Thursday, February 14, 2019

ආදරය

ආදරය
මේ post එකත් සුපුරුදු රටාවෙන් මිදුනු වෙනස් ආකාරයක post එකක්. මේ post එක වැලන්ටයින් එක ගැන කියල දාන දුක් ගැනවිල්ලක් නම් නෙවෙයි. මේ post එක ටිකක් දිගවෙයි. කියවනවා නම්, බූට් කාපු කෙනෙක් නම් අනිවාරෙන් කියවල බලන්න කියල ඉල්ලීමක් කරනවා.

ආදරය, ඇත්තටම මොකක්ද මේ ආදරය ? ලිංගිකත්වය ද?
මේකට ගොඩක් අය උත්තරේ දන්නවා. බල්ලො , පූසො ,නරි , මුගටි උනත් ඔය ලිංගිකව හැසිරීමේ කර්තව්ය කරනවා. ඒකට ආදරය ඕනම නැහැ. හැබැයි ආදරයෙත් එක් කොටසක් ඒ හා බැඳී තියෙනවා. ඒත් ලිංගිකත්වය කියන්නෙ ආදරය නෙවෙයි. ගොඩක් අය මේක වරද්දගන්න තැනක්.
ආදරයේ ආරම්භය කොතනද?
අපිට මුලින්ම ආදරය ලැබෙන්නෙ අම්මගෙන්, අම්මා තරම් මේ ලෝකෙ කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ. අම්ම කෙනෙකුගෙ ජීවිතේම තමන්ගෙ දරුවන්. අද වෙනකොට අම්මලා ගොඩක් බිසී වෙලා දරුවන් ව අමතක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම දරුවන්ව කුණු බක්කි වල දාලා යන සිදුවීම් අපේ රටෙත් බහුලව සිදුවුනා. නමුත් ඒ අම්මලා නෙවෙයි. එයාලා ගැහැණු විතරයි . අම්මා කියන්නෙ ළමයින් ට ආදරය කරන කෙනෙක්. ඒ වගේම අපි හැමෝගෙම ලෝකෙ දෙවියන් වෙන්නෙ අපේ අම්මා.
තාත්තා කියන්නෙත් අපිට ගොඩක්ම ආදරය කරන කෙනෙක්. ඒත් තාත්තා ඒ ආදරය පෙන්නන්න යන්නෙ නැහැ. ඇත්තටම ඒ ආදරය අපිට දැනෙන්නෙ නැහැ. මොකද තාත්තා කියන්නෙ අපිට ටිකක් දුරින් ඉඳන් අපිව ආරක්ෂා කරන කෙනෙක්. අපිට නොපෙනෙන ගොඩක් අනතුරු නැතිකරලා දනවා. අපි ඒ ගැන දන්නෙ වත් නැහැ.
ආදරය, ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද?
ඇත්තටම ඒක විස්තර කරන්න නම් මම වචන දන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ අයින්ස්ටයින් ට වත් ඒකට පැහැදිලි අර්ථකථනය ක් දෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ බුද්ධියට එහා දෙයක්. ආදරය කියන්නෙ පුදුම සහගත දෙයක්. ආදරයට ගොඩක් ප්රාතිහාර්යයන් කරන්න පුළුවන් .
ආදරය හා ආශාව , දෙකක්ද?
ආදරය , ඒක කිව්ව ගමන් අපිට දෙයක් දැනුනා . එහෙම නේද? . ආශාව කියන්නෙ දෙයක් වෙනුවෙන් තියෙන කැමැත්ත. මේක ඇත්තටම දෙකක්. අද කාලෙ ගොඩක් අය මේ ආදරයයි ,ආශාවයි පටලවා ගන්නවා. අහලා තියෙනව නේද ඕන තරම්, තම පෙම්වතා හෝ පෙම්වතිය හැරයාම හේතුවෙන් සියදිවි නසා ගැනීම් ගැන. ඒකට තියෙන්නෙ එක හේතුවයි. ඒක තමයි ආශාව, කෙනෙකුට තවත් කෙනෙක් ගැන ආශාවක් තියෙනව නම් , ඒකෙන් වෙන්නෙ ගොඩක් නරක දේවල්. මොකද ඒ දේ නොලැබුනාම බලෙන් ලබා ගන්න යනවා. ආදරය, නැහැ. ආදරයෙදි එහෙම නැහැ. ආදරය කියන්නෙ මිනිස්සුන්ව මරවන දෙයක් නෙවෙයි, ජීවත් කරවන දෙයක්. ආදරය කරන දෙදෙනෙකුගෙ වෙන්වීමක් වුනොත් ඇත්තටම දෙන්නගෙම හිත්වල ලොකු වේදනාවක් තියෙනවා. නමුත් ඒ දෙන්නටම පුළුවන් කමක් තියෙනවා , තමන්ගෙ ආදර වන්තයාගෙ හෝ වන්තියගෙ සතුට වෙනුවෙන්, ඔහුව හෝ ඇයව අත් හරින්න. ඒකයි ආදරය, නැතුව මැරිලා අනිත් කෙනාට දුකක් දෙන්න හිතන එක නෙවෙයි.
සත්ය ප්රේමය, ආත්ම ගනනක බැඳීම් බොරුද? එහෙම දේවල් මේ ලෝකෙ නැත්ද?
ඒව ඇත්ත. නමුත් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ ලෝකෙ ඉන්න මිනිස්සු වර්ග 4ක් ඉන්නවා.
යක්ෂ (ගැහැණු / පිරිමි ) වගේම දේව (ගැහැණු / පිරිම). එක පාරට නිකන් post එකම track out වුනා වගේ නේද?. ඇත්තටම කිව්වොත් සත්ය පේමවන්තයො මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා. ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති. ඒ අය තමා දේව කොටසට අයිති වෙන්නෙ. ඒත් අවාසනාවකට යක්ෂ කොටසකුත් ඉන්නවනෙ. මේක ගොඩක් ලොකු ලෝකයක්, ඉතින් අපිට මුලින්ම හමුවෙන කෙනාම අපේ පතාගෙන එන ආදරය වෙන්න ඉඩ ගොඩක් අඩුයි. එහෙම වෙන්න පුළුවන් ඉතාම කලාතුරකින් . මම අත්දැකීමෙන් කියන්නෙ. මම දැකලා තියෙනවා, තමන්ගෙ අනාගතයම ප්ලෑන් කරපු, ගෙවල් වලින් පවා කැමැත්ත දීලා තිබුනු කපල් වෙන් වෙනවා. ඒ වගේම එහෙම වෙන් නොවුන කපල් පවා මම දැකල තියෙනවා. ඔයාගෙ ආත්ම ගනනක බැඳීම ඔයාට හමුවේවි කරන්න තියෙන්නෙ ටිකක් ඉවසන එක.
