Thursday, February 14, 2019

ආදරය

ආදරය
මේ post එකත් සුපුරුදු රටාවෙන් මිදුනු වෙනස් ආකාරයක post එකක්. මේ post එක වැලන්ටයින් එක ගැන කියල දාන දුක් ගැනවිල්ලක් නම් නෙවෙයි. මේ post එක ටිකක් දිගවෙයි. කියවනවා නම්, බූට් කාපු කෙනෙක් නම් අනිවාරෙන් කියවල බලන්න කියල ඉල්ලීමක් කරනවා.

ආදරය, ඇත්තටම මොකක්ද මේ ආදරය ? ලිංගිකත්වය ද?
මේකට ගොඩක් අය උත්තරේ දන්නවා. බල්ලො , පූසො ,නරි , මුගටි උනත් ඔය ලිංගිකව හැසිරීමේ කර්තව්ය කරනවා. ඒකට ආදරය ඕනම නැහැ. හැබැයි ආදරයෙත් එක් කොටසක් ඒ හා බැඳී තියෙනවා. ඒත් ලිංගිකත්වය කියන්නෙ ආදරය නෙවෙයි. ගොඩක් අය මේක වරද්දගන්න තැනක්.
ආදරයේ ආරම්භය කොතනද?
අපිට මුලින්ම ආදරය ලැබෙන්නෙ අම්මගෙන්, අම්මා තරම් මේ ලෝකෙ කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ. අම්ම කෙනෙකුගෙ ජීවිතේම තමන්ගෙ දරුවන්. අද වෙනකොට අම්මලා ගොඩක් බිසී වෙලා දරුවන් ව අමතක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම දරුවන්ව කුණු බක්කි වල දාලා යන සිදුවීම් අපේ රටෙත් බහුලව සිදුවුනා. නමුත් ඒ අම්මලා නෙවෙයි. එයාලා ගැහැණු විතරයි . අම්මා කියන්නෙ ළමයින් ට ආදරය කරන කෙනෙක්. ඒ වගේම අපි හැමෝගෙම ලෝකෙ දෙවියන් වෙන්නෙ අපේ අම්මා.
තාත්තා කියන්නෙත් අපිට ගොඩක්ම ආදරය කරන කෙනෙක්. ඒත් තාත්තා ඒ ආදරය පෙන්නන්න යන්නෙ නැහැ. ඇත්තටම ඒ ආදරය අපිට දැනෙන්නෙ නැහැ. මොකද තාත්තා කියන්නෙ අපිට ටිකක් දුරින් ඉඳන් අපිව ආරක්ෂා කරන කෙනෙක්. අපිට නොපෙනෙන ගොඩක් අනතුරු නැතිකරලා දනවා. අපි ඒ ගැන දන්නෙ වත් නැහැ.
ආදරය, ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද?
ඇත්තටම ඒක විස්තර කරන්න නම් මම වචන දන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ අයින්ස්ටයින් ට වත් ඒකට පැහැදිලි අර්ථකථනය ක් දෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ බුද්ධියට එහා දෙයක්. ආදරය කියන්නෙ පුදුම සහගත දෙයක්. ආදරයට ගොඩක් ප්රාතිහාර්යයන් කරන්න පුළුවන් .
ආදරය හා ආශාව , දෙකක්ද?
ආදරය , ඒක කිව්ව ගමන් අපිට දෙයක් දැනුනා . එහෙම නේද? . ආශාව කියන්නෙ දෙයක් වෙනුවෙන් තියෙන කැමැත්ත. මේක ඇත්තටම දෙකක්. අද කාලෙ ගොඩක් අය මේ ආදරයයි ,ආශාවයි පටලවා ගන්නවා. අහලා තියෙනව නේද ඕන තරම්, තම පෙම්වතා හෝ පෙම්වතිය හැරයාම හේතුවෙන් සියදිවි නසා ගැනීම් ගැන. ඒකට තියෙන්නෙ එක හේතුවයි. ඒක තමයි ආශාව, කෙනෙකුට තවත් කෙනෙක් ගැන ආශාවක් තියෙනව නම් , ඒකෙන් වෙන්නෙ ගොඩක් නරක දේවල්. මොකද ඒ දේ නොලැබුනාම බලෙන් ලබා ගන්න යනවා. ආදරය, නැහැ. ආදරයෙදි එහෙම නැහැ. ආදරය කියන්නෙ මිනිස්සුන්ව මරවන දෙයක් නෙවෙයි, ජීවත් කරවන දෙයක්. ආදරය කරන දෙදෙනෙකුගෙ වෙන්වීමක් වුනොත් ඇත්තටම දෙන්නගෙම හිත්වල ලොකු වේදනාවක් තියෙනවා. නමුත් ඒ දෙන්නටම පුළුවන් කමක් තියෙනවා , තමන්ගෙ ආදර වන්තයාගෙ හෝ වන්තියගෙ සතුට වෙනුවෙන්, ඔහුව හෝ ඇයව අත් හරින්න. ඒකයි ආදරය, නැතුව මැරිලා අනිත් කෙනාට දුකක් දෙන්න හිතන එක නෙවෙයි.
