Tuesday, November 13, 2018

රස වින්දනය

රස වින්දනය...
.
   මේ මාතෘකාව ගොඩක් අය අකමැති මාතෘකාවක් . මොකද එක එක්කෙනාගෙ රස වින්දනය වෙනස් නිසා. මේ post එකෙන් මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ චිත්‍රපට රසවින්දනය ගැන...

          ඉතින් අපි හැමෝම චිත්‍රපට , බයිස්කෝප්  එහෙම නැත්නම් ෆිල්ම් කියන ඒවා බලනවනෙ. මේ කියන්නෙ අන්න ඒ රසවින්දනය ගැන. මුලින්ම කැමරාව හොයාගත්තට පස්සෙ මිනිසුන් යොමු වෙනවා කෙටි කතාවක් රඟ දක්වලා ඒක රූගත කරලා අනිත් අය සමග නරඹන්න. මේක ටික කාලයක් ගතවීමත් සමග මිනිසුන් මේ චිත්‍රපට වෙනස් පැත්තකට හරවනවා. විශේෂයෙන් බටහිර රටවල්  මේ සඳහා යොමුවුනා කියන්න පුළුවන්. ඔවුන්ට ඇත්තටම මේ චිත්‍රපට හරහා දෙයක් දකින්න ලැබුනා. ඒ තමයි චිත්‍රපට කියන්නෙ හැබෑ ලෝකයෙන් මිදුනු වෙනස්ම ලෝකයක් කියන එක. ඉතින් ඔවුන් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරනවා සැබෑ ලෝකයේ මිනිසෙකුට විඳින්න නොහැකි අත්දැකීම් විඳින්න පුළුවන් ආකාරයේ චිත්‍රපට ..
ඒ අනුව තමා sci fi , fantasy වගේ categories චිත්‍රපට කර්මාන්තයට එකතු වෙන්නෙ..

          ලෝකයේ ජීවත් වන ජනතාවගෙන් 5%ක් පමණ චිත්‍රපට නැරඹීමට වරම් නොළැබූ අය. ඒ වගේ ම 2%ක් ඉන්නවා චිත්‍රපට නරඹන්න අකමැති. මේකට මූලිකම හේතුව වෙන්නෙ එයාලා කැමති නැහැ . තවත් කෙනෙකුගෙන් දෙයක් ඉගෙන ගන්න. ඔවුන් තනිව තීරණ ගන්න. තනිව ජීවත්වෙන්න ලැදි අය. නමුත් ලෝක ජනගහනයෙන් 93%ක්ම  පමණ චිත්‍රපට නරඹන්න කැමති අය...

               අපිට ලංකාවෙදි ගොඩක් රටවල , ගොඩක් භාෂා වල film  බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අතරින් අපිට වැඩියෙන්ම සමීප වෙන්නෙ සිංහල චිත්‍රපට. කියන්න සතුටුයි අදකාලෙ නිර්මාණය වන සිංහල චිත්‍රපට වලින් 90%ක්ම පමණ හින්දි , තෙලිඟු චිත්‍රපට වල කොපි. ගොඩක් අය මේ නිසා සිංහල චිත්‍රපට ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගෙ වරදක් නැහැ. ඕනම කෙනෙක් කැමති නැහැ එකම දෙයක් දිගින් දිගටම දකින්න. එකම චිත්‍ර පටය තෙලිඟු , හින්දි සහ සිංහල තුනෙන්ම ගියොත් බලන්න හිතෙනවද තුනම. මට නම් එහෙම හිතෙන්නෙ නැහැ.

              තෙලිඟු සිනමාව කියන්නෙත් ඉහල තත්වයක සිනමාවක්. අද්විතීය ගනයේ පිටපත් තෙලිගු රචකයන් අතින් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට මෙන් එකම රාමුවකට කොටු වූ අධ්‍යක්ෂවරු හේතුවෙන් ඒ නිර්මාණ එතරම් සාර්ථක වෙන්නෙ නැහැ. අධික ලෙස ගීත එකතු කිරීම, අතාත්වික බව බැලූ බැල්මට පෙනෙන සටන් හේතුවෙන් තෙලිඟු සිනමාව පහලට වැටී තිබෙනවා. දක්ෂ නළුවන් රැසක් සිටින මෙ සිනමාවටත් ගොඩක් අය කැමති නැත්තෙ කලින් කියපු හේතු නිසා තමයි.

