිසා steve rogers ට ඕනම bullet ප්‍රමාණයකින් ගැලවෙන්න පුළුවන්. වෙඩික්කරුවො කීයක් හිටියත් steveට ඒ අය අතරින් ගැලවෙන්න පුළුවන්. මේක අවස්ථාවට අනුරූපව වෙනස් වෙන්න පුළුවන්. (වැරදියට වටහා ගන්න එපා මෙයා ගොඩක් speed කියලා. Speedster කෙනෙක් වගේ)

[]රසායන ද්‍රව්‍ය හමුවේ ශරීර ක්‍රියාකාරිත්වය
මෙයාගෙ ඇඟ ඇතුලෙ SSS තියෙන නිසා මෙයාගෙ ශරීරයට ඇතුළුවෙන ගොඩක් රසායන ද්‍රව්‍ය වලින් බලපෑමක් නැහැ. විශේෂයෙන් සිහි නැති කරවන බෙහෙත් කිසිම දෙයක් මෙයා හමුවෙ වැඩ කරන්නෙ නැහැ.

[]සුවවීමේ හැකියාව
Rogers කියන්නෙ උපරිම මට්ටමේ මනුෂ්‍යයෙක් නිසා මෙයාගෙ සුවවීම මනුෂ්‍ය මට්ටමේ උපරිම තත්වය. මෙයාව ඇල්කොහොල් වලින් මත් වෙන එකත් අපහසු දෙයක්.

[] මානසික ක්‍රියාකාරිත්වය
Rogers ගෙ මානසික ක්‍රියාකාරිත්වය ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. ප්‍රශ්න විසඳන්න, දේවල් හඳුන ගන්න, වගේ දේවල් ගොඩක් පහසුවෙන් පුළුවන්. ඒ වගේම steve ගෙ මතකය unlimited කියලා තමයි කියවෙන්නෙ. දේවල් වේගයෙන් ඉගෙනගන්නත් මෙයාට පුළුවන්. වේගයෙන් කියවන්න , ලියන්න වගේ ගොඩක් හැකියාවන් අතරම වේගයෙන් කියවමින් මතක තබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා.

[] සැලසුම්කරණය
සැලසුම් නිර්මාණය කිරීමට දක්ෂම කෙනෙක් තමා rogers කියන්නෙ . ඒ වගේම කණ්ඩායමක් හසුරුවන ආකාරය පිළිබඳ ඉහලම දැනුමක් තියෙන කෙනෙක්.

[] සටන් කලා පුහුණුව 
මුහුණට මුහුණ සටන් කිරීමේ ප්‍රවීණයෙක් තමා මේ Steve . ඒ වගේම මෙයා ගොඩක් සටන්කලාවන් හොඳින් ඉගෙනගනිපු කෙනෙක්.

[] පළිහ පරිහරනය
ඔහු පුහුණුවීම් වල සිටම පාවිච්චි කරන පළිහ ඔහුට ඉතාම හොඳින් හුරු වෙනවා. කොතරම්ද කිව්වොත් ශරීර අංගයක් තරමටම..ඉතින් පළිහ පරිහරණයේ ප්‍රවීණයෙක් තමා මේ rogers කියන්නෙ

[] හමුදා පුහුණුව 
දඩයම් කිරීම , ඝාතනයන් කිරීම, ගැලවීමේ කලාවන් වගේ ගොඩක් හමුදා පුහුණුවේ අංග හැම එකක්ම හොඳින්ම ප්‍රගුණ කරපු කෙනෙක්. සලකුණු ඔස්සේ හඹායාම, සිතියම් සලකුණු කිරීම, සිතියම් කියවීම, පිහිනීම, කඳු නැගීම, රහස් සංඛේත භාවිතය, රහස් භාෂා දැන සිටීම, වැනි ගොඩක් හැකියාවන් වගේම හමුදාවට සම්බන්ධ තාක්ෂණික උපකරණ පිළිබඳ පවා හොඳම දැනුමක් ලබාගන්න කෙනෙක් තමයි මේ rogers කියන්නෙ.

[] කටු සටහන් ඇඳීමේ හැකියාව.
ඔහුගේ කුඩාකල හැකියාවක් තමා චිත්‍ර ඇඳීම. ඔහුගෙ වර්ධනයත් සමග මේ හැකියාව වැඩි දියුණු වෙනවා. ඒ වගේම ඔහුගෙ එක් විනෝදාංශයක් තමයි චිත්‍ර ඇඳීම

[] අවි ආයුධ භාවිතය 
ඔහුට පුළුවන් ඕනම ආයුධයකින් ඉලක්කයටම පහරදෙන්න (ඕනෑම ආයුධයකින්)

[] කඩු සටන් කිරීමේ හැකියාව.
කඩු භාවිතයෙන් සටන් කිරීමට ඔහු කෙතරම් දක්ෂ වුවත් ඔහුගේ වැඩි කැමැත්ත තම පළිහ සමගින් සටන් කිරීමයි.

[] Hacking skills
කාලයත් සමග Rogers හැමදෙයක්ම ඉගෙනගෙන පසු කාලයක ගොඩක් ලොකු තාක්ෂණික දැනුමක් තමන් සතු කරගන්නවා. ඔහුට බොහෝ පරිගනක පහසුවෙන් Hack කිරීමේ හැකියාවක් ලැබෙනවා.

[] භාෂා 
ඔහුට English, German, Russian, Spanish, Japanese, french ,italian වගේම තවත් රහස් භාෂා වගේම ගොඩක් භාෂාවල දැනුමක් තියෙනවා.

[] ධාවනය කිරීමේ හැකියාව
ඔහුට පුළුවන් cars, motorcycles, trucks, jets, tankers, helicopters, motorboats, submarines වගේම සමහරක් trains පවා ඔහුට පදවන්න පුළුවන්

#සීරෝ
@ශ්‍රීCOM

5 comments: