Saturday, October 27, 2018

මන්ත්‍ර යනු ඇත්තක්ද?

ශ්‍රී ලංකාවෙ ඉතිහාසය ගොඩක් ඈතට කතා කරනකොට මතුවෙන දෙයක් තමා යන්ත්‍ර, මන්ත්‍ර , ගුරුකම් කියන්නෙ. මෑත කාලයෙත් මේවා සමහර පරම්පරාවලින් පැවත එනවා. මේ ගැන කතා කරනකොට ඕනම කෙනෙක් කියන්නෙ මේවා ලොකු බොරු කියලා. මොකද අපිත් ඕන තරම් දැකලා තියෙනවා නෙ කට්ටඩියො දාන acting පාරවල් ආවේස වුනා වගේ. මේවගේ acting දැකලා නැත්නම් දේවාලවල උත්සව වලට යන්න. දකින්න ලැබෙයි. ඒත් මම කතා කරන්නෙ මේ අතරින් මන්ත්‍ර කියන කොටස ගැන.


         අපි මුලින්ම මේක අමතක කරමු. අපි මතක් කරමු පිරිත් කියන එක. අපි දන්නවා පිරිතක් හරියට කියන තැනක ඕනම දෙයක් සන්සුන්. ඒ වගේම පිරිත් කියලා වැහි වස්සපු අවස්ථා පවා මෑත කාලයෙත් තියෙනවා. නිරාගමික කෙනෙක් ඕන නම් මේකත් බොරුයි කියයි. ඒත් බටහිර විද්‍යාඥයන් පිරිසක්.  මේ විදියට ආසියාවෙ තැනක පිරිත් දේශනාවකින් ගෙනියපු පිරිත් පැන් පරීක්ෂා කරලා බලනවා. ඒකෙදි එයාලා හොයාගන්නවා මේ පැන්වල . එහෙම නැත්නම් මේ ජල බිඳිති වල අසාමාන්‍ය විදියට ශක්තිය තැන්පත් වෙලා තියෙනවා කියලා. ඉතින්, මේක වුනේ කොහොමද? හාමුදුරුවන් පිරිසක් වචන ටිකක් කියනකොට මේ පැන් වලට මෙහෙම දෙයක් වෙයිද?. ඔව්. ඒක එහෙම තමයි. පිරිතක විශේෂත්වය මොකක්ද? ඒ තමයි තාලය. පිරිතක් කියන අවස්ථාවක විශේෂ තාලයක් , රිද්මයක්, වචන සමූහයක් භාවිත වෙනවා. එහෙනම් යමු ඊළඟ එකට...

          ඔයාලා කවදහරි අහපු සින්දුවක් හිතට හෝ ගතට දැනිලා තියෙනවද? මම කියන්නෙ ඔය නාහෙන් අඬාගෙන කියන මල් සින්ඳු අහලා පොස් වෙන්න අඬන එක නෙවෙයි. මම කියන්නෙ සින්දුවක නියම දේ හිතට දැනුනද?
වචනෙන්ම කිව්වොත් සින්දුවක් හිතට වැදිලා තියෙද? මේ අත්දැකීම අපිට ගොඩක්ම අඩුයි. මොකද ඒ සංගීතය මේ වෙනකොට ලංකාවෙ නැති තරම්. උදාහරණයක් විදියට "අම්මාවරුනේ.. " ගීතය අපි ඇහුවොත්.. ඒකෙන් අපිට දුකක් ඇති වෙනවා. සින්දුව අහනවා කියන්නෙ වචන වලට වඩා සද්දෙන් beat එකක් දාගෙන ඉන්න එක නෙවෙයි. ඒ වගේ ගීතයකින් අපේ ඇසට කඳුලක් එන්නෙ අපිටත් නොදැනිම. ඒක වෙන්නෙ කොහොමද? වචන් ටිකක් තාලයක් නැතුව කිව්වා නම් ඔය දේ වෙයිද? නැහැ. ඒ දෙකම මශ්‍ර වෙලා එන සංගීතය තමයි අපිට මෙහෙම බලපෑමක් කරන්නෙ. ඒක අපිටවත් පාලනය කරන්න බැහැ. ඔයාලට තවත් ඕන නම් හොයලා බලන්න ලංකාවෙ අතීත කතාවල තියෙනවා . සංගීතයෙන් සුව කරපු ලෙඩ රෝග ගැන පවා. කවුරුවත් වැරදියට හිතන්න එපා මේක ලංකාවටම ආවේනික දෙයක් කියලා. අපි හැමෝටම මේක පොදුයි. හොයලා බැලුවොත් එංගලන්තයෙ මේ වගේ දේවල් ගැන වාර්ථා ඇති. හරි අපි කතා කරන්නෙ සිංඳු ගැනවත් පිරිත් ගැනවත් නෙවෙයි නෙ. මන්ත්‍ර ගැන.

           කවදක හරි අහලා තියෙනවද තාලයක් නැති මන්ත්‍රයක්. ඕනම රටක. Harry potter, merlin වගේ fantasy වලින් මේක මනින්න උත්සාහ කරන්න එපා. ඕනම රටක ඕනම මන්ත්‍රක් තාලයකට කියන්නෙ. ඒ වගේම ඒ මන්ත්‍රයට යොදාගන්න දේවල් පාවිච්චි කරන්නෙ මන්ත්‍රය කියන ගමන් මයි. ඒවා උන් බොරුවට කරනවා උනාට ඒවට ආභාශය ආවෙ කොහෙන්ද ? ඒ කියන්නෙ අතීතයෙ ඉඳන් ඕක ටිකෙන් ටික අඩු වෙමින් ඇවිල්ලා.

          මම සංගීතය ගැන කියපු දේ අනුව හිතුවොත් අතීතයට යන්න යන්න අපිට ටිකෙන් ටික පුදුම සහගත දේවල් අහන්න ලැබෙනවා. ඉතින් කාටද කියන්න පුළුවන් අදින් වසර දහස් ගනනකට කලින් මායාව කියලා දෙයක් තිබුනෙ නැහැ කියලා. වෙලා තියෙන්නෙ එක දෙයයි. සාහිත්‍යයේ අතිශයෝක්තිය නිසා ඇත්ත පවා විශ්වාස කරන්න බැරි තරමට විකෘති වෙලා. හරියටම කියනවා නම් ඔළු දහයක රජෙක් හිටියා වගේ . ඒක ගැන පස්සෙ කතා කරන්න පුළුවන්.

         ලංකාවෙ අතීතය කියන්නෙ සිංහලයගෙ ලොකු අතීතයක් නෙවෙයි. ලංකාවෙ ශ්‍රේෂ්ඨ ම යුගයක් තිබුනෙ සිංහලයට කලින්. ඒ කියන්නෙ අපිට කලින්. රාවණ යුගය. ඒත් අසල්වැසි රටට ස්තූති වෙන්න ඒ ඉතිහාසය විකෘති වෙලා. සාක්ෂ්‍ය තිබුනත් පිළිගන්න බැරි තත්වෙකට ඇවිත්. අපේ අය ඒ ඉතිහාසය වහන්න හදන එකෙත් ලොකු පුදුමයක් නැහැ. මොකද සිංහලයා කියන්නෙ රාවණ පරම්පරාවෙ පුරුකක් නෙවෙයි. ඒක වහන්න හදපු අයගෙ පුරුකක්..

#සීරෝ
@ශ්‍රී COM

Wednesday, October 24, 2018

infinity stones

මන් කියන්න හිතුවෙ infinity stones ගැන...

ඕ කේ....
මුලින්ම බලමු මේ infinity stones පාවිච්චි කරපු අය....
Celestials
Eson the searcher asgardians
Odin
Thor
Loki
HYDRA
johann schmidt
Arnim zola
Wolfgang von strucker
S.H.I.E.L.D.
Erik selvig
Dark elves
Malekith
Jane forster
Ronan the accuser
Starlord
Carina
Tony stark
Bruce banner
Ultron
Vision
masters of the mystic arts
Agamotto
Doctor strange
Thanos
.
.
Infinity stones කියන්නෙ අතිශයින්ම බලගතු, විශ්වයේ කිසියම් අංගයක් හා බැඳුනු පාෂාන හයක්. මේවා නිර්මානය වෙලා තියෙන්නෙ අන්තරීක්ෂ වස්තු ටිකක් නිසා(cosmic entities) . මේ පාෂාන හයට තියෙනවා එක් එක් අනන්‍යය අද්විතීය හැකියාවන්. ඒ අවුරුදු මිලියන ගානකට කලින් ඉඳපු අය එකතු කරපු, වැඩිදියුණු කරපුහැකියාවන්.
.
.
මේ පාෂාන දරන්න පුළුවන් අතිශයින්ම බලගතු අයට විතරයි.හරියට සෙලෙස්ටියල් අය අර බෝලයක් පාවිච්චි කරලා එක එක දේවල් කරනවා වගේ.(ඒ scenes එක නොදන්න උන් gaurdians of the galaxy ආපහු බලපන්....)
ගොඩක් මායාකාරයන්ටයි සෙලෙස්ටියල් දෙමුහුන් ඩයල් වලටයි මේ පාෂාන පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. සමහර අයට (බලයක් නැති පොඩි උන්ට) බැහැ මේ පාෂාන වල බලය තේරුම් ගන්න. ඒ නිසා ඒ අයගෙ ඍජු බැඳීමකින් විනාශයක් වෙනවා. ඊතර් එක නිසා jane forster ලෙඩ වුනා මතකද?
Red skull අතුරුදහන් වෙලා තියෙනවා ටෙසරැක්ට් එක නිසා.
ඒ නිසා මේවට ආවරණ හදලා තියෙනවා. මේ ආවරණය තියෙන්නෙ අවශ්‍ය වෙලාවට බලය පාලනය කරන්න පුළුවන් වෙන්න. මතකනෙ strange ලස්සනට eye of agamotto එක පාවිච්චි කලා ....
.
.
Infinity gems නෙවෙයි මේවගෙ ඇත්ත නම (නෑ නෑ මට පිස්සු නෑ...) මේවගෙ ඇත්ත නම soul stones (නෑ නෑ මම soul stone එක නිසා පැටලිලා නෙවෙයි.) . පස්සෙ කාලෙක තමයි මේවා infinity stones උනේ. මේ gem හයම තියෙන එකා සර්ව බලධාරී වෙනවා..
Infinity gems ඇත්තටම හයක් නෙවෙයි අටක් තියෙනවා (නෑ නෑ මට ඇත්තටම සයිකො නෙවෙයි.).
ප්‍රාථමික gems
Mind stone
Soul stone
Space stone
Reality stone
Time stone
Power stone
..
.
..
කතාවලයි , crossover වලයි තියෙනවා තව ඒවා (මතක හැටියට ego, rhythm, build)
(සැක නම් හොයලා බලපන්)
M.C.U. එකේ පළවෙනි phase තුනේ තමයි මේවට කැපීපෙනෙන තැනක් වගේම infinity gems කියන නමත් තියෙන්නෙ.....
.
මේ soul gems ( ඔව් ඔව් infinity ටික තමා) මුලින්ම තිබුනෙ " THE POWER OF THE WARLOCK" එකේ. හයම එකට පලවෙනි පාර තිබුනෙ "thanos war" series එකේ "avengers" එකෙයි "marvel two in one" එකෙයි.තානෝස් කාරයා මේ ජෙම් හයේම බලයන් එක ලොකු එකකට (ලොකු gem එකකට) එකතු කලා විශ්වයෙ තියෙන හැම තාරකාවක්ම විනාශ කරන්න. ( නිවන්න කියලා හිතහන්කො.....පුළුවන් උනොත් ඒ scene එකේ පෝස්ට් එහෙකුත් දාන්නම්)
.
Silver surfer ගෙ තුන්වෙනි volume එකේදි silver surfer පලවෙනි පාරට මේ gem සෙට් එක SOUL gems කියලා හඳුන්වා දෙනවා. ගැලැක්ටස් ගෙ බලය නැති කරලා පරණ තිබුණු විදිහටම විශ්වය ආපහු හදන්න හිතපු විශ්වයෙ ආදි කාලෙ හිටිය අය තමයි මේවා එකතු කරලා තියෙන්නෙ.
.
.
ගැලැක්ටස් කියන්නෙ කලින් විශ්වයේ හිටපු අන්තිමයා. නැත්නම් marvel universe එකේ පළවෙනියා. මේක silver surfer නැවැත්තුවා. මේකෙන් පරණ අය ටිකකුයි මැනික් (SOUL stones තමා) ටිකකුයි කළු කුහරෙකට වැටුනා. අනිත් අයගෙන් කොටසක් ගැලැක්ටස් ගෙ භෝජන වුනා. හැබැයි ඉස්සරහට ආපු කොමික් වල ගැලැක්ටස් ව හිරකරලා තියෙන්නෙත් ඔය පරණ අයම තමයි..(ඒකත් පුළුවන් උනොත් දාන්නම්.)
(තා චුට්ටක් කියන්නම්) silver surfer, Mr.fantastic (අර ඇදෙන එකා රීඩ් ද කොහෙද නම), invisible woman (සූසන් දන්නවනෙ)සෙට් එක අර කළු කුහරෙට රින්ගනවා.. gem හොයන්න. Soul gems නිසා invisible womanගෙ ඒකිය්න්නෙ සූසන් අක්කගෙ භයානක ස්වරූපය (hulk වගේ scene එකක් ඒක. පුළුවන් උනොත් ඒකත් දාන්නම්) malice persona එනවා. පස්සෙ ඉතින් කස්ටියම එකට්ගු වෙලා එයාව මෙල්ල කරනවා. අර soul gem පාවිච්චි කරලා galactus ගෙ ඇතුලෙ හිරවුනු අයව බේර ගන්නවා. හැබැයි ඉතින් ඒ පරණ සෙට් එක උන්ගෙ අයිතියක් වුන gems ටික ඔක්කොම ආපහු ගන්නවා.
.
"The thanos quest" series එකේ (ඒක නම් හරියට මතක නෑ) තානෝස් තමයි soul gems ටික infinity gems කියලා හඳුන්වන්නෙ......( ඒක නම් ෂුවර් නැහැ.)
.
stones ගැන තා චුට්ටක් කියන්නම්
(මට මතක හැටියට කියන්නම්)
Name :- space stone
ටෙසරැක්ට් එකේ තියෙන්නෙ....
දැනට ලොකී ගාව වෙන්න ඕන....
මේකෙන් ටෙලිපෝටර් වගේ පවර් එකක් තමා තියෙන්නෙ.....
.
Name:- Time stone
eye of the agamotto එකේ තියෙන්නෙ...
ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගාව තමයි මේක
මේකෙන් කාලය පාලනය කරන්න පුළුවන්

Name:- reality stone
ඊතර් එකේ තියෙන්නෙ....
දැනට collector ගාව වෙන්ට ඕන..
මේකෙන් මම දන්න තරමින් දේවල් වෙනස් කරන්න පුළුවන්...

Name:-power stone
දැනට තියෙන්නෙ නෝවා කොප්ස්ලා ගාව
අර ඒක දාපු බෝලෙට කියන නම නම් මතක නැහැ
Orb ද කොහෙද sure නෑ.
ඒකෙන් ශක්තිය පිටකරන්න පුළුවන්....මං හිතන්නෙ

Name:- mind stone
ලොකීගෙ යශ්ටියෙ තිබුනෙ....
දැන්නම් ඉතින් විෂන් ගාව නේහ්......
මේකෙන් පුලුවන් මනස පාලනය කරන්න

Name :- Soul stone
මේක ගැන ගොඩක් අය දන්නෙ නෑ....
මට මතක හැටියට මේක heimdil(නම වැරදි ඇති අර අස්ගාර්ඩ් වල බයිෆ්‍රොස්ට් එකේ ඉන්න කළු එකා) ගාව වෙන්න ඕන....
ඒකෙ බලයක් නම් මතකම නෑ



Infinity stones ගැන කියන්න තා ගොඩාක් දේවල් තියෙනො.....
ඒවා ටයිප් කලොත් තා සෑහෙන කාලයක් යයි.
..
Infinity gems තියෙන movies
Captain america 1
Avengers 1
Thor the dark world
Gaurdians of the galaxy
Avengers age of ultron
Doctor strange
.
.
Hope you enjoy this....
Comment your idea

#සීරෝ
@ශ්‍රී COM

Tuesday, October 23, 2018

Flash

Barry Allen (Flash)


*.සත්‍ය නම :- Bartholomew Henry allen (Barry allen)
*. හැඳින්වීම :- The Flash
*.වෙනත් හැඳින්වීම් :-
Black flash
Parallax
Blue lantern

*.නෑයන් :-
henry allen (පියා)
Nora allen (මව)
Malcolm Thawne (සහෝදරයා)
Iris west-allen (බිරිඳ )
Don allen (පුතා)
Dawn allen (දුව)
Bart allen (මුණුබුරා)
Jenni ognats (මිණිබිරිය)
Wally west (මස්සිනා)

*.සහභාගි වූ කණ්ඩායම් :-
 Justice league
Flash family
Blue lantern corps (formerly )
White lantern corps

*. උස 6' 0" ක් වන මොහු 195 lbs (88kg) බරින් යුත් නිල් ඇස් සහිත අයෙකි.

*.Robert Kanigher . Carmine Infantino විසින් නිර්මාණය කරන barry allen චරිතය 1956 october මස නිකුත්වන showcase #4 comic පොත මගින් DC විශ්වයට එක්විය.

*. Barry allen ගේ උපත fallville , lowa හිදී සිදුවී ඇත.

....powers and abilities .....
*.barry allen ට බලයන් ලැබෙන්නෙ speed force එකෙන්. ඒ කියන්නෙ barry ගොඩක් වේගවත් . Barry allen කියන්නෙ වේගවත්ම speedsters ලගෙන් කෙනෙක්. Barryට පුළුවන් වේගය හරහා speed force එකට පවා ඇතුළු වෙන්න. ( speed force එකෙන් පිට වෙලා තියෙන්නෙ කිහිපදෙනක් විතරයි )

*. Barry ගොඩක් speed නිසා reaction වේගය වැඩී. ඒත් ඒකට එකම හේතුව barry ගෙ වේගයම නෙවෙයි. Barry ගෙ සහජ බුද්ධියෙන් barry ට යම්කිසි sense එකක් තියෙනවා අනතුරු පිළිබඳව.

*. Barry ගෙ මනසට පුළුවන් ලොකු ආතතියක් උනත් දරාගන්න . කිසිදු මහන්සියකින් තොරව.

*.barry ගෙ වේගය නිසා මෙයාට ගොඩක් දුර පනින්න පුළුවන්. ඒ වගේම සිරස් ස්ථර වල ගමන් කරන්න. ජලය මත ගමන් කරන්න වගේ වාසි සහගත දේවල් ගොඩක් මෙයා සතුව තියෙනවා.

*. නිතරම barry තමන්ගෙ වේගය පාවිච්චි කරන වෙලාවට speed force aura කියන ශක්තිය barry වටා ක්‍රියා කරනවා. ඒකෙන් barryව ගොඩක් වේගවත් වෙනකොට ඇතිවෙන ආබාධ වලින් ගලවනවා. උදාහරණයක් විදියට කිව්වොත් barry allen , කාලය හරහා අතීතයට එන අවස්ථාවක ඔහුගේ වේගය ආලෝකයේ වේගයට ආසන්න , සමාන හෝ අධික අවස්ථාවක් එනවා. ඒ මොහොතෙ දි barry allenව ශක්තියක් බවට පරිවර්තනය වීම වලක්වන්නෙ මේ speed force aura. ඒ වගේම barry allen බිත්ති හරහා යන අවස්ථාවක quantum tunneling සිද්ධාන්ත වලට පිටින් barryව ගෙනියන්නෙ මෙන්න මේ aura

*. සුවවීමේ වේගය. Barry allenට speed force එක නිසා ලැබෙන වේගය නිසාම barry ගෙ සෛල තවත් වේගවත් වෙන නිසා barryගෙ සුවවීමේ වේගය ගොඩක් වැඩී..

*. Barry ට speed force එකට විතරක් නෙවෙයි. ඕනම මානයකට ඇතුල්වෙන්න පුළුවන්. ඕනම මාන බාධකයක් බිඳ දාන්න පුළුවන්

*.Speed force එකේ මූලිකම දෙය විදුලිය. ඉතින් speedster කෙනෙක්ගෙ බලයත් සමග විදුලිය නිතරම ඇතිවෙනවා. විශේෂයෙන්, වේගවත් අවස්ථාවලදි. ඒ වගේම මේ විදුලිය බාහිරට නිදහස් වෙලා යනවා. පලපුරුදු speedster කෙනෙකුට විතරක් පුළුවන් ඒවා යොදාගෙන පහරදෙන්න . ඒ හැකියාව barry allenට තියෙනවා. .

*. Barry ගෙ මොළය, මතකය පවා වේගවත් වෙනවා. ඒ නිසා දෙයක් හිතන්න barryට මිලි තත්පරයක් වත් ගතවෙන්නෙ නැහැ. ඔහුගෙ මුණුබුරාට එවැනි හැකියාවක් නැහැ. මතක තියාගෙන මොහොතකින් ඒක අමතක වෙනවා.

*.  Barry ට පුළුවන් අත් කර කවමින් හෝ රවුමට දුවමින් සුළිසුළං ඇති කරන්න. ඒ වගේම (විශේෂයෙන් wally west ට) පුළුවන් කිසිම ස්ථරයක් නැතුව හිස් අවකාෂයේ පවා දුවන්න. රික්තයක් තුලින් උනත්.

*. ග්‍රහලෝක අතර ගමන් කරන්න පුළුවන් විවිධ සරල ක්‍රම පවා speed force එකෙන් speedster ලට ලැබෙනවා.

*. Barryට පුළුවන් තම ශරීරයේ පරමාණුක මට්ටමින් වේගයෙන් කම්පනය වෙන්න. ඒ හරහා තමයි barry allenට විවිධ වස්තු හරහා යන්න අවස්ථාවක් ලැබෙන්නෙ.

*. Barry ට කාලය හරහා යන්න පුළුවන් නිසාම ඔහුට පුළුවන් alternative timelines ඇති කරන්න. ( flashpoint සිද්දිය වගේ)

*. මීට අමතරව හොඳ සටන් කිරීමේ හැකියාවක් පසු කාලයෙදි allenට ලැබෙනවා. ඒ වගේම රසායන විද්‍යාව , අපරාධ විද්‍යාව වගේ ගොඩක් දේවල් ගැන barry ට හොඳ දැනුමක් තියෙනවා.


#සීරෝ
@ශ්‍රී COM

Monday, October 22, 2018

Avengers 4 මොනවගේ වේවිද?

මෑත කාලයේදි ගොඩක් කතාබහට ලක්වුන Avengers 3 : Infinity war චිත්‍රපටිය අවසාන වුනේ ලොකු ප්‍රශ්න ගොඩක් වගේම කුතුහලකුත් ඉතුරු කරලා. ඉතින් මේ චිත්‍රපටයෙන් ඇති කරපු ප්‍රශ්න වලට නම් මේ වෙනකොට හැමෝටම උත්තර ලැබිලා ඇති. තවම එහෙම ප්‍රශ්නයක් තියෙනම් ඔයාලා comment section එක පාවිච්චි කරලා ඒගැන අපිට කියන්න. අපි ඒ ගැන ඔයාලට පැහැදිලි කරන්නම් (අවශ්‍ය නම්). ඉතින් Avengers 3 ගැන ඔයාලා දන්නවා නම් ඊළඟ ප්‍රශ්නෙ වෙන්නෙ Avengers 4 මොන වගේ දෙයක් වේවිද කියන එක.. Marvel එකෙන් හැමදාම film spoil වෙන එක අඩු කරගන්න ලොකු වෑයමක් දරනවා. එතින් අපිට තවම official විදියට Avengers 4 ගැන වැඩි දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ.

     Avengers 4 කියන්නෙ තවම untitled ෆිල්ම් එකක්. ඒ වගේම ඒකට fans ලා යෝජනා කරපු titles තියෙනවා. ඒ අතරින් වැඩියෙන්ම ප්‍රසිද්ධ Annihilation  , fallen heroes වගේ titles ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. තව end game වගේ titles ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ post එකෙන් නම් අපි බලාපොරොත්තු වෙන්නෙ Avengers 4 එක හා ඉන් පසුව Marvel universe එක මොන වගේ වේවිද කියලා ඉදිරිපත් වෙලා තියෙන fan theories ටිකක් කතා කරන්න.

