Monday, November 12, 2018

කාල තරණය

Film එකක් game එකක් එහෙමත් නැත්නම් tvseries එකක් mind blowing විදියට නිර්මාණය කරනවා නම් ඒකට හොඳම පොටක් තමා මේ කාල තරණය කියන්නෙ. ඉතින් මම දැන් කියන්න යන්නෙ මේ කාලතරණය පිළිබඳ සෛද්ධාන්තික දේවල් ටිකක්.. කාල තරණය ඇත්තටම පුළුවන්ද බැරිද .. මේක බොහෝ විද්‍යාඥයන් අතර පවතින ප්‍රශ්නයක් .. මුලින්ම මම පොඩි උදාහරණයකින් පටන් ගන්නම්..

අපි හිතමු.. එකිනෙකාට මීටර් 5ක් දුරින් දෙන්නෙක් ඉන්නවා කියලා. මේ දෙන්නා A සහ B කියමු. Aගෙ අතේ තියෙනවා වීදුරු බෝලයක්. B කියන්නෙ flash/quicksilver වගේ speedster කෙනෙක්.. ඉතින් මේ A කියන කෙනාට අපි කියනවා වීදුරු බෝලය උඩ දාන්න කියලා. අපි ඒ මොහොතෙම B ට කියනවා ඒ වීදුරු බෝලය අල්ලන්න කියලා.. B කියන කෙනා යම් කිසි වේගයකින් ගිහින් මේ බෝලය අල්ලගන්නවා. අපි සියුම් කැමරාවක් ආධාරයෙන් B විසින් වීදුරු බෝලය ස්පර්ශ කරන මොහොතේ ඡායාරූපයක් ගන්නවා. අපි මේ දේ නැවත නැවත කරනවා.. ඒ හැම වතාවකම Bගේ වේගය වැඩි කරනවා. ඉතින් මේ හැම වෙලාවකම අපි ගනිපු ඡායාරූප පිළිවෙලට තියලා අපි බැලුවොත්... මොකක් අපිට පෙනෙයිද?
.
අපිට පේනවා මේ සිදුවීම ටිකෙන් ටික මුල් අවස්ථාවට ආසන්න වෙනවා. යම්කිසි මොහොතක B කියන කෙනා ආලෝකයේ ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයක් ලබාගන්නා මොහොතෙදි Aගෙ අතින් වීදුරු බෝලය පිටවන විටම B ඒක අල්ලා ගන්නවා...ඉතින් මොකක් වේවිද B තවත් වේගය වැඩි කරලා.. ආලෝකයේ ප්‍රවේගයටත් වැඩි ප්‍රවේගයකින් ගියොත්..?
මම ඒ ගැන මුකුත් කියන්නෙ නැහැ. ඒ ගැන හිතන එක ඔබට බාරයි.
.
Albert Einstein විසින් ඔප්පු කරලා පෙන්වනවා ආලෝකයේ වේගයට වඩා වේගයෙන් චලනය වන පදාර්ථයක් පවතින්න බැහැ කියලා. ඉතින් කාල තරණය පුළුවන් කියන්න නම් මුලින් විද්‍යාඥයන් විසින් මේ Einstein ගෙ සිද්ධාන්තය බිඳ දමන්න ඕන.. කියන්න සතුටුයි අදටත් නිල වශයෙන් ඒ සිද්ධාන්තය බිඳ හෙලා නැහැ. ඒත් මෑත කාලයේ කටකතා තිබුනා.. විද්‍යාඥයන් එවැනි අංශුවක් සාර්ථකව අත් හදා බැලුවා කියලා. මේවා හුදෙක්ම කටකතා වෙන්නත් පුළුවන්. නැත්නම් මේ තාක්ෂණය සැඟවීමට කවුරු හෝ උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්..

            හොඳයි. කාල තරණය ගැන ගොඩක් කතා කලා.. ඇත්තටම දවසක මිනිසුන්ට කාලතරණය කරන්න පුළුවන් වෙයිද?.. ඒක නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තමයි..

        කාලය හරහා අතීතයට යනවා  කියන්නෙ අපි බලපු film එකක් නැවත replay කරලා බලනවා වගේ දෙයක්.. ඉතින් අපි මේ කරන හැම දෙයක්ම අපි හිතන හැම දෙයක්ම . අපිකතා කරන වචන පවා එතකොට කොහෙද save වෙලා තියෙන්නෙ? මේක ටිකක් විකාරයි වගේ තමා . ඒත් තර්කානුකූලව බැලුවොත් එහෙම වෙන්න ඕන නේද?

            කාලය හරහා අනාගතයට යන්න පුළුවන් නම් අපි දන්න හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒකට හේතුව අපිට කාලය හරහා යන්න පුළුවන් උපරිම අනාගතය වෙන්නෙ මේ වෙනකොට සිදුවෙමින් පවතින දේ. ඒ කියන්නෙ වර්තමානයට. ඉතින් ඇත්තටම කවුරු හරි අනාගතයට ගියොත්, ඒකෙන් කියවෙන්නෙ අපි ඉන්නෙ අතීතයක කියන එක. නැත්නම් සුරංගනා කතාවල වගේ මේක කලින්ම සැලසුම් කල රටාවක් වෙන්න ඕන. ඒත් එහෙම නැහැ. අපි ගන්න හැම පොඩි තීරණයකින්ම තමා අනාගතය තීරණය වෙන්නෙ. ඉතින් අනාගතයට යනවා කියන එක නම් ටිකක් අතාත්ත්විකයි. එහෙම නේද?. හැබැයි අතීතයට ඇවිත් වර්තමානයට යන්න නම් පුළුවන් වෙයි.

