Wednesday, October 24, 2018

infinity stones

මන් කියන්න හිතුවෙ infinity stones ගැන...

ඕ කේ....
මුලින්ම බලමු මේ infinity stones පාවිච්චි කරපු අය....
Celestials
Eson the searcher asgardians
Odin
Thor
Loki
HYDRA
johann schmidt
Arnim zola
Wolfgang von strucker
S.H.I.E.L.D.
Erik selvig
Dark elves
Malekith
Jane forster
Ronan the accuser
Starlord
Carina
Tony stark
Bruce banner
Ultron
Vision
masters of the mystic arts
Agamotto
Doctor strange
Thanos
.
.
Infinity stones කියන්නෙ අතිශයින්ම බලගතු, විශ්වයේ කිසියම් අංගයක් හා බැඳුනු පාෂාන හයක්. මේවා නිර්මානය වෙලා තියෙන්නෙ අන්තරීක්ෂ වස්තු ටිකක් නිසා(cosmic entities) . මේ පාෂාන හයට තියෙනවා එක් එක් අනන්‍යය අද්විතීය හැකියාවන්. ඒ අවුරුදු මිලියන ගානකට කලින් ඉඳපු අය එකතු කරපු, වැඩිදියුණු කරපුහැකියාවන්.
.
.
මේ පාෂාන දරන්න පුළුවන් අතිශයින්ම බලගතු අයට විතරයි.හරියට සෙලෙස්ටියල් අය අර බෝලයක් පාවිච්චි කරලා එක එක දේවල් කරනවා වගේ.(ඒ scenes එක නොදන්න උන් gaurdians of the galaxy ආපහු බලපන්....)
ගොඩක් මායාකාරයන්ටයි සෙලෙස්ටියල් දෙමුහුන් ඩයල් වලටයි මේ පාෂාන පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. සමහර අයට (බලයක් නැති පොඩි උන්ට) බැහැ මේ පාෂාන වල බලය තේරුම් ගන්න. ඒ නිසා ඒ අයගෙ ඍජු බැඳීමකින් විනාශයක් වෙනවා. ඊතර් එක නිසා jane forster ලෙඩ වුනා මතකද?
Red skull අතුරුදහන් වෙලා තියෙනවා ටෙසරැක්ට් එක නිසා.
ඒ නිසා මේවට ආවරණ හදලා තියෙනවා. මේ ආවරණය තියෙන්නෙ අවශ්‍ය වෙලාවට බලය පාලනය කරන්න පුළුවන් වෙන්න. මතකනෙ strange ලස්සනට eye of agamotto එක පාවිච්චි කලා ....
.
.
Infinity gems නෙවෙයි මේවගෙ ඇත්ත නම (නෑ නෑ මට පිස්සු නෑ...) මේවගෙ ඇත්ත නම soul stones (නෑ නෑ මම soul stone එක නිසා පැටලිලා නෙවෙයි.) . පස්සෙ කාලෙක තමයි මේවා infinity stones උනේ. මේ gem හයම තියෙන එකා සර්ව බලධාරී වෙනවා..
Infinity gems ඇත්තටම හයක් නෙවෙයි අටක් තියෙනවා (නෑ නෑ මට ඇත්තටම සයිකො නෙවෙයි.).
ප්‍රාථමික gems
Mind stone
Soul stone
Space stone
Reality stone
Time stone
Power stone
..
.
..
කතාවලයි , crossover වලයි තියෙනවා තව ඒවා (මතක හැටියට ego, rhythm, build)
(සැක නම් හොයලා බලපන්)
M.C.U. එකේ පළවෙනි phase තුනේ තමයි මේවට කැපීපෙනෙන තැනක් වගේම infinity gems කියන නමත් තියෙන්නෙ.....
.
මේ soul gems ( ඔව් ඔව් infinity ටික තමා) මුලින්ම තිබුනෙ " THE POWER OF THE WARLOCK" එකේ. හයම එකට පලවෙනි පාර තිබුනෙ "thanos war" series එකේ "avengers" එකෙයි "marvel two in one" එකෙයි.තානෝස් කාරයා මේ ජෙම් හයේම බලයන් එක ලොකු එකකට (ලොකු gem එකකට) එකතු කලා විශ්වයෙ තියෙන හැම තාරකාවක්ම විනාශ කරන්න. ( නිවන්න කියලා හිතහන්කො.....පුළුවන් උනොත් ඒ scene එකේ පෝස්ට් එහෙකුත් දාන්නම්)
.
Silver surfer ගෙ තුන්වෙනි volume එකේදි silver surfer පලවෙනි පාරට මේ gem සෙට් එක SOUL gems කියලා හඳුන්වා දෙනවා. ගැලැක්ටස් ගෙ බලය නැති කරලා පරණ තිබුණු විදිහටම විශ්වය ආපහු හදන්න හිතපු විශ්වයෙ ආදි කාලෙ හිටිය අය තමයි මේවා එකතු කරලා තියෙන්නෙ.
.
.
ගැලැක්ටස් කියන්නෙ කලින් විශ්වයේ හිටපු අන්තිමයා. නැත්නම් marvel universe එකේ පළවෙනියා. මේක silver surfer නැවැත්තුවා. මේකෙන් පරණ අය ටිකකුයි මැනික් (SOUL stones තමා) ටිකකුයි කළු කුහරෙකට වැටුනා. අනිත් අයගෙන් කොටසක් ගැලැක්ටස් ගෙ භෝජන වුනා. හැබැයි ඉස්සරහට ආපු කොමික් වල ගැලැක්ටස් ව හිරකරලා තියෙන්නෙත් ඔය පරණ අයම තමයි..(ඒකත් පුළුවන් උනොත් දාන්නම්.)
(තා චුට්ටක් කියන්නම්) silver surfer, Mr.fantastic (අර ඇදෙන එකා රීඩ් ද කොහෙද නම), invisible woman (සූසන් දන්නවනෙ)සෙට් එක අර කළු කුහරෙට රින්ගනවා.. gem හොයන්න. Soul gems නිසා invisible womanගෙ ඒකිය්න්නෙ සූසන් අක්කගෙ භයානක ස්වරූපය (hulk වගේ scene එකක් ඒක. පුළුවන් උනොත් ඒකත් දාන්නම්) malice persona එනවා. පස්සෙ ඉතින් කස්ටියම එකට්ගු වෙලා එයාව මෙල්ල කරනවා. අර soul gem පාවිච්චි කරලා galactus ගෙ ඇතුලෙ හිරවුනු අයව බේර ගන්නවා. හැබැයි ඉතින් ඒ පරණ සෙට් එක උන්ගෙ අයිතියක් වුන gems ටික ඔක්කොම ආපහු ගන්නවා.
.
"The thanos quest" series එකේ (ඒක නම් හරියට මතක නෑ) තානෝස් තමයි soul gems ටික infinity gems කියලා හඳුන්වන්නෙ......( ඒක නම් ෂුවර් නැහැ.)
.
stones ගැන තා චුට්ටක් කියන්නම්
(මට මතක හැටියට කියන්නම්)
Name :- space stone
ටෙසරැක්ට් එකේ තියෙන්නෙ....
දැනට ලොකී ගාව වෙන්න ඕන....
මේකෙන් ටෙලිපෝටර් වගේ පවර් එකක් තමා තියෙන්නෙ.....
.
Name:- Time stone
eye of the agamotto එකේ තියෙන්නෙ...
ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගාව තමයි මේක
මේකෙන් කාලය පාලනය කරන්න පුළුවන්