ඔයා ඇත්තටම සැබෑ ආදරවන්තයෙක් ද?
ආදරවන්තියක් ද?
ඔයා ආදරයක් හොයන්න පටන් ගන්නෙ නිකන් නෙවෙයි. ඒකට අපේ සිරුරේ ස්රාවය වෙන හෝර්මෝන බලපානවා. ඉතින් ඔයා ආදරය හොයන්න පටන් ගන්නවා. මේ ගමනෙදි ඔයාට යක්ෂ , දේව කොටස් දෙකම හමුවේවි. යක්ෂ අය කියන්නෙ සැබෑ ආදරය නොපිළිගන්නා , සැබෑ ආදරය නොදන්නා පිරිසක්. ඔවුන්ට අවශ්ය එකම දේ තමන්ගෙ ශරීරයේ අවශ්යතාවය ඉටු කරගැනීම, එහෙම අයට අහුවුනොත් දේව කෙනෙක් වුනත් විනාශ වෙන්න පුළුවන් , ( නිකමට ටිකක් හිතල බලන්න. ඔයාගෙ ආත්ම ගනනක සහකාරිය , සහකාරයා ඔයාව හොයනකොට , ඔයා යක්ෂ කෙනෙක් ලඟ නිරුවත් වෙලා. ඔහුගේ හෝ ඇයගේ තැන වෙන කෙනෙකුට දීලා). ඒ කියන්නෙ ඔයා සැබෑ ආදරය දන්න කෙනෙක් වත්, පිළිගන්න කෙනෙක් වත් නෙවෙයි.
ඒත් සත්ය ආදරයමයි කියලා අඳුරගන්නෙ කොහොමද?
(අපි ළඟට ඇවිත් කියන්නෙ නෑනෙ " හායි, මම තමයි සත්ය ආදරය " කියලා) .
ඒක දැනෙන්නම ඕන, හදවතට දැනෙන්න ඕන. ඔයාට කෙනෙක් ඇත්තටම ආදරෙයි නම් එයා ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ. කිසිම දෙයක්. ඒ වගේම අනවශ්ය දෙයක් කරන්න පොළඹවා ගන්නෙත් නැහැ. හරිම කෙනා ලැබුන දවසක ඔයාට දැනෙයි ඔයාගෙ ලෝකෙම සම්පූර්ණ වුනා වගේ. ඔයාගෙ ලෝකෙම එයා වුනා වගේ එයාගෙ ලෝකෙම ඔයා වෙයි. එදාට ලිංගිකත්වය කියන්නෙ එක් නොවැදගත් දෙයක් කියලා තේරෙයි.
ආදරය කියන්නෙ සඟවන්න ඕන දෙයක් ද?
ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ශෘංගාරය , රාගය ඕනම හිතක් තුල ඇති වෙන්න පුළුවන් . ඒක හරියටම පාලනය කරපු ජාතීන් අතර ඉහළින්ම හිටිය ජාතියක් තමා සිංහල කියන්නෙ. ඒත් සුද්දා ඇවිත් ගියාට පස්සෙ ලංකාවෙ ඉතිහාසයත් වෙනස් වෙලානෙ. අවු. 2500 ක් පරණ ඉතිහාසයක්, සංස්කෘතියක් හැදිලනෙ. හැබැයි මේ වගේ සංස්කෘතියක් ඒ කාලෙ තිබුනා කියල නම් කිසිම සාක්ෂියක් වත් නැහැ. කමක් නැහැ. මෙතන ඉතින් ඒක කතා කරන්න නෙවෙයි නෙ.
ආදරේ පෙන්නන්න ලැජ්ජ වෙන්න එපා. ඒක සඟවන්නත් එපා. ආදරය කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ වැරදි අදහස් නිසා ඒක සඟවනවා. ඒ නිසා තමයි ළමයි ආදරය වැරදියට තේරුම්ගන්නෙ. කවද හරි දැකල තියෙනවද අම්මා තාත්තා කිස් කරනවා. ( ආනන්තරීය පාපකර්මයක් නෙවෙයි ඒක) . ඒක ආදරය , නැතුව වෙන දෙයක් නෙවෙයි. අඩු තරමෙ අදකාලෙ දෙමව්පියෝ එකි නෙකාව බදාගන්නෙවත් නැහැ. ඉතින් ළමයි දැන ගන්නෙ මොන රෙද්දක් ද? උන් ආදරය ගැන නොදැන අමාරුවෙ වැටෙනවා. මේක වැඩිහිටියෙක් කියෙව්වත් කේන්ති යාවි එච්චරයි . ඒත් ඔයා මේක කියෙව්ව නම්, තරුණ කෙනෙක් වුනත් මේක හිතන්න . මොකද දවසක ඔයත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙනවා. කවම දාකවත් ආදරය සඟවන්න එපා.
ආදරය කියන්නෙ භයානක දෙයක්ද?
ඔව්, ආදරය කියන්නෙ පරමාණු බෝම්බයක් වගේ. වැරදි ආදරයකට පුළුවන් ජීවිතයම විනාශ කරන්න. ආදරයෙන් අපිව අන්ධ කරනවා. ඒක ඇත්ත. අපිට පේන්නෙ ආදරයෙන් අපිට පෙන්වන දේවල් විතරයි. ඒ නිසා ගොඩක් ප්රවේසම් වෙන්න ඕන. ඒ කියන්නෙ පොඩි සැකයක් තියාගන්න ඕන. සැකයක් තියාගන්න දෙන්නා 100%ක්ම එකතු වෙනකම් විතරක්. විවාහය වෙනකම් විතරක්. මොකද සැකයට පුළුවන් ඕනම දෙයක් විනාශ කරලා දාන්න. ඒකට සීමාවක් නැහැ. ඒ නිසා ඕනවට වැඩියෙන් සැක කරන්න යන්න එපා.
ආදරය ගොඩනැගෙනුයේ විශ්වාසය මතද?
මම කලින් කිව්වා නේද සැක කරන්න කියලා. ඒක ඇත්තටම කරන්නෙ ඔයාව ආදරයෙන් ඈත් කරන එක. මොකද ආදරයේ පාදම තමයි විශ්වාසය. සැකය කියන්නෙ අපිව ආදරයෙන් ඈත් කර තබන දෙයක්. මම ඒකයි කිව්වෙ ටිකක් සැක කරන්න කියලා. විවාහයෙන් පසු සැකය සම්පූර්ණයෙන්ම අත් හරින්න. විශ්වාසය විතරක් ඉතුරු කරගන්න. .
තව කියන්න දේවල් නම් ඕන තරම් තියෙනවා. ඒත් post එක දැනටම දිග වැඩී තවත් දික් ගස්සල එපා කරවන්නෙ නැතුව එහෙනම් මම නවතින්නම්. මේක කියෙව්වා වගේම අදහස් comment කරලා. තවත් කෙනෙකුට බලන්න share කරන්න.
ආදරය කරන්න.
ආදරය විඳින්න.