       හින්දි සිනමාව නම් මේ හැම දෙයම මිශ්‍ර සිනමාවක්. තෙලිඟු චිත්‍රපට වල කොපි , එතකොට සාර්ථක චිත්‍රපට වගේම අධ්‍යක්ෂවරු විසින් විනාශ කල  චිත්‍රපට වගේ හැම අංශයකම චිත්‍රපට හින්දි සිනමාව සතුයි. පැය දෙකක චිත්‍රපටයක් ගත්කල මිනිත්තු 45ක්ම ගීත ඇතුලත් ය. සාර්ථක නළුවන් රැසක් ඔවුන් සතුය. ඉහත කී කරුණු හේතුවෙන් බොහෝ ලෙස රසිකයන් අඩුවී ඇත.

        කොරියන් , ජපන් චිත්‍රපට ද එතරම්ම සාර්ථක මට්ටමක නැත.

         එලෙසම ලොව බොහෝ දෙනෙකුගේ ආදරයට බඳුන්වූ බටහිර සිනමාව . මෙම චිත්‍රපට ආසියානු ප්‍රදේශ වල එතරම්ම ජනප්‍රිය නොවුනත් අනෙක් සෑම තැනකම පාහෙ ජනප්‍රියතම සිනමාවකි. මිනිසුන්ට කිරීමට නොව සිතීමට වත් නොහැකි දේ ඔවුන් චිත්‍රපටය ක් තුලින් පෙන්වීම මෙයට හේතුවයි. එලෙසම සමහර චිත්‍රපට නැරඹීමෙන් පසු මොලය වෙහෙසවා චිත්‍රපටය තේරුම්ගැනීම කරගත යුතුය. මෙවැනි චිත්‍රපට වලට අකමැති පිරිසක් සිටින අතර එයට ප්‍රධාන හේතු කිහිපයකි.

1. භය
බටහිර චිත්‍රපටයකින් භීතියක් දනවයි නම් එය අතිශය සාර්ථක ව කිරීමට ඔවුන් සමත්‍ ය. එවැනි දර්ශන වලට ඇති බිය හේතුවෙන් බොහෝ දෙනෙකු බටහිර සිනමාව ප්‍රතික්ෂේප කරයි.

2. අවස්ථාවක් නොලැබීම
  බටහිර සිනමාවෙන් නිර්මාණය වු චිත්‍රපටයක් නැරඹීමකින් තොරව බටහිර සිනමාව ප්‍රතික්ෂේප කරන පිරිස්ද ඇත. එය ඔවුන්ගේ අවාසනාවම පමණි.

3. බුද්ධිය නොමැතිකම
     බටහිර සිනමාවේ එන බොහෝ චිත්‍රපට තේරුම් ගැනීමට බුද්ධිය අවශ්‍යය. උගත් කම පමණක් ප්‍රයෝජනවත් නොවේ. මෙයට හොඳම උදාහරණය වන්නෙ Marvel සහ DC චිත්‍රපටයන් ය. ඔවුන් වෙනස් ම ආකාරයේ ප්‍රබන්ධයන් හඳුන්වා දෙමින් චිත්‍රපට නිර්මාණය කරන විට ඒවා තේරුම් ගැනීම සරල නැත. එවිට පිරිසක් මෙම  චිත්‍රපට ප්‍රතික්ෂේප කරයි.

4. නොදැනුවත් කම
           බටහිර චිත්‍රපට ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කියමන් නම් "ඕවා මල විකාර " , " ඔහොම දේවල් ඇත්තට වෙන්නෙ නෑනෙ" . එහෙම දෙයක් ඇත්තට වෙනව නම්  ඒ අත්දැකීම ලබන්න චිත්‍රපට මොකටද?. මෙයට හේතුව නම් බොහෝ දෙනෙකු සිතනුයේ තමා සැම විටම නිවැරදී කියාය. ඒ හේතුවෙන් තමාගේ මතයකට පිටින් දෙයක් චිත්‍රපටයක ඇතුලත් නම් එය කිසිදා සිදුවිය නොහැකි යයි සිතන ඔවුන් එම සිනමාව ප්‍රතික්ෂේප කරයි.

5. අවාසනාව
           ලෝකයේ සැම දෙයක්ම ලබාගැනීමට මදව හෝ වාසනාව අවශ්‍ය වේ. ඉතින් මෙවැනි fantasy , sci fi චිත්‍රපට නැරඹීමට සැම කෙනෙකුටම වාසනාවක් නොමැත. නැරඹීමට වාසනාව ඇති බොහෝ දෙනෙකුට එය රසවිඳීමට වාසනාව නොමැත.