සත්ය ප්රේමය, ආත්ම ගනනක බැඳීම් බොරුද? එහෙම දේවල් මේ ලෝකෙ නැත්ද?
ඒව ඇත්ත. නමුත් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ ලෝකෙ ඉන්න මිනිස්සු වර්ග 4ක් ඉන්නවා.
යක්ෂ (ගැහැණු / පිරිමි ) වගේම දේව (ගැහැණු / පිරිම). එක පාරට නිකන් post එකම track out වුනා වගේ නේද?. ඇත්තටම කිව්වොත් සත්ය පේමවන්තයො මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා. ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති. ඒ අය තමා දේව කොටසට අයිති වෙන්නෙ. ඒත් අවාසනාවකට යක්ෂ කොටසකුත් ඉන්නවනෙ. මේක ගොඩක් ලොකු ලෝකයක්, ඉතින් අපිට මුලින්ම හමුවෙන කෙනාම අපේ පතාගෙන එන ආදරය වෙන්න ඉඩ ගොඩක් අඩුයි. එහෙම වෙන්න පුළුවන් ඉතාම කලාතුරකින් . මම අත්දැකීමෙන් කියන්නෙ. මම දැකලා තියෙනවා, තමන්ගෙ අනාගතයම ප්ලෑන් කරපු, ගෙවල් වලින් පවා කැමැත්ත දීලා තිබුනු කපල් වෙන් වෙනවා. ඒ වගේම එහෙම වෙන් නොවුන කපල් පවා මම දැකල තියෙනවා. ඔයාගෙ ආත්ම ගනනක බැඳීම ඔයාට හමුවේවි කරන්න තියෙන්නෙ ටිකක් ඉවසන එක.
ඔයා ඇත්තටම සැබෑ ආදරවන්තයෙක් ද?
ආදරවන්තියක් ද?
ඔයා ආදරයක් හොයන්න පටන් ගන්නෙ නිකන් නෙවෙයි. ඒකට අපේ සිරුරේ ස්රාවය වෙන හෝර්මෝන බලපානවා. ඉතින් ඔයා ආදරය හොයන්න පටන් ගන්නවා. මේ ගමනෙදි ඔයාට යක්ෂ , දේව කොටස් දෙකම හමුවේවි. යක්ෂ අය කියන්නෙ සැබෑ ආදරය නොපිළිගන්නා , සැබෑ ආදරය නොදන්නා පිරිසක්. ඔවුන්ට අවශ්ය එකම දේ තමන්ගෙ ශරීරයේ අවශ්යතාවය ඉටු කරගැනීම, එහෙම අයට අහුවුනොත් දේව කෙනෙක් වුනත් විනාශ වෙන්න පුළුවන් , ( නිකමට ටිකක් හිතල බලන්න. ඔයාගෙ ආත්ම ගනනක සහකාරිය , සහකාරයා ඔයාව හොයනකොට , ඔයා යක්ෂ කෙනෙක් ලඟ නිරුවත් වෙලා. ඔහුගේ හෝ ඇයගේ තැන වෙන කෙනෙකුට දීලා). ඒ කියන්නෙ ඔයා සැබෑ ආදරය දන්න කෙනෙක් වත්, පිළිගන්න කෙනෙක් වත් නෙවෙයි.
ඒත් සත්ය ආදරයමයි කියලා අඳුරගන්නෙ කොහොමද?
(අපි ළඟට ඇවිත් කියන්නෙ නෑනෙ " හායි, මම තමයි සත්ය ආදරය " කියලා) .