Thursday, January 24, 2019

Ready Player One .

Ready Player One
.

මේ post එක දාන්නෙ ඉල්ලීමක් කරපු නිසා. ඇත්තටම මේක තනි post එකකින් විස්තර කරන්න අමාරු දෙයක් කොහොම වුනත් ඉතින් දැන් ඒක තමා කරන්නෙ.
2011 වසරේදි ඇමෙරිකානු ජාතික Ernest Cline විසින් රචනා කරන විද්‍යා ප්‍රබන්ධයක් තමා Ready Player One කියන්නෙ. ඉතින් මේ පොත ගැන ලොකු විස්තරයක් කියන්න පුළුවන් . එහෙම වුනොත් ඇත්තටම මේකෙ ඉඩ මදි වෙනවා. ඉතින් අපි පොතෙන් බැහැරව මේ කතාව ගෙනියමු. අවස්ථාවක් ලැබුනොත් ඉදිරිකාලය තුල Sricom තුලින් අපි උත්සාහ කරන්නම් මේ පොත ගැන ලිපි කිහිපයක් ගෙන එන්න. මේ පොතේ තියෙන කතාවට වඩා ටිකක් Film එකේ කතාව වෙනස්. ගොඩක් දුරට වෙනස් සිදුවීම් තමා තියෙන්නෙ. ඒත් සාරාංශයක් විදියට ගත්තොත් නම් එකම කතාව තමයි. හොඳයි එහෙනම් අපි Film එක ගැන බලමු..
2018 දි, Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේකෙ තිර රචණය කරන්නෙ Zak Penn සහ Ernest Cline විසින්. s Tye Sheridan , Olivia Cooke , Ben Mendelsohn , Lena Waithe , T.J. Miller , Simon Pegg , සහ Mark Rylance වැනි බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයෙහි රඟපානවා. Warner Bros. විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක වියදමක් දරමින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 582.2ක box office ආදායමක් උපයනවා.
මේකෙ කතාව සරලවම පැහැදිලි කරනවා නම් 2045 වර්ෂයේදි, ලෝකයේ ජනගහනය වැඩිවීම, ගෝලීය උනුසුම ඉහල යාම, බලශක්ති අර්බුදය , ඉන්ධන හිඟය වගේ ගොඩක් හේතූන් මත මිනිසුන්ගෙ ජීවන චර්‍යාවන් වෙනස් වෙලා යනවා. James Halliday කියන පුද්ගලයා විසින් OASIS කියන Virtual Reality තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩා කලහැකි ක්‍රීඩාවක් නිර්මාණය කිරීමත් සමග ලෝකය පුරාම මිනිසුන් දැඩි ලෙස මේකට ඇබ්බැහි වෙනවා. ඔවුන් සැබෑ ජීවිතයෙ ප්‍රශ්න මග හරින්න මේ ක්‍රීඩාවට පුරුදු වෙනවා. Halliday ගෙ මරණයෙන් පසුව විශේෂ නිවේදනයක් කරනවා මේ OASIS ක්‍රීඩාව තුල සැඟවුනු Easter egg එකක් පිළිබඳ ව ( Easter egg කියන එක මෙතන ලොකුවට විස්තර කරන්න බැහැ. සරලවම කිව්වොත් සැඟවුනු දෙයක් කියලා හිතන්නකො).මේ Easter egg එකට යන්න keys තුනක් ඕන කරනවා. මේ Easter egg එකේ විශේෂත්වයක් තියෙනවා. මේක හොයාගන්න කෙනාට OASIS වල හිමිකාරිත්වය ලැබෙනවා. ඉතින් Nolan Sorrento කියන කෙනාට ඕන වෙනවා මේ OASIS කියන ක්‍රීඩාව පාලනය කරන්න ඒ නිසා ඔහු තමන්ගෙ Company එකට (Innovative Online Industries = IOI) gaunters එහෙම නැත්නම් egg huntersලව වැඩට ගන්නවා. ඉතින් මෙයා මුළු IOI හමුදාවක් ම යොදනවා මේ Easter egg එක හොයන්න.
තමන්ගෙ නැන්දා සමග ඉන්න Wade Watts කියන කොල්ලා විනෝදාංශයක් වශයෙන් කරන්නෙ egg hunt කරන එක.. ඔහු ඒකට ගොඩක් දක්ෂයි. ඔහුගෙ OASIS හි avatar එක Parzival, ඒ වගේම ඔහුගෙ මිතුරෙක් ඉන්නවා OASIS තුල Aech කියලා , ඔහු mechanic කෙනෙක් (game එකට). ඔහුට තවත් මිතුරියක් හමුවෙනවා Art3mis කියලා. මෙයාලා Halliday ගෙ අතීතය ගැන හොයනවා . ඒක අධ්‍යයනයෙන් පළමු සහ දෙවන keys හොයාගන්නවා. ඇත්තටම පලමු key එක Parzival තනියම හොයාගන්නෙ. මෙයාලා දෙවෙනි key එක හොයාගන්න යනවා shining කියන movie එකට.. ඒකෙ තියෙන hotel එකකට එතනට යනකොට මෙයාලගෙ කණ්ඩායමේ පස් දෙනෙක් ඉන්නවා. මෙයාලා OASIS තුල "High Five" ලෙස ප්‍රකට වෙනවා.
OASIS තුල i-R0k කියන නමින් ඉන්න පුද්ගලයෙක් හරහා Sorrento විසින් හොයාගන්නවා Parzival ගෙ ඇත්ත ලෝකෙ විස්තර ඉතින් මෙයා Parzival ට යෝජනා කරනවා IOI වෙත එකතු වෙන්න. ඒත් wade ඒක ප්‍රතික්ෂේප කරනවා. Sorrento තමන්ගෙ ගෝලයෙක් යොදවලා Wade ගෙ නිවස විනාශ කරනවා. Wade ගෙ නැන්දා ඒකෙන් මැරෙනවා. OASIS තුල Art3mis නමින් ඉන්න Samantha Cook කියන කෙනා Wade ව බේරගන්නවා. නමුත් ඉක්මනින් IOI අය මෙයාලව හොයා ගන්නවා . Samantha ඔවුන්ට අහුවෙනවා. ඉතින් High five team එක එකතු වෙලා [Helen (Aech), Toshiro (Daito), and Zhou (Sho)] , Samantha ව බේරගන්න උත්සාහ කරනවා. Samanthaව IOI හරහා OASIS වලට Connect කරනවා. Samantha connect වෙන්නෙ Art3mis විදියට. ඉතින් High five Samanthaව හොයාගන්නවා.
මෙහි තුන් වන key එක ලබා ගැනීමට OASIS තුල තියෙන planet doom හි මාලිගාවක තියෙන Halliday ගෙ ආසම ක්‍රීඩාව play කරන්න වෙනවා. මේක ඉස්සෙල්ලා ම දැනගන්න Sorrento මේ Castle එකේ ආරක්ෂාවට Magic shield එකක් active කරනවා. ඒත් IOI හරහා connect වෙන Art3mis මේ shield එක විනාශ කරනවා. මුළු IOI හමුදාව ම එකතු වෙලා මේ Castle එක ආරක්ෂා කලත් OASIS ක්‍රීඩකයන් එකතුවෙලා මේ Castle එකට පහර දෙනවා. අන්තිමට Sorrento විසින් Cataclyst කියන උපකරණය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා සම්පුර්ණ planet doom මත ඉන්න හැම Avatar එකක්ම විනාශ වෙනවා.(මම මුළු චිත්‍රපටය ම කිව්වෙ නැති වුනාට තව ගොඩක් සිදුවීම් තියෙනවා ඉතින්). Parzival ට ලැබෙන එක විශේෂ කාසියක්. Archive's Curator විසින් දෙන මේ කාසිය දෙන්නෙ පොඩි ඔට්ටුවකට. ඒත් කාසි දහස් ගනන් හුවමාරු වෙන තැනක මේ කාසිය කන්නද?. ඒත් මේ කාසිය නිසා Parzival බේරෙනවා අර bomb එකෙන් මොකද මේ කාසිය extra life එකක්. කොහොම හරි අන්තිමට Parzival තුන්වෙනි key එකත් හොයා ගන්නවා. එතනදි Parzival ට ගිවිසුමක් අත්සන් කරන්න දෙනවා. Parzival මේක ප්‍රතික්ෂේප කරනවා. ඒක තමා Halliday ගෙ අන්තිම පරීක්ෂණය Parzival කියන කෙනාත් තමන්ගෙ වරදම කරන එකක් නැහැ කියන්න. Parzival ට golden egg එකක් වගේම OASIS වල හිමිකාරිත්වය ලැබෙනවා.
ඇත්ත ලෝකයේදි Sorrento එනවා මේ Parzival දිනන එක නවත්වන්න .. ඇත්තටම Parzival ව මරන්න. ඒත් ඊට කලින් ඔහුව අත් අඩංගුවට ගන්නවා . Bomb එකක් සම්බන්ධව (අර Parzival ගෙ ගෙදර සීන් එක). අන්තිමට Parzival ට හිමිකාරිත්වය ලැබෙනවා .. Parzival තීරණය කරනවා High five කණ්ඩායමත් එක්ක එකතු වෙලා OASIS පාලනය කරන්න. ඒ වගේම සතියට දවස් දෙකක් OASIS නැති කරනවා. සාමාන්‍ය ජීවිතයක් තිබිය යුතු නිසා. ඒ වගේම wade , samantha දෙන්නත් එකතු වෙනවා.
ඇත්තටම මෙහෙම කතාව කියන එකවත් review දාන එකවත් ලොකු දෙයක් කියලා මම හිතන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් උනොත් Ready player one පොතේ කතාව ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම predator ගැනත් තව post දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. Now you see me එකත් වැඩි විස්තර හොයාගෙන දාන්නම්. නැත්නම් නිකන් කතාවක් දාන එක තේරුමක් නැහැ.
#Zero
@Sricom

Saturday, January 12, 2019

DC - Detective Comics ඇත්තටම Dark universe එකක්ද?