           අපි මේ කාල තරණය හා සම්බන්ධ තව දෙයක් කතා කරමු. Timelines . මේක ඉතින් ගොඩක් අය දන්න දෙයක් නෙ.  අපි මෙහෙම හිතමු. කෙනෙක් අතීතයට timetravel කරලා එයා යම්කිසි තැනක නැවතිලා මොකක් හරි දෙයක් වෙනස් කලොත්. ඒ කියන්නෙ අනාගතයන් දෙකක් ඇති වෙනවා. සමාන්තර අනාගතයන් දෙකක්. අපි හිතමු ඔහු නැවතත් වර්තමානයට එනවා කියලා. ඔහු එන්න ඕන ඔහු පිටත් වූ මොහොතේ හෝ ඊට පසු මොහොතක. ඊට පෙර මොහොතක ඔහු නැවත ආවොත් ආපහු සැරයක් තවත් වෙනස් timeline එකක් නිර්මාණය වෙනවා. අපි මේකම තවත් හිතුවොත් කෙනෙක් 10:38 ට timetravel ආරම්භ කරලා අතීතයට ගිහින් 10:40 ට නැවත ආවා කියලා හිතුවොත් මිනිත්තු දෙකක කාලයක් ඔහුව reality එකේ නැහැ. ඔහුව කිසිම විදියකින් ඒ මොහොතෙ ඉඳලා නැහැ. ඒක වෙන්න පුළුවන්ද ?

              Timetravel ගැන කතා කරනවා නම් predestination ගැන කතා නොකර බැහැ. Predestination චිත්‍රපටය හැමෝම බලලා ඇති කියලා හිතනවා. බලලා නැත්නම් අනිවාරෙන් බලන්න. මේක කියවන්න කලින් ඒක බලලා ඉන්න. ඉතින් predestination චිත්‍රපටයෙහි පෙන්නන චරිතය. තමා උපදින්නෙ තමා තමා සමගම එකතු වීමෙන්. තවත් පැහැදිලි කලොත් තමන්ගෙ දෙමාපියන් තමා මයි. මේක වෙන්න පුළුවන්ද ?  ඔව්. Timetravel කරන්න පුළුවන් නම් මේක වෙන්න පුළුවන්. ඒත් මම තව දෙයක් අහන්නම් . මේකෙ ඇත්තටම මුලින්ම වුන සිදුවීම මොකක්ද? අනාගතයෙන් කෙනෙක් කාලය හරහා අතීතයට ආවත් මේක වෙන්න බැහැ.  එහෙනම් කොතනද මේ සිදුවීමේ ආරම්භයට හේතුව. මම කියනවා පුළුවන් නම් හිතන්න මෙහෙම දෙයක් වෙන්න මූලිකම වුණ හේතුව මොකක්ද ?. ඒ තමයි සිතුවිල්ල . මෙහෙම කරලා බලන්න ඕන කියලා කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් නිසා මෙහෙම වෙන්න පුළුවන්.. මිනිස් සිත කියන්නෙ මහා බලගතු වගේම පුදුමාකාර දෙයක්.

         එකම පුද්ගලයා ගෙ කාලයන් කිහිපයක සිරුරු  එක පොදු කාලයකට පැමිණියොත් මොකක් වෙයිද? මේකට නම් ගොඩක් බරපතළ උත්තර තියෙයි. ඒත් ඇත්තටම මේක නම් ගොඩක් භයානක තත්වයක්. මොකද මේ නිසා reality (යතාර්ථය) තුල ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා . මොකද යතාර්ථය තුල පවතින ජීවයට එහා ජීවයක් පවතින නිසා. මේක එතරම්ම හොඳ තත්වයක් නෙවෙයි. මේක තුලිත කරගන්න ස්වභාවිකව යථාර්ථයෙන් පිළියම් යොදාගනීවි. එතකොට වෙන්නෙ ගොඩක් භයානක දේවල්. පොඩ්ඩක් හිතුවොත් මම කියන දේ හරියටම තේරෙයි .

                       කාල තරණය කරන තව විදියක් තියෙනවා . ඒකෙන් පුළුවන් අනාගතයට යන්න. හැබැයි ආපහු එන්න බැහැ. ඒක තමයි. ශිශිර නින්ද . අපිව  එකම වයසෙන් විශාල කාලයක් නින්දක තියන්න පුළුවන් නම් ඒකෙන් පුළුවන් අපිව නැවත අවදිවන කාලයක් දක්වා අනාගතයට යවන්න. මේක ඇත්තටම අත්හදා බලන පරීක්ෂණයක්. සීතල මගින් ඇත්තටම මේ වගේ නින්දක අපිව තියාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේකට හේතුව සමහර සතුන් සීතල නිසා නින්දකට යොමුවී නැවත සාමාන්‍ය ලෙසටම පැමිණීම. මේ ගැන වැඩි විස්තර ඕන නම් Google එකේ බලන්න. පුළුවන් උනොත් පසුවට මේ ගැනත් post එකක් ගේන්නම්..
         
         කාල තරණය කියන්නෙ මේ වගේ පොඩි post එකකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.  ඉතින් මේ ගැන අලුත් දේවල් අපි තව කතා කරමු... පසුවට..
.
#Zero
@Sricom

No comments:

Post a Comment