           මුලින්ම මම කැමති ලංකාවෙම කොල්ලෙක් කියපු අදහසකට යොමු වෙන්න. මේක Avengers 4 post credit scene එක ගැන ඉදිරිපත් වුන අදහසක්. මෙහෙමයි. කළු ලෝගුවකින් හිස දක්වා ආවරණය වුණ තැනැත්තෙක් ඉන්නවා අභ්‍යවකාශයේ ඒ කෙනාගෙ මුහුණ පේන්නෙ නෑ අඳුර නිසා. ඊට පස්සෙ එතනට එනවා රිදී පාට කෙනෙක් රිදී පාට surf board එකකින් (silver surfer). එයා කියනවා. He is coming for it ( ඔහු ඒක වෙනුවෙන් එනවා). ඊට පස්සෙ ලෝගුව දාගෙන ඉන්න කෙනා ඒක පහත් කරනවා. ඒ කෙනා තමයි ලොකී.  (මේක ඇත්තටම වෙන්න පුළුවන් ලොකී ජීවතුන් අතර නම් . මොකද ලොකී කොමික් වලදිත් surfer එක්ක එකතුවෙලා galactus ට සේවය කරලා තියෙනවා.)
 ඊළඟට මම කියන්න යන්නෙ End game battle එක ගැන. මේ fan theory එක මට අහන්න ලැබුනෙ ඉන්දියාවේ marvel fan කෙනෙක් ගෙන් . ඒත් මම හිතන්නෙ නෑ මේක එයාගෙ අදහසක් කියලා. කොහොම හරි. මේක වෙන්නෙ මෙහෙමයි. Film එකේ අන්තිමට Captain america සහ iron man , captain marvel කියන අය එකතුවෙලා thanos සමග titan වලදි (හෝ පෘථිවියෙදි) සටන් කරනවා. මේ සටනෙදි thanos ගෙ දරුණු පහරක් නිසා captain marvel මේ සටනින් මදකට ඈත් වෙනවා. ඒ අවස්ථාවෙ captain america උත්සාහයක් ගන්නවා gauntlet එක ගලවන්න. එතකොටම thanos , cap ව අල්ලගන්නවා. Power, mind stone දෙකම use කරලා capට thanos පහරදෙනවා. කියන්න ඕන නෑනෙ වෙනදේ. Cap ට ආයෙ නැගිටින්න බැහැ. මේ වෙලාවෙදි ironman  තමන්ගෙ තව අලුත් armor එකක් ගෙන්වනවා. ඒක තමා god killer armor එක. මේක හදන්නෙ කොහොමද කියලා නම් කියලා තිබුනෙ නැහැ. (Fan theory කියන්නෙ ඇත්තටම වෙන දේමයි කියන්න බෑනෙ).  Iron man මේ armor එක use කරලා thanosට පහර දෙනවා. ඒත් gauntlet එකත් එක්ක thanosව පරාද කරන්න බැහැ. ඉතින් එක අවස්ථාවක cap පැනලා gauntlet එක ගලවනවා. ඊට පස්සෙ thanosට ලැබෙන දීමනාව කියන්න ඕන නැහැනෙ. හැබැයි ironman thanosව මරන්නෙ නැහැ. ඉතින් අන්තිම මොහොතෙ thanos , ironman ට ආපහු කිනිස්සකින් අනිනවා. ඊට පස්සෙ iron man ඌව මරලා දානවා. මේකෙන් පස්සෙ ironman , captain america දෙන්නම එකම තැන යාළුවො විදියට මැරෙනවා.  ඒ දෙන්නගෙම අන්තිම හුස්ම එකට වැටෙනවා කියලයි කියන්නෙ.

         ඊළඟට කියන්න යන්නෙ film එකේ post credits හෝ ඊට කලින් තියෙන scene එකක් ගැන. මේකෙදි වෙන්නෙ Avengers හැමෝම එකතුවෙලා ඉන්නෙ පරණ avengers කිහිපදෙනක් එකතුවෙලා අලුත් අයව avengers basement එකට ගෙනියනවා. මෙතනදි thor පෘථිවියෙන් යනවා. Infinity stones අරගෙන යනවා. ඒ වගේම strombreaker එක පෘථිවියෙ තියලා යන්නෙ. යානාවකින් ඒක අරගෙන thor කෙලින්ම black hole එකක් ඇතුලට යනවා stones ටික සඟවන්න ඕන නිසා.  ඉතින් ඊළඟ scene එකේදි අපිට පෙන්නන්නෙ spaceship එකක්. ඒක ඇතුලෙ ඉන්න beta ray bill කියනවා "I need that for save my people"

    මේ වගේ fan theories කියවන එක ගොඩක් විනෝදයි. මම හිතනවා මම ගෙනාපු fan theories ඔයාලා enjoy කලා කියලා. ඉතින් මම කැමති ඔයාල දන්න වෙනත් fan theories දැනගන්න. ඒ නිසා ඒ වගේ ඒවා දන්නවා නම් comment කරගෙන යන්න. Fan theories එකක් දැක්කම " අපෝ.. මෙහෙම වෙන්න බෑ. මේක වැරදී... උඹලා කොහොමද දැක්කා වගේ කියන්නෙ... " වගේ මානසිකත්වයකින් ඉන්නවා නම් මේ වගේ ඒවා හොයලා කියවන්න එපා. මොකද fan theories කියන්නෙ විනෝදය මූලික කරගෙන ඉදිරිපත් වන අදහසක්. ඒක වෙනවාමයි කියන්නෙ නැහැ. වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. ඉතින් ඊළඟ post එකෙන් ඔයාලව හමුවෙන්නම්...

#සීරෝ
@ශ්‍රී COM

Sunday, October 21, 2018

දුශ්ටයෙකුට පන පොවා වීරයෙකු ලෙස සමුගත් ඔහු

ඔයාලට මතක ඇති අපි කලින් post එකකදි ජෝකර් ගැන කතාකලා, ඒ post එක බැලුවෙ නැත්නම් මේක කියවන එක පැත්තකින් තියලා ඒ post එක බලල එන්නකෝ (http://sricomic.blogspot.com/2018/10/joker-prime-earth.html)


ඉතින් අපි අද කතාකරන්න යන්නෙ joker කියන චරිතයට උපරිම සාදාරනයක් කරපු heath ledger
ගැන

ඔයාල බලල ඇති dark knight(2008) 👈තාමත් ඔයා මේ ෆිල්ම් එක බලල නැත්නම් ඔයාට සුපිරිම ෆිල්ම් එකක් මගඇරිලා,
dark knight එකේ ප්‍රදාන චරිතෙ තමයි batman සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලල එලියට එනකොට මිනිස්සු කතාවෙන්නෙ ෆිල්ම් එකේ හිටපු වීරයා ගැන එහෙමත් නැත්නම් ප්‍රදාන චරිතය ගැන ඒ උනාට මේ ෆිල්ම් එක බලල එලියන ආපු මිනිස්සු කතාකලේ batman ගැන නෙවෙයි හැමෝම වගේ කතාකලේ villain ගෙ චරිතෙ ගැන ඒ කියන්නෙ joker ගැන මොකද ජෝකර් ගේ චරිතය ඔහු ඒ තරම්ම තාත්වික විදියට කලා කොයිතරම් තාත්වික විදියට ජෝකර් ෆිල්ම් එකේදි රගපාල තිබුනද කියනවානම් ෆිල්ම් එකේ ඉදපු සමහර නලුවො ඇත්තටම බය උනා ඔහු සමර රගපාන්න

ඔයලට මතක ඇති batman ජෝකර් ගේ මූනට තදින් පහර දෙන අවස්තා ඒ හැම එකක ම ඇත්තටම පහර දීපුවා, ඔහුගේ ඉල්ලම පරිදි තමයි එහෙම කරල තිබුනේ (edit කරලා ගත්තනම් ඒවයේ තාත්වික බව නැතිවෙන්න තිබුනා), heath ledger ජෝකර් ගේ මුහුන දෙපස තිබුන කැලැල් සහ මුහුන වර්ණ ගන්වා තිබුන්නේ ඔහුගේ කැමැත්ත මතයි, ජෝකර් ගේ චරිතය  ඔහුගේ ගෙ ඇගට ගන්න කියලම ඔහු මාසයක් මිනිස්සුන්ගෙන් වෙන්වෙලා ජීවත් වෙලා තිබුනා (තමගේ බිරිද සහ දරුවන් ගෙන් පවා) ඒ මාසය තුල කලේ ඔහු ජෝකර් ගේ චරිතය ගැන ඉගෙන ගනිපු එක ඒ හැම කැපකිරීමක් ම කලේ ජෝකර්ගේ චරිතයට සාදාරනයක් කිරීමේ අරමුණින්
#මුලින්ම heath ledgerට ඕන උනේ batmanට රගපාන්න

ඒත් අවාසනාවකට වගේ ඔහු අද අප සමග නැහැ 😥😥 dark knight ෆිල්ම් එක ඉවර කරල සතියකින් heath අප අතරින් සදහටම සමුගන්නවා, මරණයට හේතුව වශයෙන් සදහන් වෙන්නෙ ඔහු toxic පෙති අදිමාත්‍රාවක් ලබාගැනීමයි හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ඔහු මියගිය පසු ඔහුගේ සහෝදරිය පවසන තෙබුනෙ heath ledger සම්පූර්ණයෙන් වෙනස් වී සිටි බවයි ඔහුගේ කතාවිලාසය,ඔහුගේ සින්හව මේ සියල්ල කලින් ඉදපු heath ledger ගේ නොවන බවයි, බොහෝවිට heath ට මෙසේ සිදුවීටම හේතුව ඔහු රගපාපු ජෝකර් නම් චරිතය විය යුතුබව බොහෝදෙනා කියා සිටිනවා, තවත් සුලුතරක් මේක අබිරහස් ලෙස දකිනවා
# heath රගපෑ චරිතය වෙනුවෙන් ඔහුට Oscar සම්මානයක් පවා හිමිඋනා (නමුත් ඔහු ඒ වන විටත් සමුගෙන අවසන්)
#ඉස්සරහට තවත් joker ලා ඉන්න ෆිල්ම් ඒවි ඒත් මම නම් හිතන්නෙ නෑ heath තරම් හොදට ඒ එන කවුරුවත් ජෝකර් ගේ චරිතයට පන පොවාවි කියලා

heath ledger සමුගත්තේ joker ව පුරාවෘතයක් බවට පත්කරමින්

#Jok3R
@ශ්‍රී COM

Saturday, October 20, 2018

John Wick 2

John Wick 2(2017)


2014 වසරේ තිරගත වූ John Wick 1 චිත්‍රපටයේ review එකක් අපි අරගෙන ආවානේ. එහි දෙවෙනි කොටසේ review එක තමයි අද අරන් එන්නෙ. හැබැයි මේක බලන්න කලින් පළවෙනි කොටස බලලා හිටියනම් හොදයි.👇
http://sricomic.blogspot.com/2018/10/john-wick.html

කතාව ආරම්භ කරන්න කලින් මතකනෙ පළවෙනි කොටසෙදි Johnගෙ බල්ලා මරලා කාර් එක හොරකම් කරපු සිද්ධියේ පළිය ගන්නවා. නමුත් කාර් එක හොයාගන්නවා පෙන්නුවෙ නෑ. ඒ කොටසින් තමයි මේ John Wick දෙවෙනි කොටස ආරම්භ වෙන්නෙ.