ඒක දැනෙන්නම ඕන, හදවතට දැනෙන්න ඕන. ඔයාට කෙනෙක් ඇත්තටම ආදරෙයි නම් එයා ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ. කිසිම දෙයක්. ඒ වගේම අනවශ්ය දෙයක් කරන්න පොළඹවා ගන්නෙත් නැහැ. හරිම කෙනා ලැබුන දවසක ඔයාට දැනෙයි ඔයාගෙ ලෝකෙම සම්පූර්ණ වුනා වගේ. ඔයාගෙ ලෝකෙම එයා වුනා වගේ එයාගෙ ලෝකෙම ඔයා වෙයි. එදාට ලිංගිකත්වය කියන්නෙ එක් නොවැදගත් දෙයක් කියලා තේරෙයි.
ආදරය කියන්නෙ සඟවන්න ඕන දෙයක් ද?
ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ශෘංගාරය , රාගය ඕනම හිතක් තුල ඇති වෙන්න පුළුවන් . ඒක හරියටම පාලනය කරපු ජාතීන් අතර ඉහළින්ම හිටිය ජාතියක් තමා සිංහල කියන්නෙ. ඒත් සුද්දා ඇවිත් ගියාට පස්සෙ ලංකාවෙ ඉතිහාසයත් වෙනස් වෙලානෙ. අවු. 2500 ක් පරණ ඉතිහාසයක්, සංස්කෘතියක් හැදිලනෙ. හැබැයි මේ වගේ සංස්කෘතියක් ඒ කාලෙ තිබුනා කියල නම් කිසිම සාක්ෂියක් වත් නැහැ. කමක් නැහැ. මෙතන ඉතින් ඒක කතා කරන්න නෙවෙයි නෙ.
ආදරේ පෙන්නන්න ලැජ්ජ වෙන්න එපා. ඒක සඟවන්නත් එපා. ආදරය කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ වැරදි අදහස් නිසා ඒක සඟවනවා. ඒ නිසා තමයි ළමයි ආදරය වැරදියට තේරුම්ගන්නෙ. කවද හරි දැකල තියෙනවද අම්මා තාත්තා කිස් කරනවා. ( ආනන්තරීය පාපකර්මයක් නෙවෙයි ඒක) . ඒක ආදරය , නැතුව වෙන දෙයක් නෙවෙයි. අඩු තරමෙ අදකාලෙ දෙමව්පියෝ එකි නෙකාව බදාගන්නෙවත් නැහැ. ඉතින් ළමයි දැන ගන්නෙ මොන රෙද්දක් ද? උන් ආදරය ගැන නොදැන අමාරුවෙ වැටෙනවා. මේක වැඩිහිටියෙක් කියෙව්වත් කේන්ති යාවි එච්චරයි . ඒත් ඔයා මේක කියෙව්ව නම්, තරුණ කෙනෙක් වුනත් මේක හිතන්න . මොකද දවසක ඔයත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙනවා. කවම දාකවත් ආදරය සඟවන්න එපා.
ආදරය කියන්නෙ භයානක දෙයක්ද?
ඔව්, ආදරය කියන්නෙ පරමාණු බෝම්බයක් වගේ. වැරදි ආදරයකට පුළුවන් ජීවිතයම විනාශ කරන්න. ආදරයෙන් අපිව අන්ධ කරනවා. ඒක ඇත්ත. අපිට පේන්නෙ ආදරයෙන් අපිට පෙන්වන දේවල් විතරයි. ඒ නිසා ගොඩක් ප්රවේසම් වෙන්න ඕන. ඒ කියන්නෙ පොඩි සැකයක් තියාගන්න ඕන. සැකයක් තියාගන්න දෙන්නා 100%ක්ම එකතු වෙනකම් විතරක්. විවාහය වෙනකම් විතරක්. මොකද සැකයට පුළුවන් ඕනම දෙයක් විනාශ කරලා දාන්න. ඒකට සීමාවක් නැහැ. ඒ නිසා ඕනවට වැඩියෙන් සැක කරන්න යන්න එපා.
ආදරය ගොඩනැගෙනුයේ විශ්වාසය මතද?
මම කලින් කිව්වා නේද සැක කරන්න කියලා. ඒක ඇත්තටම කරන්නෙ ඔයාව ආදරයෙන් ඈත් කරන එක. මොකද ආදරයේ පාදම තමයි විශ්වාසය. සැකය කියන්නෙ අපිව ආදරයෙන් ඈත් කර තබන දෙයක්. මම ඒකයි කිව්වෙ ටිකක් සැක කරන්න කියලා. විවාහයෙන් පසු සැකය සම්පූර්ණයෙන්ම අත් හරින්න. විශ්වාසය විතරක් ඉතුරු කරගන්න. .