DC - Detective Comics
ඇත්තටම Dark universe එකක්ද?


මුලින්ම කියන්න ඕන DC කියන්නෙත් සාමාන්ය ආකාරයේ Comic universe එකක්ම තමයි. මීට අවුරුදු 80කට කලින් එහෙම නැත්නම් 1939 දි Timely comics කියලා Martin Goodman විසින් පටන් ගන්න Comic universe එක 1961 දි Marvel Comics කියලා ප්රසිද්ධ වෙනවා. 1934 එනම් මීට අවුරුදු 85කට කලින්, ඒ කියන්නෙ Marvel universe එක පටන් ගන්න අවුරුදු පහකට කලින්
Malcolm Wheeler-Nicholson විසින් National Allied Publications කියන නමින් පටන් ගන්න Comic කතාවන් DC comics ලෙස ප්රකට වෙනවා. 1986 දි ඒ කියන්නෙ DC universe එක ආරම්භ කරලා අවු. 52කට පස්සෙ නිර්මාණය වෙනවා Dark horse comic universe එක . මෙහි ආරම්භකයා වෙන්නෙ Mike Richardson කියන පුද්ගලයා.
ඇත්තටම මුලින්ම මේ DC universe එක ආරම්භ වෙන්නෙ මුදල් අරභයා නෙවෙයි. (මම මුල් නම් පාවිච්චි නොකර අපි දන්න නම් පාවිච්චි කරන්නම්. නැත්නම් පටලැවීම් වෙයි.) මේ කාලය තුල දෙවන ලෝක යුද්ධය ක අවධානමක් පැවතුනා. ඉතින් ඔවුන්ට අවශ්ය වුනේ තමන්ගෙ රටේ සොල්දාදුවන්ගේ , ජනතාවගෙ බය නැති කරන්න. බලාපොරොත්තුවක් දෙන්න. අපේ භාෂාවෙන්ම් කිව්වොත් මොරාල් එක හදන්න. මේ අතර විශේෂයෙන්ම කියන්න ඕන Batman චරිතය . මෙ චරිතය හඳුන්වාදෙන්නෙ 1939 දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුන වර්ෂයෙදි. ඒ වගේම මේක ගොඩක් සාර්ථක වුනා. මේකෙන් ඇත්තටම ඔවුන් නොහිතපු පැති විවර වුනා. නොහිතපු අවි ආයුධ කරලියට ආවා. ඒ වගේම සොල්දාදුවො යුද්ධෙට තිබුන බය නැතිවෙලා ගියා. හැබැයි මේ දේවල් වුනේ Batman චරිතය නිසා නම් නෙවෙයි. මේකට හේතුවෙන්නෙ 1938 අප්රේල් 18 වෙනි දින හඳුන්වාදුන් Superman කියන චරිතය . සරලවම කිව්වොත් හැමෝම Superman විශ්වාස කලා. සෙබලුන් අතර සැඟවිලා ඉන්න අවශ්ය වුනාම උදව්වට එන වීරයෙක්.. කවදාවත් හැබැහින් නොදැක්කට ගොඩක් අයගෙ ධෛර්යය වැඩිවෙන්න මේ Superman හේතු වුනා.
1939 දි Martin Goodman විසින් Timely Comics පටන් ගත්තම 1941 දි Captain America කියලා චරිතයක් හඳුනවා දෙනවා. මේකෙන් ඇත්තටම Superman විසින් ගොඩනගපු රැල්ල තවත් වේගයෙන් ගෙනියනවා. අනිත් රටවල් සටන් කලාට වඩා ගොඩක් බුද්ධිමත් විදියට ඇමෙරිකා හමුදාව සටන් කරනවා. ඒ වගේම ගොඩක් අයගෙ මතයට අනුව ඇමෙරිකාව ලැබූ දියුණුවට ප්රධාන වශයෙන්ම මේ Comics හේතුවුනා කියන්න පුළුවන්. මේ විදියට කාලය ගතවෙන අතර Timely comics හා Detective comics අතර සුහදතාවක් ඇතිවෙනවා. මේකෙ ප්රතිඵලයක් විදියට ඔවුන්ගෙ කතා Type ගොඩක් වෙනස් කරනවා.
ඒත් හැමෝගෙම අදහස වෙන්නෙ එක Universe එකක් පැවැත්මට වඩා Universe දෙකක පැවැත්මෙන් ඇතිවන තරඟය නිසා වඩාත් ඉහළ ප්රමිතියකින් යුතු Comic නිර්මාණය වෙයි කියලා. ඉතින් මේ Universe දෙක නැවත වෙනස්ම පාරවල් දෙකකට වැටෙනවා. ඒ 1961 දි Timely Comics කියන නම Marvel Comics ලෙස වෙනස් නමකින් ප්රසිද්ධ වීමත් සමග. මේකෙන් පස්සෙ 1962-1963 වර්ෂවල තමා අපි දන්න Hulk, Ironman , Spiderman , Thor වගේ චරිත නිර්මාණය වෙන්නෙ. ඇත්තටම මේ Universe දෙක වෙන් වුනාට ඔවුන් තමන්ගෙ Comics හරහා විවිධ ඉඟි ලබාදීලා තියෙනවා Marvel, DC කියන්නෙ එකම අධිවිශ්වයක කොටස් දෙකක් කියලා. ඒත් ඇත්තටම ඒක පැහැදිලිව විස්තර කරන්න තරම් ප්රමාණවත් තොරතුරු නැහැ.
මේ වෙන්වීමෙන් තවත් වැදගත් දෙයක් සිදුවෙනවා. ඒ තමයි මේ Universe දෙකටම ආවේණික Theme එකක්. තේමාවක් ගොඩ නැගෙනවා. අපි දන්නවා Marvel කිව්වම සාමාන්යයෙන් සාමාන්ය විදියට ගලාගෙන යන, විනෝදය , කුතුහලය වගේ ගොඩක් අංශ සමබරව යන Universe එකක්. Marvel Comic වලින් ගොඩක් දුරට අපේ මනස සැහැල්ලු වෙනවා. කෙනෙක් මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. මොකද සමහර MCU සිදුවීම් වලින් මනසට තවත් ප්රශ්න එකතු වෙනවා. ඒත් මම කිව්වෙ මූලිකවම. Marvel ලගෙ මූලිකම අරමුණ වෙන්නෙ ඒක.ඒකට විතරක් සීමා වෙනවා කියලා ඒකෙන් කියවෙන්නෙ නැහැ. ඒ වගේම DC කියන්නෙ ගොඩක්ම ත්රාසය, භීතිය වගේම මනුෂ්යත්වයට ප්රධාන තැනක් දෙන Universe එකක්.. ඒකෙන් කියවෙන්නෙ නැහැ DCEU එකේ විනෝදය, කුතුහලය නෑ කියලා. මේ Universe දෙකම සමානයි . වෙනස වෙන්නෙ පොඩි දේවල් කිහිපයකින්..
Marvel , DC ගැන තවත් කිව්වොත් මේක හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. කාසිය නිර්මාණය වුණු අමුද්රව්ය එකම තමා. ඒත් පිටතට පෙන්නෙ දෙවිදියකට. තව දෙයක් Marvel , DC කියන්නෙ WB , Disney නෙවෙයි.
හරි තව ටිකක් ගියානම් ප්රධාන මාතෘකාව අමතක වෙලාම යනවා. DC Film අඳුරුයි. ඕක ගොඩක් අය කියන දෙයක් . මේකට සමහරක් දෙන උත්තරේ තමා ඔව් Comics අඳුරුයි. ඉතින් Film අඳුරුයි තමයි. නෑ DC Film වල ඔය කියන විදියෙ අඳුරක් නෙවෙයි තියෙන්නෙ. Detective Comics නමෙන්ම රහස් පරීක්ෂක ගතියක් දැනෙනවා නේ?. ඉතින් එහෙම එකක් Film එකෙන් Comic එකෙන් දැනෙන්නෙ කොහොමද?
අන්න එතන තමා DC අඳුර කියන්නෙ. සාමාන්යයෙන් තියෙනවට වඩා මද අඳුරක් DC ලගෙ තියෙනවා. ඒකෙන් ඇත්තටම වෙන්නෙ ප්රේක්ෂකයා ගෙ හිතේ ඇතිකරනවා අදහසක් මේක Horror type එකේ කතාවක් කියලා. ඒ වගේම ලොකු Serious ගතියක් දැනෙනවා. එහෙම අඳුරක් නැති වුනා නම් ඒක මෙච්චරම දැනෙන්නෙ නැහැ.
ගොඩක් අය හිතාගෙන ඉන්නවා DC එකේ අඳුරෙ Fight වෙන නිසා DC එක අඳුරුයි කියලා. (උන් හිතාගෙන ඉන්නෙ DC එකේ රෑ විතරයි තියෙන්නෙ. ඒක තමයි DC අනන්යතාවය කියලා.😂). ඇත්තටම මේකටත් සාධාරණ හේතුවක් තියෙනවා. ඒ තමා Batman. Batman කියන නමෙන්ම තේරෙනවනෙ මූ නිශාචර ඩෑල් එකක් කියලා. ඒ ඇරත් Batman ව නොදන්න එකෙක් නෑනෙ. ඉතින් Batman කියන චරිතය වැඩ පෙන්නන්නෙ රෑට.. ඉතින් බැටා ඉන්න ගොඩක් කතා කොහොමත් තියෙන්නෙ රෑ විදියට.. ගොඩක් අය හිතන්නෙ ඒක තමයි DC අඳුර කියලා.. ඉස්සරහට කොහොමත් DCEU එකේ Films ඉහල මට්ටමකට එයි. එතකොට තේරෙයි ඇත්ත.
DC films වලින් හරියටම වැඩ පෙන්නුවෙ christopher nolan . අමුතුවෙන් කියන්න ඕන නෑනෙ Nolanගෙ වැඩ ගැන. Nolan ගෙ Dark knight thrilogy එකේ එක තැනකවත් අපිට හිතෙනවද Dark වැඩී කියලා. නෑ.. ඇත්තටම DC Comics වලින් Film එකක් හදන එක ලොකු අභියෝගයක් . ඒ අභියෝගය සාර්ථකව ජයගනිපු අනිත් කෙනා තමයි Snyder (නම හරිද දන්නෙ නෑ 🤔🤔). මෙයාත් සුපිරිම DC film අධ්යක්ෂණය කරපු කෙනෙක්. ඉස්සරහටත් DC fansලගෙ ලොකුම බලාපොරොත්තුව මෙයා. Director කෙනෙකුට ලේසියෙන් DC film එකක් කරන්න බැරි බව තේරුම්ගන්න පුළුවන් හොඳම උදාහරණය තමා JL , දැක්කනෙ...
DC කියන්නෙ ඇත්තටම Dark universe එකක් නෙවෙයි. DC කියන්නෙ තවත් එක් Comic universe එකක්. මේකෙත් ඉතින් අඩුපාඩු ඇති. වැරදි ඇති. Comment කරන්න. ඒ වගේම මගේ අදහසට එකඟ නැත්නම් ඒකත් කියන්න. කොහොම හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි.
හුරුවෙයන් Marvel & DC දෙකම රසවිඳින්න.
ඒක පට්ට
#Zero
@Sricom