හෙන ගේමක් දීලා කාර් එක ලස්සනට අරන් එනවා😂. පස්සෙ Johnව හොයාගෙන එනවා ඇන්ටෝනියෝ කියලා පුද්ගලයෙක්. ඔහු johnට යම් වැඩක් භාර දෙනවා. නමුත් john මෙය ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් අර පුද්ගලයා johnගෙ නිවස විනාශ කර දමනවා😐. Johnගෙ ගෙදර විනාශ කරයි කියන්නෙ ඉතින් දන්නොනෙ💀. ඒත් john මීට කලින් සලකුණකට ලේ වලින් අත්සන් කරලා තියෙනවා. සලකුණකට අත්සන් කරන පුද්ගලයාට ඒකට යටත්ව වැඩ කිරීමට සිදුවෙනවා. සලකුණනෙන් නිදහස් වීමට ලබාදෙන කාර්යය අවසන් කල යුතුයි. ඒක නිසා johnට ඇන්ටෝනියොගෙ වැඩේ අකමැත්තෙන් වුවත් කිරීමට සිදුවෙනවා. සැන්ටිනෝ ඩි ඇන්ටෝනියෝ johnට ලබාදෙන වැඩේ තමයි තමන්ගේම සහෝදරියක් වන ජියානාව ඝාතනය කිරීමයි. ඒ ඇයගේ ඉහළ මේසයේ අසුන තමාවෙත ලබාගැනීමට.

Imdb - 7.5
Rotten Tomatoes - 89%

අධ්‍යක්ෂනය - Chad Stahelski
රචනය හා තිර පිටපත - Derek Kolstad
නිෂ්පාදනය - Basil Iwanyk
                          Erica Lee
රංගනය - Keanu Reeves
                    Common
                    Laurence Fishburne
                    Riccardo Scamarcio
                    Ruby Rose
                    John Leguizamo
                    Ian McShane

Bhoogy manට තම සලකුණනෙන් නිදහස් වීමට හැකිවෙයිද? තම නිවස විනාශ කරපු ඇන්ටෝනියොගෙන් පළිය ලබාගනීවිද? Film එක බලලම රස විදින්නකෝ🙌.

චිත්‍රපටය බාගත කිරීමට අවශ්‍ය torrent file -
*720p - http://destyy.com/wZQYvs
*1080p - http://destyy.com/wZQYEp

චිත්‍රපයට අදාළ සිංහල උපැසිරැසිය -
http://destyy.com/wZQYhm

#කිරියා
@ශ්‍රී COM

Friday, October 19, 2018

Loki Laufeyson

Loki Laufeyson (Earth-616)

*. සත්‍ය නාමය :- loki laufeyson
*.වෙනත් හැඳින්වීම් :-
God of Mischief
God of Evil
Prince of Evil
the Son of Secrets
the Maker of Mischief
the Sly One
the Lord of all Liars
Lie-Smith
Sly-God
Shape-Changer
Wizard of Lies
Loki Trick-Skin
Tso Zhung
Loren Olson
the Trickster of Asgard
Ikol
Serrure
Gem-Keeper
Willie Lawson
Lester
Tyfon
Typhon
Father Williams
Satan

*.නෑයන් :-
Buri (Tiwaz) (හදාගත් පියාගේ සීයා)
Bolthorn (නියම පියාගේ සීයා)
Bor Burison (හදාගත් පියාගේ පියා)
Bestla (හදාගත් පියාගේ මව)
Gaea (නියම පියාගේ මව)
Mimir, Njord ,Cul, Vili, Ve(uncles)
Laufey (පියා)
Farbauti (මව)
Odin borson (හදාගත් පියා)
Frigga (හදාගත් මව)
Sigyn (බිරිඳ )
Byleistr, Helblindi (සහෝදරයන් )
Thor, Balder, Hermod, Vidar, Tyr (හදාගත් පියාගේ පාර්ශ්වයෙන් සහෝදරයන් )
Angela, Laussa  (හදාගත් පියාගේ පාර්ශ්වයෙන් සහෝදරියන්)
Tess Black  (දුව)
Narvi, Váli (පුතාලා )

*. මොහු බොහෝ සටන් සංවිධාන සහ කණ්ඩායම් වල කටයුතු කර ඇති අතර ඒ අතරින් ප්‍රධාන වන්නේ dormammu සමග එකතු වී කටයුතු කිරීමයි.

*.උස 6' 4" ක් වන 525lbs (238kg) ස්කන්ධයක් සහිත කොල පැහැ ඇස් සහ කළු පැහැ කෙස් සහිත loki යනු marvel universe හි earth-616 හි චරිතයකි.

*. මුල්ම සහභාගී වීම 1949 අගෝස්තු මස නිකුත් වූ venus #6 වූ අතර අවසානය 2010 ජුනි මස නිකුත් වූ siege #4 විය.

..... Powers... :-

*. Frost giants කියන්නෙ marvel universe හි ඉතාම බලගතු ජීවීන් පිරිසක්. ඒ වගේම ලොකීව asgard වලට ගෙනගියාම lady frigga ලොකීට මායාවන් උගන්වනවා. තමන්ගෙම පුතා වෙන තෝර් ට වත් උගන් වන්නෙ නැති මායාවන් උගන්වනවා. ඒ වගේම ලොකී තනියම ගොඩක් black magic ඉගෙන ගන්නවා. ඒ වගේම odin force , uru වගේ දේවල් ගොඩක් ලොකී අධ්‍යයනය කරනවා. ලොකී කියන්නෙ  Marvel විශ්වයේ බලගතුම මායාකාරයෙක්. Thor , odin කියන්නෙ ඊට වඩා බලගතු චරිත . ඒකට හේතුව ලොකී වැඩිහිටියෙක් වෙනකොට තමන්ගෙ සත්‍ය බලයට බයවෙන එක. නැත්නම් ලොකී කියන්නෙ dormammu ගෙ මට්ටමටම සම කරන්න පුළුවන් චරිතයක්. (කිසිම බාහිර ආයුධයක් නැතුව)
.
*. ලොකී කියන්නෙ god level එකේ කෙනෙක්. ඉතින් ලොකීට පුළුවන් 50 T පමණ ස්කන්ධය ඔසවන්න. සරලව කිව්වොත් ලොකීටත් පුළුවන් තෝර් වගේම Hulk එක්ක සටන් කරන්න. ලොකීගෙ වෙනස වෙන්නෙ බලයෙන් විතරයි. ඒ වගේම ලොකීගෙ බලයෙන් තමාව වෙනස් කරගෙන 50Tට (50T කියන්නෙ 490000 N ට ආසන්න බලයක්) වැඩි බලයන් යොදපු අවස්ථා පවා තියෙනවා.  වරක් ලොකී එක පහරකින් විශාල ගොඩනැගිල්ලක් බිම දාලා තියෙනවා.