තව කියන්න දේවල් නම් ඕන තරම් තියෙනවා. ඒත් post එක දැනටම දිග වැඩී තවත් දික් ගස්සල එපා කරවන්නෙ නැතුව එහෙනම් මම නවතින්නම්. මේක කියෙව්වා වගේම අදහස් comment කරලා. තවත් කෙනෙකුට බලන්න share කරන්න.
ආදරය කරන්න.
ආදරය විඳින්න.

Thursday, January 24, 2019

Ready Player One .

Ready Player One
.

මේ post එක දාන්නෙ ඉල්ලීමක් කරපු නිසා. ඇත්තටම මේක තනි post එකකින් විස්තර කරන්න අමාරු දෙයක් කොහොම වුනත් ඉතින් දැන් ඒක තමා කරන්නෙ.
2011 වසරේදි ඇමෙරිකානු ජාතික Ernest Cline විසින් රචනා කරන විද්‍යා ප්‍රබන්ධයක් තමා Ready Player One කියන්නෙ. ඉතින් මේ පොත ගැන ලොකු විස්තරයක් කියන්න පුළුවන් . එහෙම වුනොත් ඇත්තටම මේකෙ ඉඩ මදි වෙනවා. ඉතින් අපි පොතෙන් බැහැරව මේ කතාව ගෙනියමු. අවස්ථාවක් ලැබුනොත් ඉදිරිකාලය තුල Sricom තුලින් අපි උත්සාහ කරන්නම් මේ පොත ගැන ලිපි කිහිපයක් ගෙන එන්න. මේ පොතේ තියෙන කතාවට වඩා ටිකක් Film එකේ කතාව වෙනස්. ගොඩක් දුරට වෙනස් සිදුවීම් තමා තියෙන්නෙ. ඒත් සාරාංශයක් විදියට ගත්තොත් නම් එකම කතාව තමයි. හොඳයි එහෙනම් අපි Film එක ගැන බලමු..
2018 දි, Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේකෙ තිර රචණය කරන්නෙ Zak Penn සහ Ernest Cline විසින්. s Tye Sheridan , Olivia Cooke , Ben Mendelsohn , Lena Waithe , T.J. Miller , Simon Pegg , සහ Mark Rylance වැනි බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයෙහි රඟපානවා. Warner Bros. විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක වියදමක් දරමින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 582.2ක box office ආදායමක් උපයනවා.
මේකෙ කතාව සරලවම පැහැදිලි කරනවා නම් 2045 වර්ෂයේදි, ලෝකයේ ජනගහනය වැඩිවීම, ගෝලීය උනුසුම ඉහල යාම, බලශක්ති අර්බුදය , ඉන්ධන හිඟය වගේ ගොඩක් හේතූන් මත මිනිසුන්ගෙ ජීවන චර්‍යාවන් වෙනස් වෙලා යනවා. James Halliday කියන පුද්ගලයා විසින් OASIS කියන Virtual Reality තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩා කලහැකි ක්‍රීඩාවක් නිර්මාණය කිරීමත් සමග ලෝකය පුරාම මිනිසුන් දැඩි ලෙස මේකට ඇබ්බැහි වෙනවා. ඔවුන් සැබෑ ජීවිතයෙ ප්‍රශ්න මග හරින්න මේ ක්‍රීඩාවට පුරුදු වෙනවා. Halliday ගෙ මරණයෙන් පසුව විශේෂ නිවේදනයක් කරනවා මේ OASIS ක්‍රීඩාව තුල සැඟවුනු Easter egg එකක් පිළිබඳ ව ( Easter egg කියන එක මෙතන ලොකුවට විස්තර කරන්න බැහැ. සරලවම කිව්වොත් සැඟවුනු දෙයක් කියලා හිතන්නකො).මේ Easter egg එකට යන්න keys තුනක් ඕන කරනවා. මේ Easter egg එකේ විශේෂත්වයක් තියෙනවා. මේක හොයාගන්න කෙනාට OASIS වල හිමිකාරිත්වය ලැබෙනවා. ඉතින් Nolan Sorrento කියන කෙනාට ඕන වෙනවා මේ OASIS කියන ක්‍රීඩාව පාලනය කරන්න ඒ නිසා ඔහු තමන්ගෙ Company එකට (Innovative Online Industries = IOI) gaunters එහෙම නැත්නම් egg huntersලව වැඩට ගන්නවා. ඉතින් මෙයා මුළු IOI හමුදාවක් ම යොදනවා මේ Easter egg එක හොයන්න.