            මදකට සිතන්න
Chronicles of the narnia
Lord of the rings
Hobbit
Harry potter
pirates of the caribbean
transformers
DC movies
Marvel movies
...
මෙවැනි චිත්‍රපට නැරඹීමට හෝ රස විඳීමට වාසනාවක් නොමැති අය බොහෝ දෙනෙකු ගැන. ඔවුන්ට මග හැරි ඇත්තේ කුමක්ද?
.
මොහොතකට  හිතන්න මේවා නැරඹීමට මෙන්ම . මේවා රසවිඳීමට ඔබ කෙතරම් වාසනාවන්තද කියා.
.
ස්තුතියි
.
#Zero
@sricom

Rest in peace, Sir "stan lee"

Marvel කියන නමත් එක්කම ඇහෙන ඊළඟ නම තමා stan lee කියන්නෙ. ඔහු මීට දිනකට පෙර  මෙලොව අතහැර ගිහින් තියෙනවා. ඉතින් අපිට තවත් Marvel film බලන්න පුළුවන් වුනත් Stan lee ගෙ cameo එකක් දකින්න නොලැබේවි. ඇත්තටම Marvel fan කෙනෙක් විදියට හිතට දුකක් දැනුනා. Los Angelis නුවර Cedars-Sinai Medical Center හීදී තමා ඔහු මිය ගිහින් තියෙන්නෙ.

Stan lee ගෙ අභාවයත් සමග ඔහු සතුව තිබූ සියළු දේ ඔහුගේ දියණිය වූ J.C. Lee හට හිමිවන බවට වාර්තා වෙනවා. ඉතින් කොහොම හරි අපිට තවත් Stan lee ගෙ Cameo දකින්න නොලැබේවි. ඒත් Stan lee මිනිස්සුන්ගෙ මතකයේ ජීවත් වේවි සදාකාලිකවම. Stan lee කියන්නෙ ආරම්භකයා නොවුනට මම හිතන්නෙ ඔහු Marvel වෙනුවෙන් කල සේවය අසමසමයි. ඔහුට 95ක දීර්ඝායුෂ ලැබුනත් ඔහු අවාසනාවන්ත විලසින් අපෙන් සමුගත්තා.

බෞද්ධයෙක් විදියට මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ
Stan lee ඔබට නිවන් සුව ලැබේවා 
#Zero
@Sricom

Monday, November 12, 2018

කාල තරණය

Film එකක් game එකක් එහෙමත් නැත්නම් tvseries එකක් mind blowing විදියට නිර්මාණය කරනවා නම් ඒකට හොඳම පොටක් තමා මේ කාල තරණය කියන්නෙ. ඉතින් මම දැන් කියන්න යන්නෙ මේ කාලතරණය පිළිබඳ සෛද්ධාන්තික දේවල් ටිකක්.. කාල තරණය ඇත්තටම පුළුවන්ද බැරිද .. මේක බොහෝ විද්‍යාඥයන් අතර පවතින ප්‍රශ්නයක් .. මුලින්ම මම පොඩි උදාහරණයකින් පටන් ගන්නම්..