*. ඒ වගේම ලොකීට පුළුවන් තමාගෙ ස්කන්ධය වැඩි කරගන්න. උදාහරණයක් විදියට ප්‍රමාණය වෙනස් නොවී බර වෙනස් වෙනවා වගේ දෙයක් මේ වෙන්නෙ

*. තවත් කිව්වොත් මායා බලයෙන් කරන පහරදීමකට බැහැ ලොකීගෙ උපරිම ශක්තිමත් අවස්ථාවට රිදවන්න. ඒ වගේම තෝර් ගෙ ඉගැන්වීමෙන් ලොකී පුරුදු වෙනවා. Bullets arrows වගේ දේවලින් ගැලවෙන්න.👇👇

Thursday, October 18, 2018

harry potter blood status

අද අපි කතා කරන්න යන්නේ අපි පොඩි කාලේ ඉදන්ම  හැමෝම වගේ බලපු ෆිල්ම් එකක් ගැන ඒ තමයි හැරී පොටර්
ඉතින් ඔයත් හැරීපොටර් බලපු කෙනෙක් නම් ඔයාටත් ඇහිලා ඇති muggle, half blood, pure blood ඒ වගේ වචන අපි දැන් බලමු ඒ මොනවද කියලා

හැරී පොටර් කතා මාලාව තුල විවිධ චරිත තමන්ගේ ලේවල ඇති පිරිසිදුකම ගැන කතා වෙනවා බලාගන්න පුළුවන් (blood status)ඉතින් මේ blood status කියන්නේ කියන්නෙ තමන්ගෙ කියන්නෙ තමන්ගෙ පරම්පරාවෙන් තමන්ට උරුම වුණ දෙයක් ඒ වගේම තමයි මේ දේ මායා ලෝකයේ යුද්ධ ඇතිවීම සඳහා තදින්ම බලපාල තියනවා

👉muggle
muggle කෙනෙක් කියන්නේ සාමාන්‍ය පවුලකින් පැවත ගෙන (මව හෝ පියා මායාකාරයෙක් නොවන)එන තමන්ගේ පරම්පරාව කාටවත් මන්තර හැකියාවක් නොමැති පිරිසක්,
කොටින්ම කිව්වොතින් මේ අය දන්නේ නෑ දන්නෙ නෑ මායා ලෝකයක් තියෙනවද කියලවත්
උදාහරණ : hermione ගේ දෙමාපියන්

👉muggle born
muggle bron සිය මවට හෝ පියාට මන්තර කිරීමේ හැකියාවක් නොමැති වුවද තමාට  මන්තර හැකියාවක් ඇති පුද්ගලයන් ය මොවුන්ට මන්තර කිරීමේ හැකියාව මුතුන්මිත්තන් ගෙන් පිහිටා ඇත, මොවුන්ට  pure blood ගණයට අයිති පුද්ගලයන්ගෙන් විවිධ නින්දා අපහාසවලට අපහාස වලට ලක් වීමට සිදුවී ඇත
උදාහරණ : hermione, lily j potter

👉half blood
half blood යනු මව හෝ පියාගෙන් එක් අයෙකු pure blood වන අතර අනිකා muggle හෝ muggle-born වන පුද්ගලයන් ය
උදාහරණ: harry potter , lord voldermort, alubs dumbledore

👉pure blood
pure blood යනු පිරිසිදු ලේ යන්නයි, ඔවුන්ගේ පරම්පරාව තුල කිසිදු muggle හෝ muggle born සිට නැත
උදාහරණ : Flint, Malfoy, Black, Rowles

👉 squib/Wizard-born
squib යනු මව හෝ පියා ගෙන් එක් අයකුට මන්තර හැකියාවක් තිබුණ ද තමාට මන්තර හැකියාවක් නොමැති පුද්ගලයන් ය.
squib හා muggle කෙනෙකු විවහා වූ විට පරම්පරා ගණනාවකට පසුව නැවතත් මන්තර කිරීමේ හැකියාවක් සහිත පුද්ගලයකු බිහි විය හැක මොවුන් muggle bron ලෙස හඳුන්වනු ලබයි.

#සාමාන්‍ය දරුවකු තුළ මායා කුසලතාවයක් පිහිටා තිබේ නම් ඒ ඔහු හෝ ඇය අවුරුදු 7 වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් පෙන්වීමට පටන් ගන්නවා ඒ හැකියාවන් නොපෙන්වන අය squib ගණයට අයත් වෙනවා ,මොනව කලත් මොවුන්ට මායාවන් සිදු කිරීමට හැකි වන්නේ නැහැ මොවුන්ට මායා කර්ම සිදුකිරීමට නොහැකි වුනත් muggle වඩා වෙනස් මොවුන් muggle මට වඩා වෙනස් වන්නේ ඔවුන් දන්නවා මායා ලෝකයක් තිබෙන බවට
උදාහරණ:Argus Filch

👉half breed
half breed වර්ගයට අයිති වන්නන් ගේ මව හෝ පියා හෝ පරම්පරාවේ කිසිම අයකු මිනිස් වර්ගයට අයත් නො වේ
උදාහරණ :half vampire, half veela

#half gaint යනු මිනිසකු හා යෝධයකු එක්වීමෙන් බිහි වන පුද්ගලයකුටය
උදාහරණ :rubeus hagrid

#half goblin
half goblin යනු මිනිසකු සහ goblin වරයෙකු එක් වීමෙන් බිහිවන පුද්ගලයකුටය

#half vampire
half vampire යනු vampire කෙනකු සහ මායා කරුවෙකු එක්වීමෙන් ඉපදෙන පුද්ගලයෙකි

පිළිවෙලකට ගත්කල වැඩියෙන්ම සිටිනුයේ muggle
ඉන් පසුව සිටිනුයේ muggle born
ඉන්පසුව squib
ඉන්පසුව half blood (මායාලෝකයයේ වැඩියෙන්ම සිටින්නෙ මොවුන්)
අඩුවෙන්ම සිටියුයේ pure blood

#Jok3R
@ශ්‍රී COM


Wednesday, October 17, 2018

John Wick තාමත් බැලුවෙ නැද්ද

ශ්‍රීcom වෙතින් අරන් එන ෆිල්ම් review වල පළමු වැන්න ලෙස අරන් එන්නෙ සුපිරි ක්‍රියාදාමයන්ගෙන් යුත් John Wick පළමු  චිත්‍රපටයයි. 2014 තිරගත වුනු මේ සිනමා කතාව John Wick කියන චරිතය වටා තමයි ගෙතිලා තියෙන්නෙ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන John Wick එහෙම නැත්නම් Bhoogy man කියලා හදුන්වන මොහු කලින් කුලී මිනීමරුවෙක් වශයෙන් වැඩ කරලා බොහෝ අත්දැකීම් තියෙන පොරක්😎. නමුත් ඒ ජීවිතයෙන් මිදිලා කසාදයක් බැදගෙන හොද ජීවිතයක් ගත කරන්න මොහුට හැකි වෙනවා.  අවාසනාවකට හදිසියේ මොහුගේ බිරිඳ මියයනවා😔. කලකිරීමෙන් ජීවත් වෙන Johnට තම බිරිඳ විසින් එයාට තියලා ගිය තෑග්ගක් හම්බු වෙනවා😐. නමුත් වැඩිකල් යන්නට පෙර මැර ප්‍රහාරයකටද ලක්වන johnට මේකෙන් තම බිරිඳගෙන් ලැබුනු අන්තිම තෑග්ග වගේම තවත් දේවල් අහිමි වෙනවා.😔 කතාවෙ රසය අඩුවෙන හින්ද ඔච්චරයි කියන්නෙ.

IMDB - 7.2
Rotten Tomatoes - 86%

අධ්‍යක්ෂනය - Chad Stahelski
රචනය හා තිර පිටපත - Derek Kolstand
නිෂ්පාදනය - Basil Lwanyk
                          David Leitch
                          Eva Longoria
                          Michael Witherill
රංගනය - Keanu Reeves
                    Ian McShane
                    Lance Reddick
                    John Leguizamo
                    Bridget Moynahan
                    Alfie Allen
                    Adrianne Palicki
                    Michael Nyqvist

තමාට සිදුවූ දේවල් වල පළිය ගැනීමට John එහෙම නැත්නම් Bhoogy manට හැකිවෙයිද, කතාව බලලම රස විදින්නකෝ🙌..

චිත්‍රපටය බාගත කිරීමට අවශ්‍ය torrent file -
*720P, http://ceesty.com/wZzicZ
*1080P, http://ceesty.com/wZziSK

චිත්‍රපටය අදාළ සිංහල උපැසිරැසිය -
http://ceesty.com/wZziw4

#කිරියා
@ශ්‍රී COM

Tuesday, October 16, 2018

JOKER (prime earth)

JOKER (prime earth)

*.සත්‍ය නාමය :- නොදනී
*. හැදින්වීම :- The Joker
*. වෙනත් නාම :-
 Red Hood One
Eric Border
Jack Napier
Gelos
The Pale Man
Clown Prince of Crime

*.සිටි කණ්ඩායම් හා සංවිධාන :-
League of Villainy
 Legion of Doom · formerly Red Hood Gang

*.රැකියාව :-
ත්‍රස්තවාදියක්
මිනීමරුවෙක්

*. අළු පැහැ ඇස් සහිත කොල පැහැ කෙස් සහ සුදු සමක් සහිත පිරිමි චරිතයකි.