Wednesday, December 26, 2018

Aquaman වතුර යට කතා කරන්නෙ කොහොමද?

මේක හොඳ ප්රශ්නයක් . මේක අහනකෙනාගෙ හිත අනුව මේකත් ඉතින් මෝඩ ප්රශ්නයක් වෙන්න පුළුවන් . Fantasy , reality පටලවා ගන්න එපා. නෑ නෑ.. මේක නෙවෙයි මම දෙන උත්තරේ.. එහෙම කියලා සේප් වෙන්න බෑ මොකද අහපු කෙනෙක් ඉන්නවා නම්, එයාගෙ හිතේ ඇත්තටම තියෙන ප්රශ්නයක් නම්, ඒකට උත්තරයක් දෙන්නම ඕන..
.මුලින්ම කියන්න ඕන Aquaman කියන්නෙ මනුෂ්ය යෙක් නෙවෙයි. Aylantis කියන පුරාවෘත්තය ට සම්බන්ධ විශේෂ කෙනෙක්. මේක ඇත්ත ලෝකෙ වෙන්න බෑ කියලා නිකම්ම කෙනෙක් කියනවා නම්. මුලින්ම කියන්න ඕන ඒ කෙනා තමා ගැන අධි තක්සේරුවකින් ඉන්නෙ. ඒ නිසා එයා රාමුවකට කොටුවෙලා ඉන්නෙ. ඕක සාමාන්ය දෙයක්.. ඒක නිසා තමයි විද්යාඥයන් අතරේ සෛද්ධාන්තික විද්යාඥයන් ගොඩක් ප්රසිද්ධ . මොකද ඔවුන්ට ඔය වගේ සීමා නෑ.
අතීතයේ මිනිස්සු හිතාගෙන හිටියෙ පෘථිවිය වටා සඳ හිරු තරු පරිභ්රමණය වෙනවා කියලා. ඇත්ත අපිට පේන්නෙ එහෙම තමයි.. මේ කාලෙ ගැලීලියෝ කියන විද්යාඥයා කිව්වා සූර්යයා වටා තමයි අපි ඇතුලු සියලු අභ්යවකාශ වස්තු භ්රමණය වෙන්නෙ කියලා. මේක කවුරුවත් පිළිගත්තෙ නැහැ. මේක නිසා ඒ මෝඩ මිනිස්සු ගැලීලියෝ ව එල්ලලා මරන්න නියෝග කලා. ඒතරමට එදා විශ්වාසයක් , සාක්ෂි තිබුනා මේක වෙන්න බෑ කියන්න. ඒත් අද වෙනකොට ගැලීලියෝ කියපු දේ මුළු ලෝකයම පිළිගන්නවා.