අපි හිතමු.. එකිනෙකාට මීටර් 5ක් දුරින් දෙන්නෙක් ඉන්නවා කියලා. මේ දෙන්නා A සහ B කියමු. Aගෙ අතේ තියෙනවා වීදුරු බෝලයක්. B කියන්නෙ flash/quicksilver වගේ speedster කෙනෙක්.. ඉතින් මේ A කියන කෙනාට අපි කියනවා වීදුරු බෝලය උඩ දාන්න කියලා. අපි ඒ මොහොතෙම B ට කියනවා ඒ වීදුරු බෝලය අල්ලන්න කියලා.. B කියන කෙනා යම් කිසි වේගයකින් ගිහින් මේ බෝලය අල්ලගන්නවා. අපි සියුම් කැමරාවක් ආධාරයෙන් B විසින් වීදුරු බෝලය ස්පර්ශ කරන මොහොතේ ඡායාරූපයක් ගන්නවා. අපි මේ දේ නැවත නැවත කරනවා.. ඒ හැම වතාවකම Bගේ වේගය වැඩි කරනවා. ඉතින් මේ හැම වෙලාවකම අපි ගනිපු ඡායාරූප පිළිවෙලට තියලා අපි බැලුවොත්... මොකක් අපිට පෙනෙයිද?
.
අපිට පේනවා මේ සිදුවීම ටිකෙන් ටික මුල් අවස්ථාවට ආසන්න වෙනවා. යම්කිසි මොහොතක B කියන කෙනා ආලෝකයේ ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයක් ලබාගන්නා මොහොතෙදි Aගෙ අතින් වීදුරු බෝලය පිටවන විටම B ඒක අල්ලා ගන්නවා...ඉතින් මොකක් වේවිද B තවත් වේගය වැඩි කරලා.. ආලෝකයේ ප්‍රවේගයටත් වැඩි ප්‍රවේගයකින් ගියොත්..?
මම ඒ ගැන මුකුත් කියන්නෙ නැහැ. ඒ ගැන හිතන එක ඔබට බාරයි.
.
Albert Einstein විසින් ඔප්පු කරලා පෙන්වනවා ආලෝකයේ වේගයට වඩා වේගයෙන් චලනය වන පදාර්ථයක් පවතින්න බැහැ කියලා. ඉතින් කාල තරණය පුළුවන් කියන්න නම් මුලින් විද්‍යාඥයන් විසින් මේ Einstein ගෙ සිද්ධාන්තය බිඳ දමන්න ඕන.. කියන්න සතුටුයි අදටත් නිල වශයෙන් ඒ සිද්ධාන්තය බිඳ හෙලා නැහැ. ඒත් මෑත කාලයේ කටකතා තිබුනා.. විද්‍යාඥයන් එවැනි අංශුවක් සාර්ථකව අත් හදා බැලුවා කියලා. මේවා හුදෙක්ම කටකතා වෙන්නත් පුළුවන්. නැත්නම් මේ තාක්ෂණය සැඟවීමට කවුරු හෝ උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්..

            හොඳයි. කාල තරණය ගැන ගොඩක් කතා කලා.. ඇත්තටම දවසක මිනිසුන්ට කාලතරණය කරන්න පුළුවන් වෙයිද?.. ඒක නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තමයි..

        කාලය හරහා අතීතයට යනවා  කියන්නෙ අපි බලපු film එකක් නැවත replay කරලා බලනවා වගේ දෙයක්.. ඉතින් අපි මේ කරන හැම දෙයක්ම අපි හිතන හැම දෙයක්ම . අපිකතා කරන වචන පවා එතකොට කොහෙද save වෙලා තියෙන්නෙ? මේක ටිකක් විකාරයි වගේ තමා . ඒත් තර්කානුකූලව බැලුවොත් එහෙම වෙන්න ඕන නේද?

            කාලය හරහා අනාගතයට යන්න පුළුවන් නම් අපි දන්න හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒකට හේතුව අපිට කාලය හරහා යන්න පුළුවන් උපරිම අනාගතය වෙන්නෙ මේ වෙනකොට සිදුවෙමින් පවතින දේ. ඒ කියන්නෙ වර්තමානයට. ඉතින් ඇත්තටම කවුරු හරි අනාගතයට ගියොත්, ඒකෙන් කියවෙන්නෙ අපි ඉන්නෙ අතීතයක කියන එක. නැත්නම් සුරංගනා කතාවල වගේ මේක කලින්ම සැලසුම් කල රටාවක් වෙන්න ඕන. ඒත් එහෙම නැහැ. අපි ගන්න හැම පොඩි තීරණයකින්ම තමා අනාගතය තීරණය වෙන්නෙ. ඉතින් අනාගතයට යනවා කියන එක නම් ටිකක් අතාත්ත්විකයි. එහෙම නේද?. හැබැයි අතීතයට ඇවිත් වර්තමානයට යන්න නම් පුළුවන් වෙයි.

           අපි මේ කාල තරණය හා සම්බන්ධ තව දෙයක් කතා කරමු. Timelines . මේක ඉතින් ගොඩක් අය දන්න දෙයක් නෙ.  අපි මෙහෙම හිතමු. කෙනෙක් අතීතයට timetravel කරලා එයා යම්කිසි තැනක නැවතිලා මොකක් හරි දෙයක් වෙනස් කලොත්. ඒ කියන්නෙ අනාගතයන් දෙකක් ඇති වෙනවා. සමාන්තර අනාගතයන් දෙකක්. අපි හිතමු ඔහු නැවතත් වර්තමානයට එනවා කියලා. ඔහු එන්න ඕන ඔහු පිටත් වූ මොහොතේ හෝ ඊට පසු මොහොතක. ඊට පෙර මොහොතක ඔහු නැවත ආවොත් ආපහු සැරයක් තවත් වෙනස් timeline එකක් නිර්මාණය වෙනවා. අපි මේකම තවත් හිතුවොත් කෙනෙක් 10:38 ට timetravel ආරම්භ කරලා අතීතයට ගිහින් 10:40 ට නැවත ආවා කියලා හිතුවොත් මිනිත්තු දෙකක කාලයක් ඔහුව reality එකේ නැහැ. ඔහුව කිසිම විදියකින් ඒ මොහොතෙ ඉඳලා නැහැ. ඒක වෙන්න පුළුවන්ද ?