*.Jerry Robinson , Bill Finger  හා Bob Kane යන අයගේ නිර්මාණයක් වන joker චරිතය DC universe හි ඇති prime earth එකෙහි චරිතයකි

Powers and abilities

*. ඔහු භාවිතා කරන රසායන ද්‍රව්‍යය හේතුවෙන් ඔහුගේ ශක්තිය හා හැකියාවන් වැඩිදියුණු වී ඇත. වේදනාවන්ට ප්‍රතිරෝධයක් ශරීරයෙන් ඇතිකරන  අතර ඔහුගේ ශරීරය තුල ඔහුව තවත් ශක්තිමත් කරවන ද්‍රව්‍යයක් ඇත.

*.  මෙයාගෙ විශේෂම හැකියාවක් තමයි මරණයට වංචා කිරීම. Joker වෙන්න කලින් red hood one විදියට ඉන්න කාලෙ ඉඳලම මෙයා මරණය පරාද කරලා තියෙනවා. Fake death කියන්නෙ jokerට සෙල්ලමක් වගේ

*. Jokerගේ ඇඟ ඇතුලෙ තියෙන රසායන ද්‍රව්‍යය නිසා jokerගෙ නැවත වර්ධනය වීමේ වේගය ගොඩක් වැඩියි. උදාහරණයක් විදියට මේකත් යම් විදියක healing ability එකක් කියන්න පුළුවන්.

(දැන් අනිවා ප්‍රශනයක් ඇති ඇයි එහෙනම් jokerගෙ මුහුණෙ තියෙන කැපුම් සනීප වෙන්නෙ නැත්තෙ කියලා. ඒකට හේතුව ඒ රසායන ද්‍රව්‍යය ඒ තුවාලයට විශේෂ බලපෑමක් කරලා තියෙන නිසා. ඒක ලොකුවට පැහැදිලි කරපු තැනක් නම් නැහැ)

*. තාක්ෂනික දැනුම, පලායාමේ ක්‍රම , සැලසුම්කරණය , නායකත්ව සැලසුම් වගේ ගොඩක් දක්ෂතා තියෙන නියම නායකයෙක් කියන්න පුළුවන් මේ joker චරිතය

*. ඒ වගේම joker ට ලොකු දක්ෂතාවයක් තියෙනවා feeling සඟවන්න. ඒක jokerගෙ විශේෂතම හැකියාවක්.

*. ඒ වගේම එකම අරමුණක කටයුතු කිරීම වගේ තවත් හැකියාවන් තියෙනවා. ඒ වගේම joker කියන්නෙ දෙයක් හිතුවොත් අනිවාරෙන් ඒ දේ කරන කෙනෙක්.

*. ජෝකර් කියන්නෙ අභිරහස් චරිතයක්. Joker ප්‍රසිද්ධ වෙන්න මූලිකම හේතුව ඒක. මොකද joker කරන්නෙ මොකක්ද කියලා කලින් කියන්න කාටවත්ම බැහැ. ඒ වගේම dark knight චිත්‍රපටයෙහි joker චරිතයට පණ පොවන heath ledger නිසා මේ චරිතය තවත් ප්‍රසිද්ධ වෙනවා. ඇත්තම කිව්වොත් comic වල සාර්ථකම චරිතය joker කියන්න පුළුවන්. ඒ වගේම heath ledger පණ පොවපු ජෝකර් චරිතය සාර්ථකම චිත්‍රපට චරිතයක් කියලත් කියන්න පුළුවන්.

*. කෙනෙක් කියයි jokerගෙ ඇත්ත නම napier කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. මම නම් හිතන්නෙ නැහැ. ඒ joker ගෙ ඇත්ත නමක් කවදාවත් දැනගන්න ලැබෙයි කියලා. මොකද එහෙම උනොත් joker කියන අභිරහස් චරිතයෙ නිමාව එතන.

*. ඒ වගේම jokerගෙ එකම දුර්වලතාවය වෙන්නෙ මානසික රෝගයන්

*. ඒ වගේම joker කියන්නෙ villain කියන නම හරියටම පෙන්වා දීපු comic චරිතයක්.

#සීරෝ
@ශ්‍රී COM

Monday, October 15, 2018

Steven grant rogers (earth 616 )

Steven Rogers (Earth-616)
Fictional character (Marvel Universe)
.
*.සත්‍ය නම:- steven Grant Rogers (steve rogers)
*.දැනට හඳුන්වන නාමය :- Captain America
*.මොහුට අන්වර්ථ නාම 31 පමණ ඇත.

Winghead
Shield slinger
The first Avenger
Sentinel of liberty (ලිබර්ටි හී මුරකරුවා)
The living legend (ජීවමාන පුරාවෘත්තය)
Nomad (එඬේරා, සරන්නා)
The captain (නායකයා)
Buck jones
Roger stevens
Yeoman America (ඇමෙරිකාවෙහි සේවකයා)
Crossbones
Expatriate (රටින් පිටුවහල් කල තැනැත්තා)
Brett Hendrick
Nathen Hale
Anthony schwarz
Roger grant
The man without a country (රටක් නොමැති තැනැත්තා)
Man out of time
Lord of the frozen ice
"Blondie"
Granny
The brooklyn project
Weapon l
Super-soldier
"Rembrandt"
Eagle
Subject 223
Spider king
Cap wolf
"Kapitan Amerika"
"The blue Devil"

*.නෑයන් :-

Ian (සීයා , මවගේ පියා)
Joseph rogers (පියා)
Sarah rogers (මව)
lan zola (nomad) ( හදාගන්නා දරුවා)
තවද නම් නොකර මල්ලි කෙනෙකු සහ
නූපන් දරුවකු ඇති බව සඳහන් වේ.
.
*.සම්බන්ධ වූ කණ්ඩායම් සහ සංවිධාන

Avengers (Earth-616)
formerly Strategic Homeland Intervention
Enforcement and Logistics Division (Earth-616)
Avengers Unity Division (Earth-616) (founder)
Illuminati (Earth-616)
Invaders (WWII) (Earth-616) (leader)
United States Army (Earth-616)
Project Rebirth (Earth-616)
Secret Avengers (Black Ops Unit) (Earth-616) (leader)
Captain America Corps (Multiverse)
Secret Avengers (Civil War) (Earth-616)
New Avengers (Earth-616)
Avengers (Heroes Reborn) (Earth-616)
Diamondback (partner)
Demolition-Man (partner)
Secret Defenders (Earth-616)
Nomad (partner)
Falcon (partner)
Rick Jones (partner)
Specialized Unit
Enhanced Soldiers (Earth-616)
Bucky (partner)
Landau
Luckman & Lake (Earth-616)
Redeemers (Earth-616)
.
කණ්ඩායම් 25ක පමණ කටයුතු කර ඇත.

*.රැකියාවන්
  $. වික්‍රමාන්විත සංචාර වල යෙදෙන්නෙක්
  $. ෆෙඩරල් නිලධාරියෙක්
  $. ඔත්තුසේවා නිලධාරියෙක්
  $. හිටපු හමුදා නිලධාරියෙක්
  $. S.H.I.E.L.D. ආයතනය සහ Avengers කණ්ඩායමට සම්බන්ධව කටයුතු කර ඇත.
  $. පොලිස් නිලධාරියෙක්
  $. ගුරුවරයෙක්
.
*. අධ්‍යාපනය 
  $. High school graduate
  $. කලා පාසලේ වසරක අධ්‍යාපනයක්
  $. මූලික හමුදා පුහුණුව
  $.  hand-to-hand combat සඳහා පුද්ගලිකව ටියුෂන් ලැබීම
  $. ජිම්නාස්ටික් පුහුණුව
  $. හමුදා උපායමාර්ග පිළිබඳ පුහුණුව
  $. ගුවන්යානා නියමුවෙකි

*. චරිත ස්වභාවය
   උස 6' 2" ක් හා බර 100kg (220 lbs) වන නිල් ඇස් සහිත පිරිමි අයෙකි.

*.ඇමරිකා එක්සත් ජනපදයෙහි සිදුවන යුද්ධයකදී එය ජයගැනීමට යොදන උපායක් ලෙසින් super soldier serum එක භාවිතයෙන් බිහිවන අපූරු ජීව නිර්මාණයකි මොහු.

*. Marvel Universe හි Earth-616 හි චරිතයක් වන මොහු Manhattan, New York City, New York දී උපත ලැබූවකු වෙයි.

*. Joe Simon, Jack Kirby දෙදෙනා නිර්මාණය කරන මෙම චරිතය 1941 මාර්තු මස එලිදක්වන captain america comics #1 මගින් පළමුව එලිදැක්වීය.
 