Name:- reality stone
ඊතර් එකේ තියෙන්නෙ....
දැනට collector ගාව වෙන්ට ඕන..
මේකෙන් මම දන්න තරමින් දේවල් වෙනස් කරන්න පුළුවන්...

Name:-power stone
දැනට තියෙන්නෙ නෝවා කොප්ස්ලා ගාව
අර ඒක දාපු බෝලෙට කියන නම නම් මතක නැහැ
Orb ද කොහෙද sure නෑ.
ඒකෙන් ශක්තිය පිටකරන්න පුළුවන්....මං හිතන්නෙ

Name:- mind stone
ලොකීගෙ යශ්ටියෙ තිබුනෙ....
දැන්නම් ඉතින් විෂන් ගාව නේහ්......
මේකෙන් පුලුවන් මනස පාලනය කරන්න

Name :- Soul stone
මේක ගැන ගොඩක් අය දන්නෙ නෑ....
මට මතක හැටියට මේක heimdil(නම වැරදි ඇති අර අස්ගාර්ඩ් වල බයිෆ්‍රොස්ට් එකේ ඉන්න කළු එකා) ගාව වෙන්න ඕන....
ඒකෙ බලයක් නම් මතකම නෑ



Infinity stones ගැන කියන්න තා ගොඩාක් දේවල් තියෙනො.....
ඒවා ටයිප් කලොත් තා සෑහෙන කාලයක් යයි.
..
Infinity gems තියෙන movies
Captain america 1
Avengers 1
Thor the dark world
Gaurdians of the galaxy
Avengers age of ultron
Doctor strange
.
.
Hope you enjoy this....
Comment your idea

#සීරෝ
@ශ්‍රී COM

No comments:

Post a Comment