තමන්ගෙ නැන්දා සමග ඉන්න Wade Watts කියන කොල්ලා විනෝදාංශයක් වශයෙන් කරන්නෙ egg hunt කරන එක.. ඔහු ඒකට ගොඩක් දක්ෂයි. ඔහුගෙ OASIS හි avatar එක Parzival, ඒ වගේම ඔහුගෙ මිතුරෙක් ඉන්නවා OASIS තුල Aech කියලා , ඔහු mechanic කෙනෙක් (game එකට). ඔහුට තවත් මිතුරියක් හමුවෙනවා Art3mis කියලා. මෙයාලා Halliday ගෙ අතීතය ගැන හොයනවා . ඒක අධ්‍යයනයෙන් පළමු සහ දෙවන keys හොයාගන්නවා. ඇත්තටම පලමු key එක Parzival තනියම හොයාගන්නෙ. මෙයාලා දෙවෙනි key එක හොයාගන්න යනවා shining කියන movie එකට.. ඒකෙ තියෙන hotel එකකට එතනට යනකොට මෙයාලගෙ කණ්ඩායමේ පස් දෙනෙක් ඉන්නවා. මෙයාලා OASIS තුල "High Five" ලෙස ප්‍රකට වෙනවා.
OASIS තුල i-R0k කියන නමින් ඉන්න පුද්ගලයෙක් හරහා Sorrento විසින් හොයාගන්නවා Parzival ගෙ ඇත්ත ලෝකෙ විස්තර ඉතින් මෙයා Parzival ට යෝජනා කරනවා IOI වෙත එකතු වෙන්න. ඒත් wade ඒක ප්‍රතික්ෂේප කරනවා. Sorrento තමන්ගෙ ගෝලයෙක් යොදවලා Wade ගෙ නිවස විනාශ කරනවා. Wade ගෙ නැන්දා ඒකෙන් මැරෙනවා. OASIS තුල Art3mis නමින් ඉන්න Samantha Cook කියන කෙනා Wade ව බේරගන්නවා. නමුත් ඉක්මනින් IOI අය මෙයාලව හොයා ගන්නවා . Samantha ඔවුන්ට අහුවෙනවා. ඉතින් High five team එක එකතු වෙලා [Helen (Aech), Toshiro (Daito), and Zhou (Sho)] , Samantha ව බේරගන්න උත්සාහ කරනවා. Samanthaව IOI හරහා OASIS වලට Connect කරනවා. Samantha connect වෙන්නෙ Art3mis විදියට. ඉතින් High five Samanthaව හොයාගන්නවා.
මෙහි තුන් වන key එක ලබා ගැනීමට OASIS තුල තියෙන planet doom හි මාලිගාවක තියෙන Halliday ගෙ ආසම ක්‍රීඩාව play කරන්න වෙනවා. මේක ඉස්සෙල්ලා ම දැනගන්න Sorrento මේ Castle එකේ ආරක්ෂාවට Magic shield එකක් active කරනවා. ඒත් IOI හරහා connect වෙන Art3mis මේ shield එක විනාශ කරනවා. මුළු IOI හමුදාව ම එකතු වෙලා මේ Castle එක ආරක්ෂා කලත් OASIS ක්‍රීඩකයන් එකතුවෙලා මේ Castle එකට පහර දෙනවා. අන්තිමට Sorrento විසින් Cataclyst කියන උපකරණය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා සම්පුර්ණ planet doom මත ඉන්න හැම Avatar එකක්ම විනාශ වෙනවා.(මම මුළු චිත්‍රපටය ම කිව්වෙ නැති වුනාට තව ගොඩක් සිදුවීම් තියෙනවා ඉතින්). Parzival ට ලැබෙන එක විශේෂ කාසියක්. Archive's Curator විසින් දෙන මේ කාසිය දෙන්නෙ පොඩි ඔට්ටුවකට. ඒත් කාසි දහස් ගනන් හුවමාරු වෙන තැනක මේ කාසිය කන්නද?. ඒත් මේ කාසිය නිසා Parzival බේරෙනවා අර bomb එකෙන් මොකද මේ කාසිය extra life එකක්. කොහොම හරි අන්තිමට Parzival තුන්වෙනි key එකත් හොයා ගන්නවා. එතනදි Parzival ට ගිවිසුමක් අත්සන් කරන්න දෙනවා. Parzival මේක ප්‍රතික්ෂේප කරනවා. ඒක තමා Halliday ගෙ අන්තිම පරීක්ෂණය Parzival කියන කෙනාත් තමන්ගෙ වරදම කරන එකක් නැහැ කියන්න. Parzival ට golden egg එකක් වගේම OASIS වල හිමිකාරිත්වය ලැබෙනවා.