*. Powers...
.
බුද්ධිය :- 3
ශක්තිය :- 3
වේගය :- 2
ශක්තිය නිදහස් කිරීම :- 1
සටන් කුසලතා :- 6
.
Super soldier serum [S.S.S.] එකෙන් steve rogers කියන සාමාන්‍ය පුද්ගලයගෙ ශරීරය වෙනස් කරනවා. හරියටම කිව්වොත් සම්පූර්ණ කරනවා. සම්පූර්ණ මිනිසෙක් නිර්මාණය කරනවා.

Rogersට කිසිම සුපිරි බලයක් නැහැ. කිසිම විශේෂ සුපිරි බලයක්. එයාව අසම්පූර්ණ මිනිසෙකුගෙන් සම්පූර්ණ කෙනෙක් බවට පත් කරන්නෙ SSS එක මගින්. Rogersට තියෙන හැම හැකියාවක්ම හැම බලයක්ම මානව පරිණාමයේ එක අනාගත පුරුකක් පෙන්වනවා කිව්වොත් හරි. Dr. Keith Kincaid සිද්ධාන්තිකව කියනවා rogers ගෙ සිරුරෙ තවත් SSS යම් ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා නැවත rogers weak උනොත් ඒක ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.
.
[]ශක්තිය
මොහු සාමාන්‍ය මනුෂ්‍ය මට්ටමට වඩා දියුණු මට්ටමක ඉන්න මනුෂ්‍යයෙක් නිසා මොහුගෙ ශක්තිය වර්තමානයේ අපිට දකින්න ලැබෙන මිනිසෙකුට වඩා වැඩියි. මොහුට පුළුවන්
800 lbs (363 kg) ක පමණ ස්කන්ධයක් ඔසවාගෙන ඉන්න. ඉතින් මේ හැකියාව, මේ ස්කන්ධය වෙනුවෙන් යොදන බලය ඔහුගේ දෙපය ආදාරයෙන් යෙදුවහොත් දිවීමේ ආරම්බයක් සහිතව අඩි 20ක් (6m) පමණ පිම්මක් පනින්න පුළුවන්. ඒ වගේම එකම තැන සිට අඩි 10ක (3m) පමණ පිම්මක් පනින්න පුළුවන් වගේම වැඩි බලයක් යෙදුවොත් මේ පිම්ම 10m දක්වා වුනත් වැඩි කරගන්න පුළුවන්.
[]වේගය
මොහුට පුළුවන් 1 mile ක දුරක් මිනිත්තුවේදී දුවන්න. සාමාන්‍ය දුවන වේගය පැයට කිලෝමීටර් 48ක් පමණ වෙනවා.

Sunday, October 14, 2018

Marvel Universe එකේ poisons කියන්නෙ කාටද?

poisons
මම හිතන්නෙ නෑ ගොඩක් අය දන්නවා කියලා.. කමක් නෑ.. මම කියන්න යන්නෙ Marvel Universe එකේ තවත් වැදගත් දෙයක්. (එච්චරම වැදගත් කියන්නත් බෑ) 

මම කියන්න යන්නෙ poisons කියලා දෙයක් ගැන. ඔය පින්තූරෙ ඉන්න ලොකු කටක් තියෙන පොඩි සත්තු තමා poisons කියන්නෙ.. මේක නිර්මාණය වෙන්නෙ 2017 දි Cullen Bunn, Iban Coello කියන දෙන්නගෙ අතින්. මේ poisons කියන්නෙ Symbiotes වගේ පරපෝෂිත ජීවී කොටසක්. මෙයාලා ඇතිවෙන්නෙ poison queen කෙනෙක්ගෙන්.. 
.
මෙයාලට බෑ හැමකෙනෙක්වම ධාරකයෙක් (host) විදියට තියාගන්න. මෙයාලට පුළුවන් සම්බන්ධ වෙන්න symbiote එක්ක.. ඒවගේම symbiote ධාරකයා එක්ක. මේක ස්ථිර බැඳීමක්... සදාකාලික බැඳීමක්. මේ poisons වලට පුළුවන් ඒ ධාරකයගෙ මතකයන්, හැඟීම් වගේම බලයන් පාලනය කරන්න. ඒ වගේම poisons කියන්නෙ symbiote වලට වඩා ගොඩක් powerful . ඒ කියන්නෙ symbiote hero කෙනෙකුට වඩා poison hero කෙනෙක් ගොඩක් powerful . ඒ වගේම symbiote කෙනෙක්ව පාලනය වෙන්නෙ symbiote + host සමබරව .. ඒත් poison අයව පාලනය වෙන්නෙ poison එකෙන් .. කෙලින්ම poison එකෙන්. 
.
මේ poisons ලගෙ උස, බර, ප්රමාණය අවස්ථාවට අනුරූපව වෙනස් වෙන සුළුයි. ඒ වගේම symbiote කෙනෙක් මේ තනි (host කෙනෙක් නැති) poison එකක් touch කලොත් ඒ සැනින් ඒ කෙනා poison කෙනෙක් වෙනවා.. ඒකයි මෙයාලට poison කියන්නෙ. 
.
හරි ඉතින් එහෙනම් මෙයාලගෙ marvel universe එකේ සම්බන්ධය ටිකක් බලන්න පුළුවන්...
Spoiler Alert... 👇👇👇 venomverse comics..
.
මේ හැම දෙයක්ම පටන් ගන්නෙ Earth-17952 එකෙන්.. මේ පෘථිවියෙ symbiote එකත් එක්ක dr.strange එකතුවෙලා ඉන්නෙ. ඒවගේම strange එක්ක තවත් වෙන symbiote වල සම්බන්ධකම් තිබිලා තියෙනවා. තවත් පැහැදිලි කලොත් dr. Strange venom , black panther venom, captain america venom වගේ කිහිපයක් මේ පෘථිවියෙ ඉන්නවා. ඉතින් poisons ලා පහරදෙන්න මේ පෘථිවියට ඒ වෙනකොටත් symbiote doom, sabretooth වගේ කිහිපදෙනක් poison වලට අහුවෙලා ඉන්නෙ.. poison doom තමා leader. ඉතින් මේ සටන ගොඩක් දුරදිග යනවා.. dr.strange (symbiote) තමන්ගෙ බලය පාවිච්චි කරලා විශ්වයන් පුරා පැතිරුණු symbiote වීරයො ගෙන්නනවා.. ඒත් ඒකෙන් වෙන්නෙ poison චරිත වැඩි වෙන එක විතරයි. Strange අන්තිමට ගෙන්නන්නෙ eddi ව.. එහෙම නැත්නම් venomව. ඒත් ඒකත් ලොකු උදව්වක් වෙන්නෙ නැහැ.. ඉතින් අන්තිමට eddi ගෙ අදහසක් මත dr.strange තව කෙනෙක්ව ගෙන්නනවා.. carnage (Marvel එකේ සුපිරිම චරිතයක්) ... Carnage ගැන දන්නවා නම් දැන් තේරෙනවනෙ මෙතන වෙන්න යන දේ. ඔව්.. carnage හදන්නෙ venom සෙට් එකම මරලා දාන්න. ඒත් එතකොටම එතනට poison සෙට් එකක් එනවා.. ඉතින් carnage තමන්ගෙ target එක වෙනස් කරනවා. Carnage කියනවා ඉස්සෙල්ලා poisons සේරම මරලා පස්සෙ symbiote ගැන බලාගන්නම් කියලා. ඊට පස්සෙ venompool ගෙ කැපකිරීමත් , carnage ගෙ සටනත් නිසා මේ සටන දිනනවා.. ඒත් උන් dr.strange ව පැහැර ගන්නවා. Dr.strange poison කෙනෙක්ව හදන්න යන්නෙ ඒත් carnage එක්ක එකතුවෙලා මේ යුද්ධය ම symbiote ලා දිනනවා. 
.
අන්තිමට (post credit සීන් එකක් වගේ)
පරාදවුනු dr. Doom poison එක ගිහින් කතා කරනවා. Poison වල doomටත් වඩා ලොක්කෙක් එක්ක .. ඒතමා poison thanos. ඔය පින්තූරෙ අන්න ඒ scene එක තමා.. මෙතනදි thanos කියනවා. "Thanks to dr.strange and his army, we know there are countless realmes yet to be found And we poisons conquer them all"
.
ඉතින් අනිවාරෙන් තවත් සුපිරිම කොටසක් ඒවි කියලා කියන්න පුළුවන්.. තව දෙයක්.. poison එක්කෙ එකතු වුනාම පෙනුමෙ ලොකු වෙනසක් වෙනවා.. හරියට වීදුරු කෑලි වලින් හැදුන කෙනෙක් වගේ වෙනවා. පින්තූරෙ ඉන්න අය වගේ.. අන්තිමටම කියන්න තියෙන්නෙ post එක ගැන ඔයාලගෙ අදහස comment කරන්න කියලා. ඒ වගේම පුළුවන් හැමෝම මේ Comic series එක කියවන්න...
.
C U
#Zero