              Timetravel ගැන කතා කරනවා නම් predestination ගැන කතා නොකර බැහැ. Predestination චිත්‍රපටය හැමෝම බලලා ඇති කියලා හිතනවා. බලලා නැත්නම් අනිවාරෙන් බලන්න. මේක කියවන්න කලින් ඒක බලලා ඉන්න. ඉතින් predestination චිත්‍රපටයෙහි පෙන්නන චරිතය. තමා උපදින්නෙ තමා තමා සමගම එකතු වීමෙන්. තවත් පැහැදිලි කලොත් තමන්ගෙ දෙමාපියන් තමා මයි. මේක වෙන්න පුළුවන්ද ?  ඔව්. Timetravel කරන්න පුළුවන් නම් මේක වෙන්න පුළුවන්. ඒත් මම තව දෙයක් අහන්නම් . මේකෙ ඇත්තටම මුලින්ම වුන සිදුවීම මොකක්ද? අනාගතයෙන් කෙනෙක් කාලය හරහා අතීතයට ආවත් මේක වෙන්න බැහැ.  එහෙනම් කොතනද මේ සිදුවීමේ ආරම්භයට හේතුව. මම කියනවා පුළුවන් නම් හිතන්න මෙහෙම දෙයක් වෙන්න මූලිකම වුණ හේතුව මොකක්ද ?. ඒ තමයි සිතුවිල්ල . මෙහෙම කරලා බලන්න ඕන කියලා කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් නිසා මෙහෙම වෙන්න පුළුවන්.. මිනිස් සිත කියන්නෙ මහා බලගතු වගේම පුදුමාකාර දෙයක්.

         එකම පුද්ගලයා ගෙ කාලයන් කිහිපයක සිරුරු  එක පොදු කාලයකට පැමිණියොත් මොකක් වෙයිද? මේකට නම් ගොඩක් බරපතළ උත්තර තියෙයි. ඒත් ඇත්තටම මේක නම් ගොඩක් භයානක තත්වයක්. මොකද මේ නිසා reality (යතාර්ථය) තුල ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා . මොකද යතාර්ථය තුල පවතින ජීවයට එහා ජීවයක් පවතින නිසා. මේක එතරම්ම හොඳ තත්වයක් නෙවෙයි. මේක තුලිත කරගන්න ස්වභාවිකව යථාර්ථයෙන් පිළියම් යොදාගනීවි. එතකොට වෙන්නෙ ගොඩක් භයානක දේවල්. පොඩ්ඩක් හිතුවොත් මම කියන දේ හරියටම තේරෙයි .

                       කාල තරණය කරන තව විදියක් තියෙනවා . ඒකෙන් පුළුවන් අනාගතයට යන්න. හැබැයි ආපහු එන්න බැහැ. ඒක තමයි. ශිශිර නින්ද . අපිව  එකම වයසෙන් විශාල කාලයක් නින්දක තියන්න පුළුවන් නම් ඒකෙන් පුළුවන් අපිව නැවත අවදිවන කාලයක් දක්වා අනාගතයට යවන්න. මේක ඇත්තටම අත්හදා බලන පරීක්ෂණයක්. සීතල මගින් ඇත්තටම මේ වගේ නින්දක අපිව තියාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේකට හේතුව සමහර සතුන් සීතල නිසා නින්දකට යොමුවී නැවත සාමාන්‍ය ලෙසටම පැමිණීම. මේ ගැන වැඩි විස්තර ඕන නම් Google එකේ බලන්න. පුළුවන් උනොත් පසුවට මේ ගැනත් post එකක් ගේන්නම්..
         
         කාල තරණය කියන්නෙ මේ වගේ පොඩි post එකකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.  ඉතින් මේ ගැන අලුත් දේවල් අපි තව කතා කරමු... පසුවට..
.
#Zero
@Sricom