ඇත්ත ලෝකයේදි Sorrento එනවා මේ Parzival දිනන එක නවත්වන්න .. ඇත්තටම Parzival ව මරන්න. ඒත් ඊට කලින් ඔහුව අත් අඩංගුවට ගන්නවා . Bomb එකක් සම්බන්ධව (අර Parzival ගෙ ගෙදර සීන් එක). අන්තිමට Parzival ට හිමිකාරිත්වය ලැබෙනවා .. Parzival තීරණය කරනවා High five කණ්ඩායමත් එක්ක එකතු වෙලා OASIS පාලනය කරන්න. ඒ වගේම සතියට දවස් දෙකක් OASIS නැති කරනවා. සාමාන්‍ය ජීවිතයක් තිබිය යුතු නිසා. ඒ වගේම wade , samantha දෙන්නත් එකතු වෙනවා.
ඇත්තටම මෙහෙම කතාව කියන එකවත් review දාන එකවත් ලොකු දෙයක් කියලා මම හිතන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් උනොත් Ready player one පොතේ කතාව ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම predator ගැනත් තව post දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. Now you see me එකත් වැඩි විස්තර හොයාගෙන දාන්නම්. නැත්නම් නිකන් කතාවක් දාන එක තේරුමක් නැහැ.
#Zero
@Sricom

Saturday, January 12, 2019

DC - Detective Comics ඇත්තටම Dark universe එකක්ද?

DC - Detective Comics
ඇත්තටම Dark universe එකක්ද?


මුලින්ම කියන්න ඕන DC කියන්නෙත් සාමාන්ය ආකාරයේ Comic universe එකක්ම තමයි. මීට අවුරුදු 80කට කලින් එහෙම නැත්නම් 1939 දි Timely comics කියලා Martin Goodman විසින් පටන් ගන්න Comic universe එක 1961 දි Marvel Comics කියලා ප්රසිද්ධ වෙනවා. 1934 එනම් මීට අවුරුදු 85කට කලින්, ඒ කියන්නෙ Marvel universe එක පටන් ගන්න අවුරුදු පහකට කලින්
Malcolm Wheeler-Nicholson විසින් National Allied Publications කියන නමින් පටන් ගන්න Comic කතාවන් DC comics ලෙස ප්රකට වෙනවා. 1986 දි ඒ කියන්නෙ DC universe එක ආරම්භ කරලා අවු. 52කට පස්සෙ නිර්මාණය වෙනවා Dark horse comic universe එක . මෙහි ආරම්භකයා වෙන්නෙ Mike Richardson කියන පුද්ගලයා.
ඇත්තටම මුලින්ම මේ DC universe එක ආරම්භ වෙන්නෙ මුදල් අරභයා නෙවෙයි. (මම මුල් නම් පාවිච්චි නොකර අපි දන්න නම් පාවිච්චි කරන්නම්. නැත්නම් පටලැවීම් වෙයි.) මේ කාලය තුල දෙවන ලෝක යුද්ධය ක අවධානමක් පැවතුනා. ඉතින් ඔවුන්ට අවශ්ය වුනේ තමන්ගෙ රටේ සොල්දාදුවන්ගේ , ජනතාවගෙ බය නැති කරන්න. බලාපොරොත්තුවක් දෙන්න. අපේ භාෂාවෙන්ම් කිව්වොත් මොරාල් එක හදන්න. මේ අතර විශේෂයෙන්ම කියන්න ඕන Batman චරිතය . මෙ චරිතය හඳුන්වාදෙන්නෙ 1939 දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුන වර්ෂයෙදි. ඒ වගේම මේක ගොඩක් සාර්ථක වුනා. මේකෙන් ඇත්තටම ඔවුන් නොහිතපු පැති විවර වුනා. නොහිතපු අවි ආයුධ කරලියට ආවා. ඒ වගේම සොල්දාදුවො යුද්ධෙට තිබුන බය නැතිවෙලා ගියා. හැබැයි මේ දේවල් වුනේ Batman චරිතය නිසා නම් නෙවෙයි. මේකට හේතුවෙන්නෙ 1938 අප්රේල් 18 වෙනි දින හඳුන්වාදුන් Superman කියන චරිතය . සරලවම කිව්වොත් හැමෝම Superman විශ්වාස කලා. සෙබලුන් අතර සැඟවිලා ඉන්න අවශ්ය වුනාම උදව්වට එන වීරයෙක්.. කවදාවත් හැබැහින් නොදැක්කට ගොඩක් අයගෙ ධෛර්යය වැඩිවෙන්න මේ Superman හේතු වුනා.