මේ ප්රශ්නයත් ඒ වගේ.. Aquaman ට වතුර යට කතා කරන්න බෑ කියලා තර්ක කරන එක සාධාරණයි. මොකද තර්ක නැතුව කිසිම නිගමනයකට එන්න බෑ... ඒත් "ඕවා බොරු, ඕවගෙ තාත්වික දේවල් බලාපොරොත්තු වෙන්න එපා " වගේ දෙකයි පනහෙ මෝඩ උත්තර දෙන එක නම් මෝඩ කමක් කියන්න පුළුවන් . ඇත්තටම මේක මුලින්ම දැක්කම මටත් ලොකු ප්රශ්නයක් වුනා ඇත්තටම කොහොමද මේ ආතර් කියන ඩෑල් එක වතුර යට කතා කරන්නෙ?.. පස්සෙ ටිකක මේ ගැන මම විස්තර හෙව්වා..
Aquaman කියන බොහෝ කාලයක් වතුර යට ගත කරන්න පුළුවන් ජීවී වර්ගයක කොටසක් ඒ කියන්නෙ අනිවාරෙන් ඔවුන්ගේ ශරීරය වතුරට ගැලපෙන්න හැඩ ගැහිලා ඇති. ඉතින් Aquaman වතුර යට හුස්ම ගන්නෙ ජලක්ලෝම (නැත්නම් කරමල්) වගේ ව්යූහයක් නිසා වෙන්න පුළුවන් (මේක මම හෙව්වෙ නෑ.. ඒ නිසා ස්ථීරවම කියන්න බැහැ. කොමික් ෆෑන්ලා ඉතින් aquaman හුස්මගන්න විදිය මොනවගේද කියලා හිතාගන්න පුළුවන් අයනෙ ). නැත්නම් නිර්වායු ස්වසනය වගේ ක්රමයක් වෙන්න පුළුවන් . Aquaman ගොඩ බිම දෙකේම ඉන්න නිසා... ඉතින් Aquaman කතා කරන එකට කිසිම ප්රශ්නයක් නැහැ. තියෙන ප්රශ්නය ඒ හඬ අනිත් කෙනාට ඇහෙන එක. ඒක කොහොමද වෙන්නෙ ?. මෙහෙමයි හඬ සන්නිවේදනය වෙන්න මාධ්යක් අවශ්ය යි. ඉතින් ජලය කියන්නෙත් ඒකට ගැලපෙන මාධ්යක්. ඉතින් මේ හඬ එක් අයෙක් ගෙ ලඟ ඉඳලා අනිත් කෙනා වෙතට යනවා. ඒ කෙනාත් වතුර යට ඉන්න Aquaman වගේම පුරුදු කෙනෙක් නිසා.. ඒ හඬ ඒ කෙනාට තේරුම්ගන්න පුළුවන් .. ඒත් ඉතින් ප්රේක්ෂකයන් විදියට අපිට ඒක තේරුම්ගන්න බෑනෙ. අපි atlantis අය නෙවෙයි නෙ. ඉතින් ඒ හඬ අපිට ටිකක් වෙනස් විදියට තේරුම්ගන්න පහසු විදියට චිත්රපටය ට එකතු කරනවා. හැබැයි මට කියන්න බෑ. සාමාන්ය මනුෂ්යයකුට වතුර යටදි මේ හඬ ඇහෙන්නෙ නෑ කියලා. මොකද මට අත් දැකීම් නෑ.. ..
.
වෙන කෙනෙක් වතුර යට කතා කලා නම් අන්න ඒක ලොකු ප්රශ්නයක් ... හොඳ ප්රශ්නයක් ...
ඒත් මේක නම් එච්චර වැඩක් ඇති ප්රශ්නයක් නෙවෙයි.. ඒත් ඉතින් හිතේ ප්රශ්නයක් තියා නොගෙන ප්රශ්නයක් අහපු එක හොඳයි.. මම දන්නෙ නැහැ මේ ප්රශ්නෙ ඇහුවෙ කවුද කියලා.. මම නිකන් දැකපු වෙනත් post එකකින් දැනගත්තෙ...
කොමික් වර්ල්ඩ් එකේ real Science නෑ කියන්න බෑ... Comic වල තියෙන්නෙ real science වලට එහා ගියපු වෙන්න පුළුවන් සෛද්ධාන්තිකව කියන්න පුළුවන් විද්යාවක්...
.
කොමික් ෆිල්ම් බලනව නම් පොඩ්ඩක් මොලේ වැඩිපුර වෙහෙසන්න වෙනවා.. මොකද ඔය
1+1 කියලා ඇත්ත ලෝකෙ කියන එක..
1000000+ 2000000 - 4999998 කියලා කොමික් වල දෙනවා ඔච්චරයි වෙනස..
වැරැදි දෙයක් කිව්වා නම් සමාවෙන්න ..
ආහ් ඒ වගේම...
.
" ඔය වගේ දේවල් හිතන්න යන්න එපා.. ෆිල්ම් එක බලලා පාඩුවෙ ඉඳපන් " වගේ comment දාන්න අමතක කරන්න එපා 😍😍😍😍
.
#Zero
@Sricom 

Sunday, December 9, 2018

Titan

Titan...
.
මේක ඇත්තටම ගොඩක් අය වරද්ද ගන්න තැනක්.. wikipedia , marvel.wiki වගේ site වල පවා මේ ගැන හරිම විස්තරයක් නැහැ. මේ Thanos ඉන්න Titan කියන ග්‍රහලෝකය මොකක්ද ?


        ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මේක සෙනසුරුගෙ උප ග්‍රහයා කියලා. ඇත්තටම ඒකට වරදක් කියන්න බෑ.. මොකද ඔය විදියට තමා ගොඩක් data base වල තියෙන්නෙ. ඒත් මේකට ප්‍රධානම හේතුව කොමික්වලදි ටයිටන් කියන නම පෘථිවියෙ අය දැනගත්තම ඔවුන් හිතන්නෙ මේ කියන්නෙ ඔය කියන Titan කියලා.. නමුත් මේක ඇත්ත නෙවෙයි. Infinity stones වල අතීතය හොයනකොට අපිට දැනගන්න ලැබෙනවා. විශ්වයේ ඉඳපු පුරාතනම අය ගැන, එතනදි මේ Titan ගැන සඳහනක් තියෙනවා. ඒ තමයි Titan කියන්නෙ ජීවයට සරුසාර බිමක් කියලා.. නමුත් Marvel විශ්වයේ කිසිම තැනක නැහැ සඳහනක් සෞරග්‍රහ මණ්ඩලය තුල එවැනි ලෝකයක් තියෙනවා කියලා... හැබැයි Titan කියන උපග්‍රහයගෙ ජීවයක් නැහැ කියලත් කිසිම තැනක නැහැ. ඉතින් එක විදියකට මේ තර්කය සාධාරණයි .

       ඒත් Marvel කොමික් වල සඳහනක් නැහැ මේ කියන්නෙ මේ චන්ද්‍රයා ගැන කියලා. මේ Titan කියන ලෝකය නිර්මාණයට පදනම් වෙන්නෙ මේ Titan කියන උපග්‍රහයා . ඒ නිසා තමයි සමහර data base වල මේ ගැන මේ විදියට සඳහන් වෙන්නෙ. මිනිස්සු මුලින්ම විශ්වාස කලා Titan මත ජීවයක් ඇත්තටම තියෙන්න පුළුවන් කියලා. ඒ හරහා fictional stories නිර්මාණය වුනා. මේකත් ඒ ඇසුරින් නිර්මාණය වූවක්.. ඒත් මේ කියන්නෙ ඇත්තටම Titan උපග්‍රහයා ගැනමද?

 *. මේ කියන විදියට මෙයාලා ඉන්නෙ Titan කියන උපග්‍රහයා මත නම් Avengers 3 infinity war කියන්නෙ මුලාවක්.. මොකද Titan මත මිනිසෙකුට සාමාන්‍ය විදියට හුස්ම ගන්න බැහැ. සරලවම කිව්වොත්  Thanos ඇත්තටම ආවෙ මේ ලෝකෙන් නම් ඔහුගෙ වර්ගයා oxygen වලින් නැතිව වෙනත් වායුවක් මූලික කරගෙන ස්වසනය කරනවා වෙන්න ඕන.. ඒ කියන්නෙ Thanosට සාමාන්‍ය විදියට පෘථිවියට එන්න බැහැ.

*. ඊළඟ දේ තමයි ඇයි Thanos පෘථිවියට පහරදෙන්න ලොකීව එවන්නෙ.. ඇයි චිටාවුරි හමුදාව ගෙන්වන්න Tesaract එක පාවිච්චි කරන්නෙ.. චිටාවුරි සේනාව වෙන ලෝකෙක හිටියා කියලා හිතලා අපි හිත හදාගමුකො ඉතින්..

