Tuesday, October 16, 2018

JOKER (prime earth)

JOKER (prime earth)

*.සත්‍ය නාමය :- නොදනී
*. හැදින්වීම :- The Joker
*. වෙනත් නාම :-
 Red Hood One
Eric Border
Jack Napier
Gelos
The Pale Man
Clown Prince of Crime

*.සිටි කණ්ඩායම් හා සංවිධාන :-
League of Villainy
 Legion of Doom · formerly Red Hood Gang

*.රැකියාව :-
ත්‍රස්තවාදියක්
මිනීමරුවෙක්

*. අළු පැහැ ඇස් සහිත කොල පැහැ කෙස් සහ සුදු සමක් සහිත පිරිමි චරිතයකි.

*.Jerry Robinson , Bill Finger  හා Bob Kane යන අයගේ නිර්මාණයක් වන joker චරිතය DC universe හි ඇති prime earth එකෙහි චරිතයකි

Powers and abilities

*. ඔහු භාවිතා කරන රසායන ද්‍රව්‍යය හේතුවෙන් ඔහුගේ ශක්තිය හා හැකියාවන් වැඩිදියුණු වී ඇත. වේදනාවන්ට ප්‍රතිරෝධයක් ශරීරයෙන් ඇතිකරන  අතර ඔහුගේ ශරීරය තුල ඔහුව තවත් ශක්තිමත් කරවන ද්‍රව්‍යයක් ඇත.

*.  මෙයාගෙ විශේෂම හැකියාවක් තමයි මරණයට වංචා කිරීම. Joker වෙන්න කලින් red hood one විදියට ඉන්න කාලෙ ඉඳලම මෙයා මරණය පරාද කරලා තියෙනවා. Fake death කියන්නෙ jokerට සෙල්ලමක් වගේ

*. Jokerගේ ඇඟ ඇතුලෙ තියෙන රසායන ද්‍රව්‍යය නිසා jokerගෙ නැවත වර්ධනය වීමේ වේගය ගොඩක් වැඩියි. උදාහරණයක් විදියට මේකත් යම් විදියක healing ability එකක් කියන්න පුළුවන්.

(දැන් අනිවා ප්‍රශනයක් ඇති ඇයි එහෙනම් jokerගෙ මුහුණෙ තියෙන කැපුම් සනීප වෙන්නෙ නැත්තෙ කියලා. ඒකට හේතුව ඒ රසායන ද්‍රව්‍යය ඒ තුවාලයට විශේෂ බලපෑමක් කරලා තියෙන නිසා. ඒක ලොකුවට පැහැදිලි කරපු තැනක් නම් නැහැ)

*. තාක්ෂනික දැනුම, පලායාමේ ක්‍රම , සැලසුම්කරණය , නායකත්ව සැලසුම් වගේ ගොඩක් දක්ෂතා තියෙන නියම නායකයෙක් කියන්න පුළුවන් මේ joker චරිතය

*. ඒ වගේම joker ට ලොකු දක්ෂතාවයක් තියෙනවා feeling සඟවන්න. ඒක jokerගෙ විශේෂතම හැකියාවක්.

*. ඒ වගේම එකම අරමුණක කටයුතු කිරීම වගේ තවත් හැකියාවන් තියෙනවා. ඒ වගේම joker කියන්නෙ දෙයක් හිතුවොත් අනිවාරෙන් ඒ දේ කරන කෙනෙක්.

*. ජෝකර් කියන්නෙ අභිරහස් චරිතයක්. Joker ප්‍රසිද්ධ වෙන්න මූලිකම හේතුව ඒක. මොකද joker කරන්නෙ මොකක්ද කියලා කලින් කියන්න කාටවත්ම බැහැ. ඒ වගේම dark knight චිත්‍රපටයෙහි joker චරිතයට පණ පොවන heath ledger නිසා මේ චරිතය තවත් ප්‍රසිද්ධ වෙනවා. ඇත්තම කිව්වොත් comic වල සාර්ථකම චරිතය joker කියන්න පුළුවන්. ඒ වගේම heath ledger පණ පොවපු ජෝකර් චරිතය සාර්ථකම චිත්‍රපට චරිතයක් කියලත් කියන්න පුළුවන්.

*. කෙනෙක් කියයි jokerගෙ ඇත්ත නම napier කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. මම නම් හිතන්නෙ නැහැ. ඒ joker ගෙ ඇත්ත නමක් කවදාවත් දැනගන්න ලැබෙයි කියලා. මොකද එහෙම උනොත් joker කියන අභිරහස් චරිතයෙ නිමාව එතන.

*. ඒ වගේම jokerගෙ එකම දුර්වලතාවය වෙන්නෙ මානසික රෝගයන්

*. ඒ වගේම joker කියන්නෙ villain කියන නම හරියටම පෙන්වා දීපු comic චරිතයක්.

#සීරෝ
@ශ්‍රී COM

No comments:

Post a Comment