1939 දි Martin Goodman විසින් Timely Comics පටන් ගත්තම 1941 දි Captain America කියලා චරිතයක් හඳුනවා දෙනවා. මේකෙන් ඇත්තටම Superman විසින් ගොඩනගපු රැල්ල තවත් වේගයෙන් ගෙනියනවා. අනිත් රටවල් සටන් කලාට වඩා ගොඩක් බුද්ධිමත් විදියට ඇමෙරිකා හමුදාව සටන් කරනවා. ඒ වගේම ගොඩක් අයගෙ මතයට අනුව ඇමෙරිකාව ලැබූ දියුණුවට ප්රධාන වශයෙන්ම මේ Comics හේතුවුනා කියන්න පුළුවන්. මේ විදියට කාලය ගතවෙන අතර Timely comics හා Detective comics අතර සුහදතාවක් ඇතිවෙනවා. මේකෙ ප්රතිඵලයක් විදියට ඔවුන්ගෙ කතා Type ගොඩක් වෙනස් කරනවා.
ඒත් හැමෝගෙම අදහස වෙන්නෙ එක Universe එකක් පැවැත්මට වඩා Universe දෙකක පැවැත්මෙන් ඇතිවන තරඟය නිසා වඩාත් ඉහළ ප්රමිතියකින් යුතු Comic නිර්මාණය වෙයි කියලා. ඉතින් මේ Universe දෙක නැවත වෙනස්ම පාරවල් දෙකකට වැටෙනවා. ඒ 1961 දි Timely Comics කියන නම Marvel Comics ලෙස වෙනස් නමකින් ප්රසිද්ධ වීමත් සමග. මේකෙන් පස්සෙ 1962-1963 වර්ෂවල තමා අපි දන්න Hulk, Ironman , Spiderman , Thor වගේ චරිත නිර්මාණය වෙන්නෙ. ඇත්තටම මේ Universe දෙක වෙන් වුනාට ඔවුන් තමන්ගෙ Comics හරහා විවිධ ඉඟි ලබාදීලා තියෙනවා Marvel, DC කියන්නෙ එකම අධිවිශ්වයක කොටස් දෙකක් කියලා. ඒත් ඇත්තටම ඒක පැහැදිලිව විස්තර කරන්න තරම් ප්රමාණවත් තොරතුරු නැහැ.
මේ වෙන්වීමෙන් තවත් වැදගත් දෙයක් සිදුවෙනවා. ඒ තමයි මේ Universe දෙකටම ආවේණික Theme එකක්. තේමාවක් ගොඩ නැගෙනවා. අපි දන්නවා Marvel කිව්වම සාමාන්යයෙන් සාමාන්ය විදියට ගලාගෙන යන, විනෝදය , කුතුහලය වගේ ගොඩක් අංශ සමබරව යන Universe එකක්. Marvel Comic වලින් ගොඩක් දුරට අපේ මනස සැහැල්ලු වෙනවා. කෙනෙක් මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. මොකද සමහර MCU සිදුවීම් වලින් මනසට තවත් ප්රශ්න එකතු වෙනවා. ඒත් මම කිව්වෙ මූලිකවම. Marvel ලගෙ මූලිකම අරමුණ වෙන්නෙ ඒක.ඒකට විතරක් සීමා වෙනවා කියලා ඒකෙන් කියවෙන්නෙ නැහැ. ඒ වගේම DC කියන්නෙ ගොඩක්ම ත්රාසය, භීතිය වගේම මනුෂ්යත්වයට ප්රධාන තැනක් දෙන Universe එකක්.. ඒකෙන් කියවෙන්නෙ නැහැ DCEU එකේ විනෝදය, කුතුහලය නෑ කියලා. මේ Universe දෙකම සමානයි . වෙනස වෙන්නෙ පොඩි දේවල් කිහිපයකින්..