*. Thanos විශ්වය පුරාම ගිහින් ග්‍රහලෝක වලට පහර දෙමින් භාගයක් මරලා දානවා හැම ලෝකෙන්ම . ඇයි එහෙනම් මේ අහල පහල තියෙන පෘථිවියට Thanos එන්නෙ නැත්තෙ. Thanos , Avengers ලට භයවුනා කියලා නම් කියන්න එපා .. මොකද අපි දන්නවනෙ. ලොකී attack කරපු වෙලාවෙ ලොකී වෙනුවට gauntlet නැතුව හරි Thanos හිටියා නම් Avengers ලා පරාදයි.. ඇත්තටම කිව්වොත් gauntlet එක නැතුව නෙවෙයිනෙ. ඒ වෙනකොට gauntlet එක තියෙනවා Thanos ගාව.  ඒ වගේම scepter එකේ mind stone එක තිබුනා. ඒ වගේම tesaract එක ගත්තම space එකත් Thanos ගාව.. ඇයි Thanos එහෙනම් පහර නොදුන්නෙ. තානොස් පෘථිවියෙන් අල්ලස් ගත්තද?
නැත්නම් Marvel එක mistake එකක් කරලද ඕවා හිතන්නෙ නැතුව. 😂😂
එක හේතුවයි Thanosගෙ ලඟ තියෙන ලෝකයක් නොවෙන නිසා ඒ වෙලාවෙ ඉකමනටම පෘථිවියට යවන්න පුළුවන් කෙනා යවනවා.
කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් Thanos වෙන ලෝකෙකට ගිහින් හිටියා නම් කියලා..
ඔව් ඉතින් ඒ කියන්නෙ Thanos අර Strange ඉන්න වෙලාවෙ Titan වලට එන්නෙ අවුරුදු ගානකින්.. මොකද අපි දකින හැම පාරම Thanos හිටියෙ අර පුටුවෙ වාඩි වෙලා ... පාවි පාවි ආතල් එකේ..😂😂😂

              ඒ වගේම Marvel එකෙන් දැනට හදපු හැම film එකක්ම  උපරිම මට්ටමට තාත්වික වෙන්න හැදුවා. විද්‍යාඥයන් ගෙ පවා සහය අරගෙන තිබුනා සමහර අවස්ථාවල.. arc reactor එක එහෙම... ඉතින් මේ වගේ දෙයක් කරලා Marvel එකෙන් ලොකු වැරැද්දක් කරයිද?
අනිත් එක අපි දැකපු Titan කියන්නෙ ටිකක් උණුසුම් ග්‍රහලෝකයක්.. ඒත් Titan නම් ඒ තරම් උණුසුම් වෙන්න බැහැ. අඟහරු මත පවා ද්‍රව අයිස් තිබුනෙ මීට වසර ගනනකට ඉහත.. අපි  වසර දාහක් කියලා ගත්තත් Titan මත එහෙම දෙයක් හිතන්න බැහැ.


     දැන් ඉතින් තවත් කෙනෙක් කියයි. ඔයා මේ විද්‍යාවයි fantasy එකයි පටලවාගෙන නැට්ට පාගගෙන කියලා.🧐🧐 එහෙම නිකමට හරි හිතුනා නම් ඔයා මේ comic සම්බන්ධ දේවල් වලට අලුත් කෙනෙක්..අපි දන්නවා Marvel කියන්නෙ මුල ඉඳන්ම කිසිම කතාවක මේක කරන්න බෑ.. මේක වෙන්නෙ නෑ.. මේක අමුම අමු බොරුවක් ( ඉදිච්ච බොරු නෑ හොඳේ 😂😂)
. ඔය වගේ අපිට කියන්න බැරිවෙන්න හදපු film universe එකක්.. Fantasy ම විතරක් වුනත් මේක නෑමයි කියලා කියන්න පුළුවන් තැනක් Marvel ලා ඉතුරු කරලා නැහැ..
ඉතින් එහෙනම් Titan වල Infinity war එකේ වෙන සටන විහිළුවක් වෙනවා නේද නිකම්ම...
.
           මම කියන්න යන්නෙ නැහැ Titan කියන්නෙ මොකක්ද කියලා.. මම ඔයාලට ප්‍රශ්නයක් දුන්නා... ඔයාලා බුද්ධිය වෙහෙසලා උත්තරයක් දෙන්න ඉතින් ... (වෙහෙසන්නෙ නැතුව උනත් ඉතින් අවුලක් නෑ 😂)...
.
Titan කියන්නෙ.?
.
1. සෙනසුරුගෙ උපග්‍රහයා...
.
2. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් ග්‍රහ ලොවක්...
.
( හේතු දැක්වීම අත්‍යාවශ්‍යයි)
.
#Zero
@Sricom

Tuesday, November 13, 2018

රස වින්දනය

රස වින්දනය...
.
   මේ මාතෘකාව ගොඩක් අය අකමැති මාතෘකාවක් . මොකද එක එක්කෙනාගෙ රස වින්දනය වෙනස් නිසා. මේ post එකෙන් මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ චිත්‍රපට රසවින්දනය ගැන...

          ඉතින් අපි හැමෝම චිත්‍රපට , බයිස්කෝප්  එහෙම නැත්නම් ෆිල්ම් කියන ඒවා බලනවනෙ. මේ කියන්නෙ අන්න ඒ රසවින්දනය ගැන. මුලින්ම කැමරාව හොයාගත්තට පස්සෙ මිනිසුන් යොමු වෙනවා කෙටි කතාවක් රඟ දක්වලා ඒක රූගත කරලා අනිත් අය සමග නරඹන්න. මේක ටික කාලයක් ගතවීමත් සමග මිනිසුන් මේ චිත්‍රපට වෙනස් පැත්තකට හරවනවා. විශේෂයෙන් බටහිර රටවල්  මේ සඳහා යොමුවුනා කියන්න පුළුවන්. ඔවුන්ට ඇත්තටම මේ චිත්‍රපට හරහා දෙයක් දකින්න ලැබුනා. ඒ තමයි චිත්‍රපට කියන්නෙ හැබෑ ලෝකයෙන් මිදුනු වෙනස්ම ලෝකයක් කියන එක. ඉතින් ඔවුන් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරනවා සැබෑ ලෝකයේ මිනිසෙකුට විඳින්න නොහැකි අත්දැකීම් විඳින්න පුළුවන් ආකාරයේ චිත්‍රපට ..
ඒ අනුව තමා sci fi , fantasy වගේ categories චිත්‍රපට කර්මාන්තයට එකතු වෙන්නෙ..

          ලෝකයේ ජීවත් වන ජනතාවගෙන් 5%ක් පමණ චිත්‍රපට නැරඹීමට වරම් නොළැබූ අය. ඒ වගේ ම 2%ක් ඉන්නවා චිත්‍රපට නරඹන්න අකමැති. මේකට මූලිකම හේතුව වෙන්නෙ එයාලා කැමති නැහැ . තවත් කෙනෙකුගෙන් දෙයක් ඉගෙන ගන්න. ඔවුන් තනිව තීරණ ගන්න. තනිව ජීවත්වෙන්න ලැදි අය. නමුත් ලෝක ජනගහනයෙන් 93%ක්ම  පමණ චිත්‍රපට නරඹන්න කැමති අය...

               අපිට ලංකාවෙදි ගොඩක් රටවල , ගොඩක් භාෂා වල film  බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අතරින් අපිට වැඩියෙන්ම සමීප වෙන්නෙ සිංහල චිත්‍රපට. කියන්න සතුටුයි අදකාලෙ නිර්මාණය වන සිංහල චිත්‍රපට වලින් 90%ක්ම පමණ හින්දි , තෙලිඟු චිත්‍රපට වල කොපි. ගොඩක් අය මේ නිසා සිංහල චිත්‍රපට ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගෙ වරදක් නැහැ. ඕනම කෙනෙක් කැමති නැහැ එකම දෙයක් දිගින් දිගටම දකින්න. එකම චිත්‍ර පටය තෙලිඟු , හින්දි සහ සිංහල තුනෙන්ම ගියොත් බලන්න හිතෙනවද තුනම. මට නම් එහෙම හිතෙන්නෙ නැහැ.