Marvel , DC ගැන තවත් කිව්වොත් මේක හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. කාසිය නිර්මාණය වුණු අමුද්රව්ය එකම තමා. ඒත් පිටතට පෙන්නෙ දෙවිදියකට. තව දෙයක් Marvel , DC කියන්නෙ WB , Disney නෙවෙයි.
හරි තව ටිකක් ගියානම් ප්රධාන මාතෘකාව අමතක වෙලාම යනවා. DC Film අඳුරුයි. ඕක ගොඩක් අය කියන දෙයක් . මේකට සමහරක් දෙන උත්තරේ තමා ඔව් Comics අඳුරුයි. ඉතින් Film අඳුරුයි තමයි. නෑ DC Film වල ඔය කියන විදියෙ අඳුරක් නෙවෙයි තියෙන්නෙ. Detective Comics නමෙන්ම රහස් පරීක්ෂක ගතියක් දැනෙනවා නේ?. ඉතින් එහෙම එකක් Film එකෙන් Comic එකෙන් දැනෙන්නෙ කොහොමද?
අන්න එතන තමා DC අඳුර කියන්නෙ. සාමාන්යයෙන් තියෙනවට වඩා මද අඳුරක් DC ලගෙ තියෙනවා. ඒකෙන් ඇත්තටම වෙන්නෙ ප්රේක්ෂකයා ගෙ හිතේ ඇතිකරනවා අදහසක් මේක Horror type එකේ කතාවක් කියලා. ඒ වගේම ලොකු Serious ගතියක් දැනෙනවා. එහෙම අඳුරක් නැති වුනා නම් ඒක මෙච්චරම දැනෙන්නෙ නැහැ.
ගොඩක් අය හිතාගෙන ඉන්නවා DC එකේ අඳුරෙ Fight වෙන නිසා DC එක අඳුරුයි කියලා. (උන් හිතාගෙන ඉන්නෙ DC එකේ රෑ විතරයි තියෙන්නෙ. ඒක තමයි DC අනන්යතාවය කියලා.😂). ඇත්තටම මේකටත් සාධාරණ හේතුවක් තියෙනවා. ඒ තමා Batman. Batman කියන නමෙන්ම තේරෙනවනෙ මූ නිශාචර ඩෑල් එකක් කියලා. ඒ ඇරත් Batman ව නොදන්න එකෙක් නෑනෙ. ඉතින් Batman කියන චරිතය වැඩ පෙන්නන්නෙ රෑට.. ඉතින් බැටා ඉන්න ගොඩක් කතා කොහොමත් තියෙන්නෙ රෑ විදියට.. ගොඩක් අය හිතන්නෙ ඒක තමයි DC අඳුර කියලා.. ඉස්සරහට කොහොමත් DCEU එකේ Films ඉහල මට්ටමකට එයි. එතකොට තේරෙයි ඇත්ත.
DC films වලින් හරියටම වැඩ පෙන්නුවෙ christopher nolan . අමුතුවෙන් කියන්න ඕන නෑනෙ Nolanගෙ වැඩ ගැන. Nolan ගෙ Dark knight thrilogy එකේ එක තැනකවත් අපිට හිතෙනවද Dark වැඩී කියලා. නෑ.. ඇත්තටම DC Comics වලින් Film එකක් හදන එක ලොකු අභියෝගයක් . ඒ අභියෝගය සාර්ථකව ජයගනිපු අනිත් කෙනා තමයි Snyder (නම හරිද දන්නෙ නෑ 🤔🤔). මෙයාත් සුපිරිම DC film අධ්යක්ෂණය කරපු කෙනෙක්. ඉස්සරහටත් DC fansලගෙ ලොකුම බලාපොරොත්තුව මෙයා. Director කෙනෙකුට ලේසියෙන් DC film එකක් කරන්න බැරි බව තේරුම්ගන්න පුළුවන් හොඳම උදාහරණය තමා JL , දැක්කනෙ...
DC කියන්නෙ ඇත්තටම Dark universe එකක් නෙවෙයි. DC කියන්නෙ තවත් එක් Comic universe එකක්. මේකෙත් ඉතින් අඩුපාඩු ඇති. වැරදි ඇති. Comment කරන්න. ඒ වගේම මගේ අදහසට එකඟ නැත්නම් ඒකත් කියන්න. කොහොම හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි.
හුරුවෙයන් Marvel & DC දෙකම රසවිඳින්න.
ඒක පට්ට
#Zero
@Sricom