              තෙලිඟු සිනමාව කියන්නෙත් ඉහල තත්වයක සිනමාවක්. අද්විතීය ගනයේ පිටපත් තෙලිගු රචකයන් අතින් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට මෙන් එකම රාමුවකට කොටු වූ අධ්‍යක්ෂවරු හේතුවෙන් ඒ නිර්මාණ එතරම් සාර්ථක වෙන්නෙ නැහැ. අධික ලෙස ගීත එකතු කිරීම, අතාත්වික බව බැලූ බැල්මට පෙනෙන සටන් හේතුවෙන් තෙලිඟු සිනමාව පහලට වැටී තිබෙනවා. දක්ෂ නළුවන් රැසක් සිටින මෙ සිනමාවටත් ගොඩක් අය කැමති නැත්තෙ කලින් කියපු හේතු නිසා තමයි.

       හින්දි සිනමාව නම් මේ හැම දෙයම මිශ්‍ර සිනමාවක්. තෙලිඟු චිත්‍රපට වල කොපි , එතකොට සාර්ථක චිත්‍රපට වගේම අධ්‍යක්ෂවරු විසින් විනාශ කල  චිත්‍රපට වගේ හැම අංශයකම චිත්‍රපට හින්දි සිනමාව සතුයි. පැය දෙකක චිත්‍රපටයක් ගත්කල මිනිත්තු 45ක්ම ගීත ඇතුලත් ය. සාර්ථක නළුවන් රැසක් ඔවුන් සතුය. ඉහත කී කරුණු හේතුවෙන් බොහෝ ලෙස රසිකයන් අඩුවී ඇත.

        කොරියන් , ජපන් චිත්‍රපට ද එතරම්ම සාර්ථක මට්ටමක නැත.

         එලෙසම ලොව බොහෝ දෙනෙකුගේ ආදරයට බඳුන්වූ බටහිර සිනමාව . මෙම චිත්‍රපට ආසියානු ප්‍රදේශ වල එතරම්ම ජනප්‍රිය නොවුනත් අනෙක් සෑම තැනකම පාහෙ ජනප්‍රියතම සිනමාවකි. මිනිසුන්ට කිරීමට නොව සිතීමට වත් නොහැකි දේ ඔවුන් චිත්‍රපටය ක් තුලින් පෙන්වීම මෙයට හේතුවයි. එලෙසම සමහර චිත්‍රපට නැරඹීමෙන් පසු මොලය වෙහෙසවා චිත්‍රපටය තේරුම්ගැනීම කරගත යුතුය. මෙවැනි චිත්‍රපට වලට අකමැති පිරිසක් සිටින අතර එයට ප්‍රධාන හේතු කිහිපයකි.

1. භය
බටහිර චිත්‍රපටයකින් භීතියක් දනවයි නම් එය අතිශය සාර්ථක ව කිරීමට ඔවුන් සමත්‍ ය. එවැනි දර්ශන වලට ඇති බිය හේතුවෙන් බොහෝ දෙනෙකු බටහිර සිනමාව ප්‍රතික්ෂේප කරයි.

2. අවස්ථාවක් නොලැබීම
  බටහිර සිනමාවෙන් නිර්මාණය වු චිත්‍රපටයක් නැරඹීමකින් තොරව බටහිර සිනමාව ප්‍රතික්ෂේප කරන පිරිස්ද ඇත. එය ඔවුන්ගේ අවාසනාවම පමණි.

3. බුද්ධිය නොමැතිකම
     බටහිර සිනමාවේ එන බොහෝ චිත්‍රපට තේරුම් ගැනීමට බුද්ධිය අවශ්‍යය. උගත් කම පමණක් ප්‍රයෝජනවත් නොවේ. මෙයට හොඳම උදාහරණය වන්නෙ Marvel සහ DC චිත්‍රපටයන් ය. ඔවුන් වෙනස් ම ආකාරයේ ප්‍රබන්ධයන් හඳුන්වා දෙමින් චිත්‍රපට නිර්මාණය කරන විට ඒවා තේරුම් ගැනීම සරල නැත. එවිට පිරිසක් මෙම  චිත්‍රපට ප්‍රතික්ෂේප කරයි.

4. නොදැනුවත් කම
           බටහිර චිත්‍රපට ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කියමන් නම් "ඕවා මල විකාර " , " ඔහොම දේවල් ඇත්තට වෙන්නෙ නෑනෙ" . එහෙම දෙයක් ඇත්තට වෙනව නම්  ඒ අත්දැකීම ලබන්න චිත්‍රපට මොකටද?. මෙයට හේතුව නම් බොහෝ දෙනෙකු සිතනුයේ තමා සැම විටම නිවැරදී කියාය. ඒ හේතුවෙන් තමාගේ මතයකට පිටින් දෙයක් චිත්‍රපටයක ඇතුලත් නම් එය කිසිදා සිදුවිය නොහැකි යයි සිතන ඔවුන් එම සිනමාව ප්‍රතික්ෂේප කරයි.

5. අවාසනාව
           ලෝකයේ සැම දෙයක්ම ලබාගැනීමට මදව හෝ වාසනාව අවශ්‍ය වේ. ඉතින් මෙවැනි fantasy , sci fi චිත්‍රපට නැරඹීමට සැම කෙනෙකුටම වාසනාවක් නොමැත. නැරඹීමට වාසනාව ඇති බොහෝ දෙනෙකුට එය රසවිඳීමට වාසනාව නොමැත.

            මදකට සිතන්න
Chronicles of the narnia
Lord of the rings
Hobbit
Harry potter
pirates of the caribbean
transformers
DC movies
Marvel movies
...
මෙවැනි චිත්‍රපට නැරඹීමට හෝ රස විඳීමට වාසනාවක් නොමැති අය බොහෝ දෙනෙකු ගැන. ඔවුන්ට මග හැරි ඇත්තේ කුමක්ද?
.
මොහොතකට  හිතන්න මේවා නැරඹීමට මෙන්ම . මේවා රසවිඳීමට ඔබ කෙතරම් වාසනාවන්තද කියා.
.
ස්තුතියි
.
#Zero
@sricom

Rest in peace, Sir "stan lee"

Marvel කියන නමත් එක්කම ඇහෙන ඊළඟ නම තමා stan lee කියන්නෙ. ඔහු මීට දිනකට පෙර  මෙලොව අතහැර ගිහින් තියෙනවා. ඉතින් අපිට තවත් Marvel film බලන්න පුළුවන් වුනත් Stan lee ගෙ cameo එකක් දකින්න නොලැබේවි. ඇත්තටම Marvel fan කෙනෙක් විදියට හිතට දුකක් දැනුනා. Los Angelis නුවර Cedars-Sinai Medical Center හීදී තමා ඔහු මිය ගිහින් තියෙන්නෙ.

Stan lee ගෙ අභාවයත් සමග ඔහු සතුව තිබූ සියළු දේ ඔහුගේ දියණිය වූ J.C. Lee හට හිමිවන බවට වාර්තා වෙනවා. ඉතින් කොහොම හරි අපිට තවත් Stan lee ගෙ Cameo දකින්න නොලැබේවි. ඒත් Stan lee මිනිස්සුන්ගෙ මතකයේ ජීවත් වේවි සදාකාලිකවම. Stan lee කියන්නෙ ආරම්භකයා නොවුනට මම හිතන්නෙ ඔහු Marvel වෙනුවෙන් කල සේවය අසමසමයි. ඔහුට 95ක දීර්ඝායුෂ ලැබුනත් ඔහු අවාසනාවන්ත විලසින් අපෙන් සමුගත්තා.

බෞද්ධයෙක් විදියට මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ
Stan lee ඔබට නිවන් සුව ලැබේවා 
#Zero
@Sricom